Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Sep
14
අවුරුදු 16ක් බාල තරුණයෙකුගේ අනියම් ඇසුරට ලොල් වූ සුරූපී හෙදිය ඔහු අතින්ම අවසන් ගමන් ගිය හැටි හෙළිවෙයි - Photos

- අවුරුදු 16ක් බාල තරුණයෙකුගේ අනියම් ඇසුරට ලොල් වූ සුරූපී හෙදිය ඔහු අතින්ම අවසන් ගමන් ගිය හැටි හෙළිවෙයි - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

2 Views

අනියම් ඇසුර නිසා දරු තිදෙනාත් අහිමි වෙයි..
හෙදියගෙන් උදව්වක් ඉල්ලන් ඇවිත් යාළුවෙලා..
 
අගෝස්තු 25 වන දින වාරියපොළ පොලිසියට ලැබුණු ඇමතුමකින් කියවුණේ වේරපොළ ප්‍රදේශයේ කුලී නිවසක අඹු සැමියන් අතර ඇතිවූ ගැටුමකින් කාන්තාවක තුවාල ලබා වැටී සිටින බවයි. එැසැණින් අදාළ ස්ථානයට ගිය පොලිසිය කාන්තාවගේ ස්වාමියා අත්අඩංගුවට ගත්තේ ලැබුණු තොරතුරු හා සාක්ෂි මතය.
 
ශ්‍යාමිලා පතිරාජ 45 හැවිරිදි හෙදියකි. කුරුණෑගල රෝහලේ සේවය කළ ඇය දරුවන් තිදෙනෙකුගේ මවකි.


කොන්දොස්තරවරයෙකු ලෙස සේවය කළ වීරසේකර සමඟ ශ්‍යාමිලා විවාහ වී සිටියේ පාසල් සමයේ ඇති ප්‍රේම සම්බන්ධයක් මතයි. පසුව වීරසේකර ග්‍රාමසේවකවරයෙක් ලෙස සේවයට එක්වී තිබේ.
 
මුලදී ඔවුන් අතර රණ්ඩු ඇතිවීම ඉතා කලාතුරකින් සිදුවුණු දෙයක් වුවත් පසුව එය සුපුරුදු දෙයක් බවට පත්වුණු අතර එය දුරදිග යාම හේතුවෙන් ශ්‍යාමිලා වැඩිමහල් දරුවා සහ  බාලම දරුවාත් රැගෙන නිවසින් පිටත්ව යාමට කටයුතු කර තිබුණි.
 
ශ්‍යාමිලා එසේ ගොස් කුලී නිවසක ජීවත් වීමට පටන් ගෙන තිබුණි. වීරසේකර ඇයව නිවසට රැගෙන ඒමට උත්සාහ කළ ද එය සාර්ථක නොවුණි. ඒ නිසා වීරසේකර මත්පැන් බීමට ඇබ්බැහි විය.
 
ශ්‍යාමිලා රැකියාවට ගියේ බස් රථයෙනි. දිනක එසේ යන අතර ඇයට හමුවූ තරුණයෙකු ඔහු සමඟ හිතවත් වී එම  හදිසි අනතුරකට ලක්ව රෝහලේ ප්‍රතිකාර ලබන තම සහෝදරයා පිළිබඳ සොයා බලන ලෙස ඇගෙන් ඉල්ලා තිබුණි.
 
ප්‍රදීප් නම් වූ එම තරුණයාගේ පියාත් සහ සහෝදරයින් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් බව ඇය දැන සිටියේ නැත. 29 හැවිරිදි ප්‍රදීප් සමඟ ඇගේ සම්බන්ධය දුර දිග ගිය අතර එය දෙදෙනා අතර ලිංගික සම්බන්ධතා පවත්වන තැන දක්වාම දුරදිග ගියේය. ඒ අනුව අවස්ථා ගණනාවකදී ඔවුන් ලැගුම්හල් වෙත ගොස් තෘප්තිමත් වන්නට කටයුතු කර තිබුණි.
 
තම මවගේ වෙනස තරුණයෙකු වූ ඇගේ වැඩිමහල් දරුවාට තේරුම්ගිය අතර ඒ පිළිබඳ ඔහු තම පියාට දැන්වීමට කටයුතු කළේය.
 
මේ පිළිබඳ වීරසේකර ශ්‍යාමිලාගෙන් විමසීමේ දී ඇය එය සත්‍යයක් බව පවසා සිටියේය. ඒ අනුව වීරසේකර තම දරුවන් දෙදෙනා ශ්‍යාමිලා කුලියට සිටි නිවසින් ඔහු සිටි නිවසට කැඳවාගෙන ආවේය.
 
ඒ හේතුවෙන් ශ්‍යාමිලාට රිසිසේ තම ළාබාල පෙම්වතා සමඟ පෙම්සුව විඳීමට අවස්ථාව හිමිවූ අතර ටික දිනක් යන විට ඔහු මත්ද්‍රව්‍යවලට දැඩිව ඇබ්බැහි වූ පුද්ගලයෙක් බව අවබෝධ විය. ඒ නිසාම ශ්‍යාමිලාගේ මුළු පඩියම පැහැරගෙන මත්ද්‍රව්‍ය භාවිතා කරන්නට ඔහු කටයුතු කරන්නට විය.
 
මේ හේතුවෙන් ශ්‍යාමිලා යළි වීරසේකරගේ අනුකම්පාව අපේක්ෂාවෙන් නිවසට පැමිණිය ද වීරසේකර ඇයව භාරගත්තේ නැත. එම නිසා වීරසේකරගේ නිවස ආසන්නයේ ඇති ඔහුගේ සහෝදරයාගේ නිවසේ නවාතැන් ගැනීමට ශ්‍යාමිලාට හැකිවූ අතර එසේ වුවත් පෙම්වතාගෙන් ගැලවීමට ඇයට හැකියාවක් ලැබුණේ නැත.
 
එක් අවස්ථාවක ඔහු නිවසට පැමිණ බෝම්බයක් පෙන්වා තර්ජනය කිරීම නිසා භීතියට පත් නිවැසියන්  ශ්‍යාමිලාට නිවසින් පිටවන ලෙස දැනුම් දුන්නේය. ඉන්පසු නේවාසිකාගාරවල සැඟවී ඉන්නට ශ්‍යාමිලා කටයුතු කළ ද එය ද තාවකාලික විසඳුමක් වූ අතර පෙම්වතා එතැනට ද පැමිණ ඇයට කරදර කරන්නට විය.
 
අවසානයේ ඇය ප්‍රදීප් සමඟ වේරපොළ ප්‍රදේශයේ නිවසක පදිංචි විය. ඉකුත් අගෝස්තු 25 වන දින රාත්‍රී වැඩ මුරය නිමා කර උදෑසනම ඇය අනූදහසකට ආසන්න ඇගේ වැටුපත් රැගෙන පැමිණියේ වැටුපෙන් කොටසක් අත්බෑගයේ වෙනත් ස්ථානයක් සඟවාගෙනය. ඒ ප්‍රදීප්ගෙන් බේරා ගැනීම සඳහාය.
 
එදින පස්වරු දෙකට පමණ ප්‍රදීප් පැමිණියේ ශ්‍යාමිලාගේ නමට ලබාගෙන තිබූ යතුරුපැදිය උකස් කර එම මුදල්වලින් ලබා ගත් මත්පැන්වලින් හොඳටම වෙරිවීගෙනය. ශ්‍යාමිලාගේ වැටුප දිනකින් පමාවූ නිසා ඔහු යතුරුපැදිය උකස්කර මුදල් ලබා ගෙන ඇති අතර ඒ සම්බන්ධයෙන් ඇතිවූ කතාබහ පසුව ගුටිබැට හුවමාරුවක් බවට පත්විය.
 
රණ්ඩුව අතරතුර ශ්‍යාමිලාගේ අතට හසුවූ ගෑස් බටයේ රෙගියුලේටරයෙන් ප්‍රදීප්ගේ මුහුණට පහරක් එල්ල කර අතර එය ශ්‍යාමිලා වෙතින් උදුරගෙන ඉන් ඔහු ඇයට ප්‍රතිප්‍රහාර කිහිපයක් එල්ල කළ අතර ශ්‍යාමිලා ඉන්පසු බිම ඇද වැටුණි. ලේ ගලන තුවාල සහිතව වැටී සිටි ඇගේ හිසට යටින් කොට්ටයක් තැබූ ඔහු එම කොට්ටයේම හිස තබාගෙන නිඳා ගත්තේය.
 
ඔහු නැවත සවස 5 ට පමණ අවදිවන විට සියල්ල සිදුවී අවසන් වී තිබුණි. වහාම පාර අසළ ඇති කඩයට දිවගොස් ළඟ ඇති  119 අංකයට සිද්ධිය දැනුම් දෙන ලෙස පවසා ත්‍රීවීලරයක් කතාකර ගෙන ශ්‍යාමිලා රෝහලට රැගෙන ගියත් ඒ වන විට ඇය මිය‍ගොස් තිබුණි.
 
පසුව ඔහුව පොලිස් අත්ඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණි.
 
ශ්‍යාමිලාගේ මෘත දේහය වීරසේකර විසින් භාරගෙන හත් දවසේ දානය පැවැත්වීමට ද කටයුතු කර තිබුණි.
 
අශෝක චන්ද්‍රෙස්කර


ඝාතනයට ලක්වූ ශ්‍යාමිලා
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top