සැකකරු දැරණියගල පදිංචි 32 හැවිරිදි මෙම සැකකරු පොලිස් විශේෂ කාර්ය බළකායේ වසර පහක් සේවය කළ දෙදරු පියෙක් බවයි අධිකරණයෙදී අනාවරණය වී ඇත්තේ .
උපකාරක පංති යමින් සිටි මෙම සිසුවිය අතරමඟදී දැක හඳුනාගෙන ප්‍රේම සම්බන්ධයක් පවත්වා පසු අවස්‌ථා කිපයක්‌ම ඇය දූෂණය කර ඇය ගැබ් ගැනීම වැළැක්‌වීමට සැකකරු සිසුවියට පෙති වර්ගයක්‌ද පානය කිරීමට ලබා දී තිබෙනවා.
මේ වන විට සිසුවිය අවිස්‌සාවේල්ල මූලික රෝහලේ ප්‍රතිකාර ලබන අතර ඇගේ අධ්‍යාපන කටයුතු ද අතර මග නැවතී ඇති බවයි පැවසෙන්නේ.
සිද්ධිය සම්බන්ධ නඩු විභාගය නැවත සැප්තැම්බර් 10 වන දා පැවැත්වීමට නියමිතයි.