Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Sep
03
සන්සුන්ව සිටි උපුල් තරංගට යකා වැහෙයි,හයේ පහර වැස්සකින් සියල්ල පුදුම කරමින් ශතකය වාර්තා කරමින් කුසලානය දිනාගනී-Video

- සන්සුන්ව සිටි උපුල් තරංගට යකා වැහෙයි,හයේ පහර වැස්සකින් සියල්ල පුදුම කරමින් ශතකය වාර්තා කරමින් කුසලානය දිනාගනී-VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

3 Views

තිසර පෙරේරා වාසනාව බිම දායි
සුපිරි පිතිකරු ආබාධයකට ලක්වෙයි

උපුල් තරංගගේ (නොදැවී 104) විශිෂ්ට පිතිහරඹය හමුවේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ විස්සයි20 ප්‍රධාන ක්‍රිකට් තරගාවලියේ ශූරතාව හිමිකර ගැනීමට කොළඹ කණඩායම ඊයේ (2 වැනිදා) සමත්විය. ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැති අවසන් මහා තරගයේදී දඹුල්ල කණ්ඩායම කඩුලු 7 කින් පරාජයට පත්කළ කොළඹ කණ්ඩායම ජයග්‍රහණය වාර්තා කළේය.

ජයග්‍රහණය සඳහා ලකුණු 164 ක ඉලක්කයක් හඹාගිය කොළඹ කණ්ඩායම ඕවර 18.2 කදී කඩුලු 3 ක් පමණක් දැවී ඉලක්කය පහසුවෙන් පසු කිරීමට සමත්විය.

ලකුණු 21 ක් රැස්කර සිටියදී අශාන් ප්‍රියංජන්ගේ පන්දුවක් හමුවේ තිසර පෙරේරා හට ලබාදුන් පහසු උඩපන්දුව අතහැරීමේ වාසිය ලබාගත් උපුල් තරංග මෙම තරගාවලියේ දෙවැනි ශතකය පන්දු 53 කදී ලබාගැනීමට සමත්විය.


ඉනිම නිමාවනතෙක් කඩුල්ලේ රැඳී සිටිමින් කොළඹ කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගිය උපුල් තරංග පන්දු 55 කදී හයේ පහර 9 ක් සහ හතරේ පහර 6 ක් සමගින් ලකුණු 104 ක් රැස්කළ අතර මෙම තරගාවලිය පුරා පිත්තෙන් දස්කම් දැක්වූ ඔහු තරග 6 කදී ලකුණු 414 ක් රැස්කරමින් වැඩිම ලකුණු රැස්කළ පිතිකරුවන් අතර පෙරමුණ ගැුනීමට සමත්විය.

තරංගට අනගි සහයක් ලබාදෙමින් ඉනිම අවසන් වනතෙක් අනෙක් අන්තයේ පන්දුවට පහරදුන් ශෙහාන් ජයසූරිය පන්දු 22 කදී හයේ පහරක් සහ හතරේ පහර 3 ක් සමගින් ලකුණු 35 ක් රැස්කළ අතර සිවුවැනි කඩුල්ල සඳහා තරංග සමගින් එක්ව පන්දු 48 කදී නොබිඳුණු ලකුණු 90 ක සම්බන්ධතාවයක්ද ගොඩනැගීය.

දඹුල්ල කණ්ඩායමේ නායක ඉසුරු උදාන පන්දු යවන්නන් 8 දෙනෙකු යොදාගත්තද කොළඹ කණ්ඩායමේ ජයග්‍රහණය වැලැක්වීමට අපොහොසත් විය.

තරගාවලියේ දක්ෂම පිතිකරුවා සහ අවසන් තරගයේ දක්ෂතම ක්‍රීඩකයාට හිමි සම්මාන ද්විත්වය හිමිකර ගැනීමට උපුල් තරංග සමත්වූ අතර තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයාට හිමි සම්මානය දිනාගැනීමට දඹුල්ල කණ්ඩායමේ ධනුෂ්ක ගුණතිලක සමත්විය.

කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් දඹුල්ල කණ්ඩායම ඕවර 20 අවසානයේ කඩුලු 8 ක් දැවී ලකුණු 163 ක් රැස්කිරීමට සමත්විය.

සම්මු අශාන්ගේ පන්දුවක් හමුවේ දඹුල්ල කණ්ඩායමේ පළමු කඩුල්ල ලෙස ධනුෂ්ක ගුණතිලක ලකුණු 2 කට දැවීයාමත් සමගින් පිතිකරු ලැයිස්තුවේ උසස්වීමක් ලැබූ ඩිල්රුවන් පෙරේරා තෙවැනි පිතිකරු ලෙස පන්දුවට පහරදීමට පැමිණියේය. මුහුණදුන් පළමු පන්දුවෙන්ම හයේ පහරකින් ලකුණු රැස්කිරීම ආරම්භකළ ඩිල්රුවන් පෙරේරා ඉතා අවාසනාවන්ත ලෙස දෙවැනි පන්දුවේදී ප්‍රියමාල් පෙරේරා කඩුල්ල වෙත එල්ල කළ පන්දුවකින් දුවද්දී දැවීයාමකට හසුවිය.

තෙවැනි කඩුල්ල සඳහා සධීර සමරවික්‍රම සමගින් පන්දු 15 කදී ලකුණු 27 ක සම්බන්ධතාවයක් ගොඩනැගූ රමිත් රඹුක්වැල්ල සිවුවැනි කඩුල්ල සඳහා අශාන් ප්‍රියංජන් සමගින් එක්වද පන්දු 31 කදී ලකුණු 44 ක තවත් සම්බන්ධතාවයක් ගොඩනැගීය.

දඹුල්ල කණ්ඩායමේ ලකුණු පුවරුව 92 ක් වනවිට අර්ධ ශතකයක් ලබාගනිමින් පිත්තෙන් දස්කම් දැක්වූ රමිත් රඹුක්වැල්ල පස්වැනි කඩුල්ල ලෙස දැවී ගියේය. හුදකලා සටනක නිරත වෙමින් සිය කණ්ඩායමේ ලකුණු පුවරුව ඉහළ දැමීමට දැඩි උත්සහයක නිරතවූ රඹුක්වැල්ල, අකිල ධනංජයගේ පන්දුවක් හමුවේ නුවන් ප්‍රදීප් අතට උඩපන්දුවක් දෙමින් දැවීයන විට ලකුණු 57 ක් රැස්කර සිටියේය. පන්දු 40 කට මුහුණදුන් රඹුක්වැල්ලගේ ඉනිමට හයේ පහර 3 ක් සහ හතරේ පහර 7 ක් ඇතුළත් විය.

තරගාවලිය ආරම්භයේදී දඹුල්ල කණ්ඩායමේ නායකයා වශයෙන් නම්කළද ආබාධ තත්වයක් හේතුවෙන් මූලික තරග සඳහා එක් නොවූ තිසර පෙරේරා අවසන් තරගයට එක්වුවද අවාසනාවන්ත දුවද්දී දැවීයාමකට හසුවීම හේතුවෙන් පන්දු 7 කදී ඔහුට රැස්කිරීමට හැකිවූයේ ලකුණු 4 ක් පමණි.

ලකුණු 100 කට කඩුලු 6 ක් ලෙස පැවැති දඹුල්ල ඉනිම ලකුණු 150 සීමාවෙන් ඔබ්බට රැගෙන ගිය හසිත බෝයගොඩ සහ වනිඳු හසරංග හත්වැනි කඩුල්ල සඳහා පන්දු 39 කදී ලකුණු 59 ක් එක්කිරීමට සමත්වූහ. හසිත බෝයගොඩ පන්දු 26 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 3 ක් සමගින් ලකුණු 40 ක් රැස්කළ අතර වනිඳු හසරංග පන්දු 18 කදී හතරේ පහර 2 ක් සමගින් ලකුණු 22 ක් රැස් කළේය.

ජීවන් මෙන්ඩිස් ලකුණු 27 කට කඩුලු 2 ක් සහ අකිල ධනංජය ලකුණු 37 කට කඩුලු 2 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ.

දඹුල්ල කණ්ඩායම සමගින් පැවැති මූලික වටයේ අවසන් තරගයේදී ආබාධයකට ලක්වූ දිනේෂ් චන්දිමාල් ඊයේ තරගයට සහභාගී නොවන අතර උපුල් තරංග කොළඹ කණ්ඩායමත් ඉසුරු උදාන දඹුල්ල කණ්ඩායමත් මෙහෙයවූහ.


Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top