Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Sep
22
"මගේ දුකේදිත් සැපේදිත් මා ළඟින්ම සිටියෙ අම්මා, තාත්තා සහ අක්කා. දැන් ඒ තුන්දෙනාට අමතරව ඇයත් මගේ ලගින් ඉන්නවා.."

- "මගේ දුකේදිත් සැපේදිත් මා ළඟින්ම සිටියෙ අම්මා, තාත්තා සහ අක්කා. දැන් ඒ තුන්දෙනාට අමතරව ඇයත් මගේ ලගින් ඉන්නවා.."Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

4 Views

"ඒ දවස් දෙකම මගේ ජීවිතයේ අමතක නොවන සිදුවීම් දෙකක්..."

" එහෙම අයට මගේ කිසිම කැමැත්තක් නැහැ.."

පුංචි තිරයේ පෙම්වතා ලෙසින් රසික ආදරය දිනා සිටින විශ්ව කොඩිකාර හිරු නාළිකාවෙන් විකාශය වන අහස් මාලිගා ටෙලි නා‍ට්‍යයේ සුරාජ් ගේ චරිතයෙන් ඔබ හමුවට එනවා. සුනිල් ටී. ප්‍රනාන්දු නිෂ්පාදනය කරන සුදේශ් වසන්ත පීරිස් අධ්‍යක්ෂණය කරන නවතම සිනමාපටයකින්ද විශ්වගේ රඟපෑම් ඉදිරියේදි දැකගත හැකියි. ඔහු ගැනයි.


විශ්ව පුංචි කාලයේ කවුරු වෙන්නද හීන මැව්වෙ?
පොඩිම කාලෙ ලොකු වුණහම කවුරු වෙනවද කියා හීනයක් තිබුණේ නැහැ. නමුත් පාසලේ සාමාන්‍ය පෙළ කරන අවදිය වනවිට හමුදාවට බැඳෙනවා කියන සිතුවිල්ල තිබුණා. ඒ කාලයේ පාසල් ශිෂ්‍යභට කණ්ඩායමට බැඳී සිටි නිසා ඒ සිතුවිල්ල ඇති වෙන්න ඇති. නමුත් පාසල් අධ්‍යාපනය අවසන් වෙලා දැනුම් තේරුම් ඇතිවෙන විට පියාගේ අඩිපාරේ යමින් කලාවට සම්බන්ධ වෙනවා කියල තීරණයකට එළැඹුණා.

රංගන ශිල්පියෙකු වීම ගැන තෘප්තිමත්ද?
රංගන ශිල්පියෙක් වීම ගැන ගොඩක් සතුටුයි. මම හිතනවා වෙනත් වෘත්තියක් තෝරා නොගෙන කලාව තෝරා ගැනීම හොඳයි කියා.

සිත් ගත් සිනමාපටය, රංගන ශිල්පියා සහ ශිල්පිනිය..
විජය කුමාරතුංගයන් රඟ පෑ 'නොම්බර දාහත', සූරයන් අතර වීරයා, 'මමයි රජා 'චිත්‍රපටවලට කැමැතියි. ඒ වගේම කැමැතිම රංගන ශිල්පියාත් විජය කුමාරතුංග. මම අසා ඇති පරිදි එතුමා හොඳ ගතිගුණ තිබෙන පුද්ගලයෙක්. ඒ වගේම අපේ සිනමාවේ අනෙක් රංගන ශිල්පීන්ගෙන් නොදකින හොඳ කඩවසම් පෙනුමක් තිබුණා. පුංචි කාලයේ සිටම ඔහුගේ රංගනයට සහ පෙනුමට ආසා කළා. ඒ වගේම මාලනී ෆොන්සේකා අපේ ප්‍රවීණ රංගන ශිල්පිනියට කැමැතියි. ඇයගේ රංගනය වගේම රූපයත්, නිහතමානී ගතිගුණත් මගේ සිත් ගත්තා.

කැමැතිම ගායකයා සහ ගායිකාව...
එච්. ආර්. ජෝතිපාල සහ ලතා වල්පොලගේ හඬට කැමැතියි. මම හිතන්නේ ඔවුන් දෙපළගේ හඬ අපේ සිනමාව ඔසවා තැබීමට බෙහෙවින් බලපෑවා.

ජීවිතයේ අමතක නොවන සිදුවීම සහ දවස..
ජීවිතයේ අමතක නොවන සිදුවීම් සහ දවස් දෙකක් තිබෙනවා. ඒ තමයි කවින්දා ගංගාදරී දියණිය ඉපදුණු දවසත් ඔනෙත් දනාල් කොඩිකාර පුතා ඉපදුණු දිනය. ඒ දවස් දෙකම මගේ ජීවිතයේ අමතක නොවන සිදුවීම් දෙකක්.

තවත් කෙනෙක් කරනවාට අකැමැතිම දෙය..
තව මනුස්සයකුගේ කාලය නිකරුෙණ් නාස්ති කිරීම සහ වෙලාවට වැඩ නොකිරීම මම අකැමැති ගුණාංග. ‍ඇතැම් අවස්ථාවල කෙනෙකු උදෑසන අවදි වී හිතේ සතුටෙන් දවසේ වැඩ ආරම්භ කරද්දී තව කෙනෙක් ඇවිත් නිකරුණේ කතා කරමින් ඔහුගේ කාලය නාස්ති කරමින් සිටියහොත් එය අනෙක් පුද්ගලයාට කරන අපරාධයක්. ඒ වගේම තමයි වේලාවට වැඩ නොකිරීමෙන් තවත් කෙනකුගේ කාලය සහ මුදල් අපතේ යා හැකියි. ඒ දෙකම කරන පුද්ගලයන්ට මම කැමැති නැහැ.

ඔබ රටේ නායකයා වුණොත් පළමුව කරන්නේ...
ජාති, බේද, උස්, පහත් කියන මිනිසුන් බෙදා වෙන්කරන ප්‍රතිපත්ති නැති කරනවා. එවැනි බෙදීම් නිසා තමයි අපේ රටේ සංවර්ධනය ඇන හිට තියෙන්නේ. මේ දේවල් සමාජයෙන් තුරන් කළහොත් මම හිතනවා රට සංවර්ධනය කිරීම පහසුවෙයි කියා. ඒ වගේම වැඩක් කරගන්න ඇතැම් ආයතනවලට ගිය විට දවස් දෙක තුන රස්තියාදු කරනවා. එවැනි සිදුවීම්වලට මුහුණ දෙන මිනිසුන්ගේ කාලය, මුදල් අපතේ යනවා.

රංගන ශිල්පියකු ලෙස සමාජයට දෙන ආදර්ශය කුමක්ද?
මම වෙලාවට වැඩ කරන රංගන ශිල්පියෙක්. රූගත කිරීමකට වුවත් අනිවාර්යයෙන් වෙලාවට යනවා. එමගින් බලාපොරොත්තු වන්නේ නිෂ්පාදකවරයා රැකීමත්, මා නිසා තවත් කෙනකුට බාධාවක් නොවීමත්. මම හැම වෙලේම හිතනවා අපි හැරුණත් මිනිසුන්ට ආදර්ශවත් විදිහට වෙන්න ඕන කියන එක. අපි ලෝකෙට පේන්න මොන දේ කළත් දවසක අපිට මහ පොළොවට වැළලිලා යන දවසක් එනවා. එදාට අපි කිසි දෙයක් ගෙන යන්නෙ නෑ. ඒ නිසා ජීවත් වන කාලය තුළ පිරිසුදුවට ලස්සනට ජීවත් විය යුතුයි.

අසරණ වූ විට කවුද ළඟින්ම සිටින්නේ?
විවාහයට පෙර මගේ දුකේදිත් සැපේදිත් මා ළඟින්ම සිටියෙ අම්මා, තාත්තා සහ අක්කා. දැන් ඒ තුන්දෙනාට අමතරව මගේ බිරියත් මා ශක්තිමත් කරමින් මගේ ළඟින්ම ඉන්නවා.

සංචාරය කරන්න කැමැතිම ස්ථානය..
මගේ ගම මහනුවර. මම කැම­ැතිම නුවර ඉන්න. ඊට අමතරව නුවරඑළියෙ සංචාරය කරන්න කැමැතියි සීත දේශගුණය නිසා. ඒ වගේම පොලොන්නරුව, කතරගම ආදි ගම්බද ප්‍රදේශවල ඇවිදින්න කැමැතියි. විශේෂයෙන් කුඹුරුවල ඇවිදින්න තමයි වැඩියෙන්ම කැමැති.
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top