Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Aug
31
"ඇයි දන්නෙ නෑ එංගලන්තයේ පත්තරකාරයන්ට ඩොඩීව පෙන්නන්න බැරි.." පෙම්සුව විදිමින් සිටි ඩයනාගේ ඉරණම විසඳූ දිනයේ අන්තිම හෝරා කිහිපය

- "ඇයි දන්නෙ නෑ එංගලන්තයේ පත්තරකාරයන්ට ඩොඩීව පෙන්නන්න බැරි.." පෙම්සුව විදිමින් සිටි ඩයනාගේ ඉරණම විසඳූ දිනයේ අන්තිම හෝරා කිහිපයHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

11 Views

"‘මම කවදාවත් රජ කුමරියක සමඟ කතා කරලා නෑ. මම කොහොමද ඔබට කතා කළ යුත්තේ.."

"‘මට ඩයනා කියලා කතා කරන්න. ඒ හොඳටම ඇති.."

ලොව පුරා මිලියන ගණනාවක ජනතා සිත් එක බැල්මකින් වසඟ කළ එංගලන්තයේ රෝස කුසුම ඩයනා කුමරිය ජීවිතය අතහැර ගියේ මීට අවුරුදු විසිඑකකට කළිනුයි. කෙතරම් කාලයක් ගතවුණත් ඩයනාට ආදරය කළ ජනතාව ඇයගේ මතකය තවමත් හදවතේ ගුලි කරගෙන සිටීම පුදුමාකාරයි. සැබැවින්ම ජීවත්වූ අවුරුදු 36ක කෙටි කාලයේ දී ඇය ලැබූ ජනප්‍රියත්වය මෙලොව හැරගොස් ගතවූ අවුරුදු 21ක් ඇතුළත තව තවත් ඉහළ යාමේ රහස කුමක්ද..? සුප්‍රකට පොප් ගී තරුවලටත්, නමගිය හොලිවුඩ් නළු නිලියන්ටත් පමණක් සීමාවී තිබූ ජනප්‍රියත්වය තමන් වෙත නතු කරගැනීමට ඇය එතරම් ලොකු දේවල් නම් වැය කළේ නෑ.


ඇය පොදු ජනතාවගේ ජිවිත පාට කළාද..? නැතිනම් පොදු ජනතාව ඇගේ ජිවිතය පාට කළාද..? ඊට හරි පිළිතුරක් නෑ. මිනිස්සු දන්නේ මෙච්චරයි අපි ඩයනාට තවමත් ආදරෙයි. ඒ ජීවන සුවඳ...අපේ හදවත්වලට තවමත් දැනෙනවා කියන කාරණාව විතරයි.

1997 අගෝස්තුවේ 31 වැනිදා ඒ කියන්නේ ඩයනාගේ ඉරණම විසඳූ දිනයේ අන්තිම හෝරා කිහිපය ගැන අදත් කවුරුත් කතා කරනවා. ඇගේ ජිවන ගමනේ අන්තිම හෝරා කිහිපය...ඒක තමයි ඇගේ අවසාන ගිම්හානය...

අගෝස්තු 30 වැනිදා පස්වරු 4.30 සෙනසුරාදා

සිය පෙම්වතා ධන කුවේරයකු වූ ඊජිප්තු ජාතික ඩොඩී අල් ෆෙයිඩ් සමඟ හිතේ හැටියට නිවාඩුව ගත කරමින් සිටි ඩයනා ඔවුන්ගේ ඉරණම තීන්දු වුණු පැරිස් නුවරට ළඟා වුණේ අගෝස්තු 30 වැනිදායි. ඩොඩීගේ පියා ඩොලර් මිලියන 170 ක් වැය කරමින් මෑතක දී ප්‍රතිසංස්කරණය කළ රිට්ස් හෝටලය ඔවුන්ගේ නවාතැන වුණා. රිට්ස් හෝටලයේ සභාපතිවරයාගේ පෞද්ගලික සේවකයා 46 හැවිරිදි ක්ලෝඞ් රූට්ලට් මහා දොරටුව අභියස දී ඔවුන් පිළිගත්තා. ඩයනා දුටු මොහොතේ ඔහු සිටියේ දැඩි ලෙස කැළඹීමකින්.

‘මම කවදාවත් රජ කුමරියක සමඟ කතා කරලා නෑ. මම කොහොමද ඔබට කතා කළ යුත්තේ?‘ ඔහු ඩයනා කුමරියගෙන් එසේ විමසා සිටියා.

ඔහුගේ දෑත උණුසුම් අයුරින් අල්ලා ගත් ඩයනා කුමරිය මෙසේ කීවා.

‘මට ඩයනා කියලා කතා කරන්න. ඒ හොඳටම ඇති.‘
පස්වරු 5.45

ලන්ඩන් නුවර සිටි එංගලන්තයේ ඩේලි මේල් පුවත්පතේ මාධ්‍යවේ දී රිචඩ් කේගේ දුරකතනයට ඇමතුමක් ලැබුණා. එය ලැබුණේ රීට්ස් හෝටලයේ සිටි ඩයනා කුමරියගෙනුයි. ඔවුන් වසර පහක් තිස්සේ හොඳ මිත්‍රයන් වී සිටියා.

‘හෙට පත්තරේ මං ගැන මොනවද යන්නේ...? ඇයි දන්නෙ නෑ එංගලන්තයේ පත්තරකාරයන්ට ඩොඩීව පෙන්නන්න බැරි..? එයා මුස්ලිම් කෝටිපතියෙක් නිසාද..? ‘ මේ වගේ තොරතෝංචියක් නැති ප්‍රශ්න වැලක් ඩයනා ඔහුගෙන් ඇසුවා.

ඩොඩිගේ ධන සම්භාරය නොව ඔහුගේ පියා සම්බන්ධව ගැටලුවක් ඇතැයි රිචඩ් ඇයට කීවා.

පස්වරු 5.50

බැල්මෝරල් මාලිගාවට දුරකතන හඬදෙන්නට වුණා. එය තමා ඩයනාගෙන් ඇගේ දරුවන්ට ලැබුණු අවසන් දුරකතන ඇමතුම. විලියම් ඒ මොහොතේ සිටියේ ඔහුගේ ඥාති දරුවන් සමඟ කෙළි සෙල්ලමේ නිරතවයි. මව සමඟ මොහොතක් කතා කළ විලියම් කුමරු පසුව සිය බාල සොයුරු හැරීටත් අඬ ගැසුවා. හැරී සිය මාපියන් සමඟ දුරකතනයෙන් කතා කිරීමට වැඩි කැමැත්තක් දැක්වූ කෙනෙක් නෙවෙයි. එම කෙටි දුරකතන සංවාදය නිමාවට පත්වුණේ පසුදින මුණගැසීමේ අරමුණ ඇතිවයි.

පස්වරු 7.00

මොහොතකට පසුව ඩොඩි සහ ඩයනා කුමරිය රීට්ස් හෝටලයෙන් පිටත්වුණා. ඔවුන්ගේ ගමනාන්තය වුණේ ඩොඩීගේ පෞද්ගලික නිවසයි. ඉන් පසුව චෙස් බිනොයිට් අවන්හල වෙත යාමටත් ඔවුන් කතිකා කර ගත්තා. එය ඔවුන් වෙනුවෙන් වෙන් කර තිබුණේ රාත්‍රී 9.00ටයි.

පස්වරු 7.15

දෙදෙනා ඩොඩීගේ පෞද්ගලික නිවසට පැමිණෙද් දී ඡායාරූප ශිල්පීන් සිය ගණනක් එතැන රැඳී සිටියා. ඔවුන් කැමරා කාච යොමු කරමින් සිටියේ ඩයනා කුමරියගේ මුහුණට අඟල් කිහිපයක් නුදුරෙනුයි. රියැදුරු රීස් ජෝන්ස් සහ ඩොඩීගේ පෞද්ගලික ආරක්ෂක වින්ෆීල්ඞ් ඔවුන් වැළැක්වීමට දැඩි උත්සාහයක නිරතවුණා. එය සාර්ථක වුණේ නෑ.

රාත්‍රී 9.35
එදින රාත්‍රියේ ෂැම්පේන් බෝතලයකින් සතුට සැමරූ ඩයනා සහ ඩොඩී නිවාස සංකීර්ණයෙන් නික්ම ගියා. ඩයනා කුමරිය සුදු පැහැති ජීන්ස් කලිසමක් හා අත් නැති කළු පැහැති හැට්ටයක් හැඳ සිටි අතර ඊට උඩින් කළු පැහැති කබායක් පැළඳ සිටියා. ඇය අඩි උස පාවහන් ද පැළඳ සිටියා. ඩොඩී විසින් තෑගි කරනු ලැබූ මුතු ඇල්ලූ අත් පළඳනාවක් ඇගේ වමතේ තිබුණා. ඩොඩී දුඹුරු පැහැති කබායකින් සැරැසී ගොපලු කොල්ලන් භාවිත කරන ආකාරයේ සපත්තු යුගලක් පැළඳ සිටියා.

දෙදෙනා නික්ම යද් දී පැපරාසි ඡායාරූප ශිල්පීන් ද ඔවුන්ගේ ස්කූටර්වලින් මෝටර් රථය ලූහු බඳින්නට වුණා. ඩයනා පැහැදිලිව ඡායාරූප ගත කිරීමට අවශ්‍ය නිසා පැපරාසීන් ස්කූටර් රථ පදවන්නට වූයේ මෝටර් රථයට සමගාමීව පදික වේදිකාව ඔස්සේයි. ඒ නිසාම පදිකයන්ට බිත්තියට තල්ලුවී ජීවිත බේරා ගැනීමට සිදුවී තිබුණා. ඩොඞීගේ ආරක්ෂකයන් දෙදෙනා මෝටර් රථය පසුපසින් පැමිණෙමින් සිටියේ රේන්ජ් රෝවර් රථයකින්. එහෙත් ගමනාන්තය ගැන ඔවුන් කිසිවක් දැන සිටියේ නෑ. එය දැන සිටියේ ඩොඩී හා ඩයනා පමණයි.

මොහොතක් ගතවෙද් දී පැපරාසීන්ගේ ස්කූටර් රථ 15ක් පමණ මෝටර් රථය වටකර ගත්තා. එය ඩොඩිගේ අධික කෝපයට හේතුවක් වුණා.

‘මේක මහා විකාරයක්. මේක ඕනෑවට වැඩියි.‘ අසූහාරදාහට කේන්ති ගිය ඩොඩී එසේ කෑගැසුවා.

අනතුරුව ඔහු රියැදුරු ඩෝනියු අමතා උපදෙස් දුන්නේ නැවත මෝටර් රථය රීට්ස් හෝටලය වෙත පදවන ලෙසයි.

‘අපි එහෙදි කෑම ගන්නම්. වෙන කරන්න දෙයක් නෑ.‘

ඩයනා සිටියේ එක් අතක් ඩොඩීගේ දණහිසේ තබාගෙනයි.

‘කලබල වෙන්න එපා... කලබල වෙන්න එපා...‘ ඇය ඔහුගේ දණහිසට තට්ටුවක් දැම්මා.

රාත්‍රී 11.40
ඩොඩී සොයමින් සිටියේ පැපරාසින් මඟ හැර යාමට වෙනත් මාර්ගයක් භාවිත කළ යුතු ආකාරයයි. රීට්ස් හෝටලයේ පසුපස දොරටුවෙන් නැවත ඔහුගේ නිවස වෙත පිටත්ව යෑමටයි අන්තිමට ඔහු සැලසුම් කළේ. මෝටර් රථය පැදවීමට නියමිතව සිටියේ හෙන්රි පෝල්. එය මිනිත්තු කිහිපයක ගමනක් නිසා ආරක්ෂක භටයන් වුවමනා නැති බව ඩොඩී කියා සිටියා. ඒ කතාව බ්‍රිතාන්‍ය ජාතික ආරක්ෂක භටයන්ගේ කෝපයට හේතුවක් වුණා.

‘බොඩිගාර්ඞ්ලා නැතිව යනවා කියන්නේ අන්තිම අවදානම් වැඩක්.‘ රීස් ජෝන්ස් එසේ කීවේ පෝල් දෙස බලමිනුයි. ආරක්ෂක භටයන් දෙදෙනාගෙම අදහස වූයේ මේ සැලසුම ගැන ලන්ඩනයේ පිහිටා ඇති මොහොමඩ් අල් ෆෙයිඩ්ගේ මූලස්ථානයෙන් විමසා බැලිය යුතු බවයි.

‘මොහොමඩ් මහත්තයා ඒක අනුමත කළා.‘පෝල් සහතික වුණා.

රාත්‍රී 12.06
ඩොඩී සහ ඩයනා ඔවුන්ගේ කාමරයෙන් පිටතට පැමිණියා. පැපරාසීන් මඟ හැර පසුපස දොරින් පැනයාමේ සැලසුම තම පියා අනුමත කළාදැයි යන්න සැක හැර දැනගැනීමටයි ඔහුට අවශ්‍ය වුණේ. වින්ෆීල්ඩ් එය සහතික කළා.

මේ ගමනට මෝටර් රථ දෙකක් යොදාගන්නා ලෙසයි වින්ෆීල්ඩ් සිය හාම්පුතාට බල කළේ. එහෙත් ඩොඩී ඒ අදහස ප්‍රතික්ෂේප කළා. කොයිහැටිවෙතත් වැඩි ආරක්ෂාවට තමාටත් මෝටර් රථයට ගොඩවීමට අවශ්‍ය බව රීස් ජෝන්ස් කියද් දී එය ප්‍රතිකේෂ්ප කිරීමට නම් ඩොඩීට හැකිවුණේ නෑ.

සැබැවින්ම ඩොඩී - ඩයනා යුවළ ඒ වනවිට සිටියේ සැහැල්ලු සිතකිනුයි.

‘එහෙනම් කෙළින්ම ගෙදරට... නයිට් ක්ලබ් එකට නෙවෙයි.‘ වින්ෆීල්ඞ් එසේ ඩයනා කුමරියට විහිළුවක් කළා.

‘නෑ... නෑ... කෙළින්ම ගෙදරට...‘ ඇය හඬ නගා හිනැහුණා.

රාත්‍රී 12.19
අවසානයේ දී ඔවුන් කැටුව යාමට මෝටර් රථය පැමිණියා. එය ‘එස්‘ පන්තියේ 280 වර්ගයේ මර්සිඩීස් මෝටර් රථයක්. මුලින් රීට්ස් හෝටලය සතුව තිබූ එම කාරය වවුෆියර් සමාගම මිළට ගත්තේ ඊට වසර තුනකට පෙරයි. රිස් ජෝන්ස් පසුපසින් එක් අතකින් මුහුණ වසා ගනිමින් පිටතට පැමිණි ඩයනා කුමරිය මෝටර් රථයට ගොඩවුණා. ඩොඩී පැමිණියේ ඇය පසුපසිනුයි. ඒ මොහොතේ හෙන්රි පෝල් ඡායාරූප ශිල්පීන් ඇමතුවා.

‘අපිව ලුහු බඳින්න උත්සාහ කරන්න එපා. ඔයාලට බෑ අපිව අල්ලන්න.‘

එසේ කියා රියැදුරු අසුනට ගොඩවූ පෝල් රථය පන ගැන්වුවා. වහා ඉදිරියට පැමිණි ජාක්ස් ලැන්ග්වින් නමැති ප්‍රංශ ජාතික ඡායාරූප ශිල්පියා පසුපස අසුනේ සිටි ඩයනා කුමරියගේ ඡායාරූප පෙළක්ම ගත්තා. ඒ වනවිට ඇය ඡායාරූප ශිල්පියා මඟ හැර සිටියේ පසුපස වීදුරුවෙන් පිටත බලාගෙනයි.

ආරක්ෂක භටයා රිස් ජෝන්ස් රථයේ ඉදිරිපස අසුනට ගොඩවුණා. අධික වේගයෙන් මෝටර් රථය පිටත්ව ගියා. මුලු ගමනටම ගතවන්නේ මිනිත්තු 6ක් පමණයි.

‘ඡායාරූප ශිල්පීන් දෙන්නෙක් විතර අපිව ලුහු බඳිනවා. වෙන කවුරුවත් පේන්න නෑ.‘ රිස් ජෝන්ස් පසුපසට හැරී එසේ කීවා.

රාත්‍රී 12.20
ඩොඩීගේ නිවසට යාමට ඇති කෙටිම පාර චෑම්ස් එල්සීස් හරහායි. නමුත් සෙනසුරාදා රාත්‍රිය වැනි කාර්යබහුල රැයක එය පහසු නැති නිසා රියැදුරු හෙන්රි පෝල් අධිවේගී මාර්ගයම තෝරාගත්තා.

තත්පර කිහිපයකින් පසුව මෝටර් රථය පොන්ට් ඇලෙක්සැන්ඩි‍්‍ර උමං මාර්ගයේ අඳුරට පිවිසියා. ඉන් පිටතට එද් දී වම් පෙදෙසට තිබූ වංගුව සහ ප්ලේස් ඩි අල්මා ටවුම යටින් දිවෙන ඊළඟ උමං මාර්ගය වන දැක ගත හැකිවුණා.

ඒ වනවිට පැයට සැතපුම් 30ක වේගයෙන් ගමන් කළ යුතු එම කලාපයේ ඩොඩී - ඩයනා යුවළ රැගත් මෝටර් රථය සැතපුම් 100ක පමණ වේගයකින් ගමන් කරමිනුයි තිබුණේ. ඒ පසුපසින් පැපරාසීන්ගේ මෝටර් සයිකල් කිහිපයක් හඹා එමින් තිබුණා.

රාත්‍රී 12.23
ඩොඩී - ඩයනා යුවළගේ ඉරණම තීන්දු කළ මාරක රිය අනතුර සිදුවූයේ මේ මොහොතේදියි. මර්සිඩිස් රථය මාර්ගයේ 13 වැනි කණුවේ වේගයෙන් ගැටී පොඩි පට්ටම් වූයේ උමං මාර්ගයට පිවිසීමෙන් මොහොතකට පසුවයි. ඒ මොහොතේ ඊට ඉහළින් ඇති මාර්ගයේ ගමන් කරමින් සිටි මිනිසුන් තැතිගන්වමින් බෝම්බයක් පිපිරෙන තරම් විශාල හඬක් ඇසුණා. කණුවේ හැපී පොඩි පට්ටම් වූ මර්සිඞීස් රථය ඉහළට විසිවී ගොස් මාර්ගයේ අනික් පස තාප්පයේ ගැටී නතර වුණා. ඇන්ජිමෙන් විශාල දුමාරයක් පිටවන්නට පටන්ගත්තා. නලාව නොනවත්වා බෙරිහන් දෙන්නට වුණා.

ස්කූටරයෙන් පසුපසින් පැමිණි පැපරාසි ඡායාරූප ශිල්පී රොමවුල්ඞ් රැට් වහා බිමට පැන කුඩු පට්ටම් වූ මර්සිඞීස් රථය වෙත දිව යන ගමන්ම ඡායාරූප ගන්නට පටන් ගත්තා. රැට් සිතුවේ රථයේ සිටි සියලුදෙනාම මියගොස් ඇති බවයි. තත්පර කිහිපයකට පසුව ඔහු කාරයේ පසුපස දොර විවෘත කළා.

ඒ වනවිටත් එහි ඇතුළත ඩයනා කුමරිය ජීවතුන් අතරයි සිටියේ. ඇගේ පසුපස කොටස රථයේ ඉදිරිපස අසුනට සිරවී තිබූ අතර එහි තිබූ පා පිස්නාවක් ඇගේ සිරුර මත වැටී තිබුණා. මුතු ඇල්ලූ ඇගේ අත් පලඳනාවේ කැබැලි පසුපස අසුනෙත්, කාරයේ බිමත් තැන තැන විසිරී තිබුණා.

ඩොඩී සහ හෙන්රි පෝල් ඒ වනවිටත් ජීවිත හැර ගොස් තිබුණා. ඉතා බරපතළ ලෙස තුවාල ලැබූවත් රිස් ජෝන්ස් ද ජීවතුන් අතර සිටියා.

රාත්‍රී 12.24
උමං මාර්ගයේ විරුද්ධ දෙසින් පැමිණෙමින් සිටියේ උපන් දින උත්සවයකට සහභාගී වී ආපසු යමින් සිටි වෛද්‍ය ෆ්‍රෙඞ්රික් මයිලිස්යි. මේ මාරක අනතුර දැකීමෙන් පසුව ඔහු සිය කාරය නවත්වා වහා මර්සිඩිස් රථය වෙත දිව ගියා. තුවාල ලබා සිටියවුන් සහ මියගොස් සිටියවුන් දැකීමෙන් පසුව ඔහු පසුපස අසුනේ සිරවී සිටි කාන්තාවට ප්‍රතිකාර කිරීමට පටන් ගත්තා. ඇය කවුරුන්දැයි ඔහු දැන සිටියේ නෑ. ඒ වනවිටත් පැපරාසීන්ගේ කැමරා ආලෝකධාරා ඔහු වටා දැල්වෙමින් තිබුණා.

කාන්තාව හුස්ම ගනිමින් සිටියේ ඉතා අසීරුවෙන් බව වෛද්‍යවරයාට අවබෝධ වුණා. ඔහු වහා සිය කාරය වෙත දිවගොස් ජංගම දුරකතනය මගින් ගිලන් රථ දෙකකට ඇමතුම් ලබා දුන්නා. ඊළඟට කාරයේ තිබූ ප්‍රථමාධාර පෙට්ටිය රැගෙන නැවත අනතුර සිදුවූ තැනට දිව ගියා.

කාන්තාවට ඔක්සිජන් ලබාදීමේ අරමුණින් ඔහු ඇගේ හිස තරමක් ඉහළට එසැවුවා. ඒ සමඟම ඇය වේදනාවෙන් කෙඳිරි ගාන්නට වූයේ තමාට කෙතරම් තුවාල සිදුවී ඇතිදැයි අසමිනුයි. ඇය බ්‍රිතාන්‍ය ජාතික කාන්තාවක් බව වෛද්‍යවරයාට අවබෝධ වුණේ එවිටයි. ඇගේ නාඩි වැටීම ඉතා දුර්වල මට්ටමකයි තිබුණේ. ඇගේ නළලේ කැපීම් තුවාලය හැරුණුවිට වෙනත් තුවාල කිසිවක් නම් ඔහු දුටුවේ නෑ.

රාත්‍රී 12.30
ඒ මොහොතේ එතැනට පැමිණෙමින් සිටි සංචාරකයෝ පිරිසක් උමඟට ඉහළ මාර්ගයේ සිටි පොලිස් නිලධාරීන් දෙදෙනකු දැක කෑ ගසන්නට පටන් ගත්තා. පොලිස් නිලධාරීන් වහා පහළට පැමිණියා.

‘මෙතැන ඇක්සිඩන්ට් එකක් වෙලා. මේ පල්ලෙහා. ඉක්මන් කරන්න.‘ එසේ සිය සගයකුට ඇමතුමක් දෙමින්ම පොලිස් නිලධාරී සෙබස්තියන් ඩෝර්සී පහළට බැස මර්සිඩිස් බෙන්ස් රථය වෙත දිව්වා.

ඔහු එතැනට ළඟාවෙද් දී වෛද්‍යවරයා තරමක් මෑත් වුණා. පසුපස අසුන වෙත එබී බැලූ ඩෝර්සි දුටු පමණින්ම ඇය ඩයනා කුමරිය බව හඳුනා ගත්තා. ඔහුගේ දෑස් විසල්වී ගියා.
ඒ මොහොතේ යාන්තමින් හිස ඔසවා ඩොඩීගේ සිරුර දෙස බැලූ ඩයනා මෙසේ කීවා.

‘අනේ දෙවියනි...!‘ එය ඇය නිරන්තරයෙන්ම භාවිත කරන වදන් පෙළක්.

මොහොතකින් ගිනි නිවන හමුදා භටයන් දසදෙනෙක් පමණ එතැනට පැමිණියා. ඉන් දෙදෙනකු මෝටර් රථය වෙත ගොස් ඩොඩිගේ සිරුර ඉවතට ගෙන මාර්ගයේ පසෙක තබා ඔහුගේ පපු පෙදෙස සම්බාහනය කරන්නට පටන් ගත්තා. එය අසාර්ථක උත්සාහයක් බවත්, ඔහු ඒ වනවිටත් ජීවතුන් අතර නොසිටි බවත් ඔවුන් නොදැන සිටියා නොවේ. මේ අතර තවත් එක් ගිනි නිවන භටයෙක් ඩයනාගේ සිරුර ඇලුමිනියම් ඇතිරිල්ලකින් වැසුවා. ඔහු පරික්ෂා කළ අන්දමට ඒ මොහොතේ ඇගේ හුස්ම වැටීම සාමාන්‍ය තත්ත්වයෙනුයි තිබුණේ.
‘අනේ දෙවියනි... මොකද වුණේ ?‘ ඇය වේදනාවෙන් කොඳුරන්නට වුණා.

රාත්‍රී 12.40
පැරිස් ගිලන් රථ ඒකකයේ වෛද්‍යවරු දෙදෙනකු සිද්ධිය වූ ස්ථානයට පැමිණ එතැන ප්‍රධානත්වය ගත්තා. ඩයනාගේ දකුණත බිඳී ඇති බව වෛද්‍ය ජින් මාර්ක් මාර්ටිනෝ දුටුවා. වෛද්‍ය කණ්ඩායම පැමිණීමෙන් පසුව මුලින්ම ඩයනාට ප්‍රතිකාර කළ වෛද්‍ය මයිලිස් නික්ම ගියා. තමා ප්‍රතිකාර කළ කාන්තාව කවුරුන්දැයි ඔහු හඳුනාගත්තේ ඊළඟ උදෑසන රූපවාහිනිය මගිනුයි.

රාත්‍රී 12.54
රිය අනතුර ගැන ලොව පුරා මුලින්ම ප්‍රචාරය කරනු ලැබුවේ ප්‍රෙස් ඇසෝෂියේෂන් ආයතනය විසිනුයි.

‘ප්‍රංශ පුවත් සේවා වාර්තා අනුව ඩයනා - වේල්සයේ කුමරිය මධ්‍යම රාත්‍රියෙන් මොහොතකට පසු සිදුවූ දරුණු රිය අනතුරකින් බරපතළ තුවාල ලබා ඇත. තවත් පුද්ගලයකු ඉන් ජීවිතක්ෂයට පත්ව ඇතැයි වාර්තා වෙයි.‘

අගෝස්තු 31 වැනිදා අළුයම 1.18 ඉරිදා

සී.ජී.ආර්. යන්ත්‍රය මගින් කෘත්‍රිම ස්වසනය ලබා දී මිනිත්තු 18කට පසුව ඩයනාගේ හෘද ස්පන්දනය සාමාන්‍ය පරිදි සිදුවුණා. එබැවින් ඇය ගිලන් රථයකට ඇතුළු කර වැඩි දුරටත් ඇගේ තත්ත්වය පරික්ෂා කරන්නට වෛද්‍යවරු තීරණය කළා. ඇගේ ලැම පෙදෙසේ තුවාලයක් සිදුවී ඇතැයි ඒ මොහොතේ වෛද්‍ය මාර්ටිනෝ දුටුවා. ඔහුට අනුව ඩයනාගේ සිරුරේ අභ්‍යන්තර ලේ ගැලීමක් සිදුවී තිබුණා.

අළුයම 1.41
අනතුර සිදුවූ ස්ථානයට සැතපුම් 4ක් පමණ දුරින් පිහිටි රෝහලක් වෙත ඩයනා රැගෙන යාමට කටයුතු යෙදුණා. ඇයට කෘත්‍රිම ස්වසන යන්ත්‍රය සවිකොට ඇති බැවින් ගිලන් රථය ඉතා සෙමින් ධාවනය කිරීමටයි සිදුවී තිබුණේ. ගිලන් රථය වෙනුවෙන් සෑම මාර්ගයකම සාමාන්‍ය වාහන ධාවනය වහාම නැවැත්වීමට පොලීසිය පියවර ගත්තා.

පස්වරු 2.00
ඒ වනවිට ටෝනි බ්ලෙයාර් එංගලන්තයේ අගමැති පදවියට පත්වූ අලූත. ඔහු සහ ඔහුගේ බිරිය චෙරී ඩරම් ප්‍රාන්තයේ පිහිටි ඔවුන්ගේ නිවසේ අධික නින්දකයි පසුවුණේ. කිසිවකු පැමිණ ඔහු අවදි කළා. ඇඳ අසල සිටගෙන සිටියේ පොලිස් නිලධාරියෙක්. නිදන කාමරයටම පැමිණීම ගැන ඔහු පළමුව අගමැතිවරයාගෙන් සමාව ඉල්ලා සිටියා. කාමරයට කොතෙක් තට්ටු කළත් අගමැතිවරයා ඇහැරුණේ නැති බවත් පොලිස් නිලධාරියා පැහැදිලි කළා. පැරිස් නුවර සිදුවූ අනතුරකින් ඩයනා කුමරිය තුවාල ලබා ඇති බැවින් හැකි ඉක්මනින් පැරීසියේ සිටින බ්‍රිතාන්‍ය තානාපති ශ්‍රීමත් මයිකල් ජේ. ඇමැතිය යුතුව ඇතැයි පොලිස් නිලධාරියා අගමැතිවරයාට දන්වා සිටියා.

මේ අතර එලිසබෙත් රැජනගේ නියෝජ්‍ය පෞද්ගලික ලේකම් ශ්‍රීමත් රොබින් ජැන්රින් මේ පුවත චාල්ස් කුමරුට දන්වා සිටියා.

‘සර්... පැරිස් නුවර බරපතල අනතුරක් වෙලා. ඩොඩි මියගිහින්. වේල්සයේ කුමරියට තුවාලයි.‘

‘ඩයනා හොඳින්ද?‘ එකවරම චාල්ස් කුමරු එසේ ඇසුවා.

‘අපි එහෙම විශ්වාස කරනවා සර්... ඇත්තටම මේ ගැන තවම මොකුත් දන්නෙ නෑ.‘

අළුයම 4.00
එංගලන්තයේ රෝස කුසුම ලෙස ලොව පුරා කාගෙත් ආදරයට විඳිමින් තම ජීවිතයේ එක්තරා කඩඉමක එළිපත්තේ සිටි ඩයනා කුමරිය ශල්‍යාගාරයේ දී කාටත් රහසේම ජීවිතය හැර ගියා. ඇය ජීවිතක්ෂයට පත්වූ බව වෛද්‍ය කාර්ය මණ්ඩලය ප්‍රංශයේ අභ්‍යන්තර අමාත්‍යවරයාට දන්වා සිටියා. ඔහු එය බ්‍රිතාන්‍ය තානාපතිවරයාට දැන්වීමෙන් පසුව ලොව පුරා පුවත පැතිරී ගියා.

ෆවුස් මොහොමඩ්




Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top