Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Aug
27
අපට ඕනෑ තරගාවලිය දිනන්නයි. එහිදී ලසිත් මාලිංගගේ අත්දැකීම් විශාල වශයෙන් වැදගත් වෙනවා” පල නොකියා පලා බෙදපු මාලිංග යලි කැඳවීමට ක්‍රිකට් තේරීම් කමිටුව සැරසෙයි

- අපට ඕනෑ තරගාවලිය දිනන්නයි. එහිදී ලසිත් මාලිංගගේ අත්දැකීම් විශාල වශයෙන් වැදගත් වෙනවා” පල නොකියා පලා බෙදපු මාලිංග යලි කැඳවීමට ක්‍රිකට් තේරීම් කමිටුව සැරසෙයිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

2 Views

“ලසිත්ගේ පන්දු යැවීමේ හැකියාව සම්බන්ධයෙන් කිසිම ප්‍රශ්නයක් නෑ"
"එක්දින තරග ක්‍රීඩා කරන්න සූදානම් වෙලා හිටියේ නෑ"

මේ දිනවල පැවැත්වෙන ශ්‍රී ලංකා ක්‍රිකට් විස්සයි-20 තරගාවලියට ක්‍රීඩා කරමින් සිටින ලසිත් මාලිංගට ආසියානු කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ ස්ථානයක් ලබාගැනීමේ අවස්ථාව ඇතැයි තේරීම් කමිටු සභාපති ග්‍රැහැම් ලැබ්රෝයි මහතා ඉඟි කරයි. ලබන වසරේදී පැවැත්වෙන ලෝක කුසලාන තරගාවලිය ඉලක්ක කරමින් තෝරා ගැනීමට නියමිත සංචිතයේදී ලසිත් මාලිංගට ස්ථානයක් තිබේද නැද්ද යන්න පිළිබඳව ආසියානු කුසලාන තරගාවලියෙන් පසුව තීරණය කළ හැකි බවද තේරීම් කමිටු සභාපතිවරයාගේ අදහසයි.

“ආසියානු කුසලාන තරගාවලියේදී අපි ක්‍රීඩකයන් අත්හදා බලන්න යන්නේ නෑ. අපට ඕනෑ කරන්නේ එම තරගාවලිය දිනන්නයි. එහෙම තත්ත්වයකදී ලසිත් මාලිංගගේ අත්දැකීම් විශාල වශයෙන් වැදගත් වෙනවා” යයි තේරීම් කමිටු සභාපති ග්‍රැහැම් ලැබ්රෝයි මහතා ලංකාදීපටයට පැවසීය.


“ලසිත්ගේ පන්දු යැවීමේ හැකියාව සම්බන්ධයෙන් කිසිම ප්‍රශ්නයක් නෑ. ශාරීරික යෝග්‍යතාව අනුව වුණත් එයා මීට මාස හයකට ඉස්සරින් හිටියාට වඩා හොඳයි. ඒත් ඕවර 50 තරගයක් දිහා බලනකොට ඒක විස්සයි-20 තරගයකට වඩා වෙනස්..එතැනදී දරාගැනීමේ හැකියාව වැඩි වශයෙන් අවශ්‍ය වෙනවා”

“වඩාත් වැදගත් වෙන්නේ ඕවර 4 ක් යවන එක නෙමේ. ඕවර 4 ක් යැව්වාට පස්සේ ඉතිරි කොටසට මුහුණ දෙන ආකාරයයි”  යයිද තේරීම් කමිටු සභාපතිවරයා අවධාරණය කළේය.

2019 ලෝක කුසලාන තරගාවලියට ක්‍රීඩා කිරීම තමන්ගේ අරමුණ බව ලසිත් මාලිංග කිහිප අවස්ථාවකදීම ප්‍රකාශ කර තිබිණ. පසුගිය වසර අගදී ඔහු කියා සිටියේ 2019 ලෝක කුසලාන තරගාවලියෙන් පසුව තමන් ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගන්නා බවයි. වසර 2004 දී ශ්‍රී ලංකා වර්ණ දිනාගත් මෙම දකුණත් වේග පන්දු යවන්නා සිය දණහිසේ පැවැති ආබාධයක් හේතුවෙන් 2011 දී ටෙස්ට් පිටියෙන් සමුගන්නා විට ටෙස්ට් කඩුලු 101 ක හිමිකරුවකු වී සිටියේය. එහෙත් එතැන් සිට දිගින් දිගටම එක්දින සහ විස්සයි-20 අන්තර්ජාතික තරග වලට සහභාගි වෙමින් සිටියේය.

පසුගිය වසර දෙකක පමණ කාලයේදී මාලිංගගේ පන්දු යැවීමේ දස්කම් හීන වන්නට පටන්ගත් අතර අවසන් වරට පැවැති අයි.පී.එල්. තරගාවලියේදී ලසිත් මාලිංග මිලදී ගැනීමට එකම කණ්ඩායමක් හෝ ඉදිරිපත් නොවීය. පසුව මාලිංග පන්දු යැවීමේ උපදේශකවරයකු ලෙසින් මුම්බායි ඉන්දියන්ස් පිලට එක්විය.

2018 වසරේදී එකම එක්දින තරගයකට හෝ සහභාගි නොවූ මාලිංග පසුගිය වසරේදී සහභාගි වූ එක්දින තරග 11 කදී ඕවර 103.5 ක් යවමින් දවාගෙන ඇත්තේ කඩුලු 10 ක් පමණි. කඩුල්ලක් දවාගැනීමේ සාමාන්‍යය ලකුණු 62.30 කි. එවන් තත්ත්වයක් හමුවේ ලසිත් මාලිංගට එක්දින කණ්ඩායමේ ස්ථානය අහිමි වූ අතර මේ වසර මුලදී පැවැති ශ්‍රී ලංකා කණ්ඩායමේ බංග්ලාදේශ සංචාරයේදීත් ඔහුට කණ්ඩායමේ ස්ථානයක් හිමි නොවීය. එහෙත් චන්දික හතුරුසිංහ මහතා ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරුවා වශයෙන් වැඩ බාරගැනීමෙන් පසුව පැවැති පුහුණු සැසියටද ලසිත් මාලිංග පැමිණ සිටියේය.

කෙසේ වෙතත් ලසිත් මාලිංගගේ පන්දු යැවීම හමුවේ ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගෙන් උඩපන්දු ගිළිහී ගියේ නම් වරක් දෙවරක් නොවේ. එවන් තත්ත්වයකදී පන්දු යවන්නක මන්දෝත්සාහී වීමත් අරුමයක් නොවේ.

“එක අවස්ථාවකදී එයා එක්දින තරග ක්‍රීඩා කරන්න සූදානම් වෙලා හිටියේ නෑ. ඒ නිසා අපි වෙනත් වේග පන්දු යවන්නන් කිහිප දෙනකු යොදාගන්න බැලුවා. අපේ වැඩි අවධානය යොමු වෙලා තිබුණේ ලෝක කුසලාන තරගාවලියට යොදාගන්න පුළුවන් පන්දු යවන්නන් කවුරුන්ද කියලයි. ඒ නිසා අපි තරුණ ක්‍රීඩකයන් දිහා බැලුවා.....දැන් අපි වඩාත් පළපුරුදු ක්‍රීඩකයකු වන ලසිත් මාලිංගව දේශීය විස්සයි-20 තරගාවලියට ගෙනත් තියෙනවා. එයාගේ ශාරීරික යෝග්‍යතාව මෙන්ම දස්කම් හොඳ තත්ත්වයේ තියෙනවා නම් නිසැක වශයෙන්ම ආසියානු කුසලාන තරගාවලියේදී එයාටත් ස්ථානයක් තියේවි” යයිද තේරීම් කමිටු සභාපති ග්‍රැහැම් ලැබ්රෝයි මහතා ‘ද සන්ඬේ ටයිම්ස්’ පුවත් පතට ප්‍රකාශ කර තිබිණ.

තේරීම් කමිටු සභාපතිවරයා එසේ කියන නමුත් අද (26 වැනිදා) පස්වරුව දක්වා පැවැති තත්ත්වය නම් මාලිංගට එතරම් සුබදායක නොවීය. දැන් පැවැත්වෙන ශ්‍රී ලංකා ක්‍රිකට් විස්සයි-20 තරගාවලියේදී මාලිංග විසින් යවනු ලැබ ඇති ඕවර 13 කින් ලකුණු 108 ක් ලබාගෙන ඇති නමුත් ඔහුට දවාගත හැකිවී ඇත්තේ කඩුලු 2 ක් පමණි. මාලිංග ක්‍රීඩා කරන මහනුවර කණ්ඩායම මේ දක්වා සහභාගි වූ තරග තුනම පරාජය වී තිබේ.

එංගලන්ත පිලේ ශ්‍රී ලංකා සංචාරය අවසන් වන විට ලෝක කුසලාන තරගාවලිය සඳහා වන ශ්‍රී ලංකා සංචිතය නම්කළ යුතු බව තේරීම් කමිටු සභාපතිවරයා අවධාරණ කරයි. ඒ සඳහා ක්‍රීඩකයන් 25 දෙනකු තෝරා ගැනීමට නියමිතය.

“ලෝක කුසලාන තරගාවලිය සම්බන්ධයෙන් කණ්ඩායම තෝරාගැනීමේදී අපේ අවධානය වැඩිපුරම යොමු වෙලා තියෙන්නේ ආරම්භක පිතිකරුවන් දෙන්නා කවුරුන්ද, පන්දු යවන්නන් කවුරුන්ද කියන එකයි.

කණ්ඩායමේ කොඳුනාරටිය වියහැකි පිතිකරුවකු සම්බන්ධයෙනුත් අපි වැඩි වශයෙන් අවධානය යොමු කරලා තියෙනවා. ඒ සඳහා දිනේෂ් චන්දිමාල්ට අවස්ථාවක් තිබුණොත් එයා පිතිකරු ලයිස්තුවේ ඉහළින් පන්දුවට පහර දේවි” යයිද ලැබ්රෝයි මහතා ලංකාදීපයට පැවසීය.

එක්දින ශතක 4 ක සහ අර්ධ ශතක 21 ක හිමිකරුවකු වන චන්දිමාල් ලකුණු එක හෝ දෙක ලබාගනිමින් සිට ක්‍රම ක්‍රමයෙන් ලකුණු ලබාගැනීම වේගවත් කරමින් අවශ්‍ය අවස්ථාවලදී හතරේ සහ හයේ සීමාව කරා යා හැකි පහර රාශියකින්ම සන්නද්ධ පිතිකරුවෙකි. පිටියේ සිවු කොණටම පන්දුව යැවිය හැකි  ‘ලේට් කට්’ සහ ‘රිවර්ස් ස්වීප්’ පහර වල සිට ‘පුල්’, ස්වීප් මෙන්ම ‘ස්ලොග් ස්වීප්’පහර කරාත් යාමේ සුවිශේෂී හැකියාවක් චන්දිමාල්ට තිබේ.

එක්දින තරග වලදී චන්දිමාල්ගේ ප්‍රහාරාත්මක වේගය (පන්දු 100 කට ලබාගන්නා ලකුණු) 73.82 කි. විස්සයි-20 තරග වලදී චන්දිමාල්ගේ ප්‍රහාරාත්මක වේගය 103.75 කි. එහෙත් තරමක් මන්දගාමී ආරම්භකයකු වන චන්දිමාල් වැඩි වේලාවක් පිටියේ රැඳෙන්නේ නම් ඔහුගෙන් වැඩි යමක් කරගත හැකි බව තේරීම් කමිටුවේ සෙසු සාමාජිකයක්ගේද මතයයි. මේ දක්වා ක්‍රීඩා කර ඇති එක්දින තරග 126 න් තරග 99 කදීම චන්දිමාල් ක්‍රීඩා කර ඇත්තේ අංක 4 (70), අංක 5 (18) සහ අංක 6 (11) ස්ථාන වලදීය.

ඉදිරියේ පැවැත්වෙන තරග වලදී ශ්‍රී ලංකා ක්‍රීඩකයන් ශාරීරික ආබාධයන්ට ලක්වීම වැළැක්වීම සඳහා ක්‍රීඩකයන් වරින් වර මාරු කරමින් තරග වලට යොදවන බවත් තේරීම් කමිටු සභාපතිවරයා පැවසීය. ශාරීරික ආබාධ වලට ලක්ව සිටි දුෂ්මන්ත චමීර සහ නුවන් ප්‍රදීප් දෙදෙනාම මේ වන විට සුවය ලබා ඇතත් ඔවුන්ට තරග පුහුණුව අවශ්‍ය බවද තේරීම් කමිටු සභාපතිවරයා කියයි.

ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතා මේ දිනවල නිවාඩු ලබා සිටී. ලබන මස 15 වැනිදා ආසියානු කුසලාන තරගාවලිය ආරම්භ වීමෙන් පසුව මාර්තු මාසයේ අග දක්වාම ශ්‍රී ලංකා කණ්ඩායමට නිදහසක් නොලැබෙනු ඇත.

2019 ලෝක කුසලාන තරගාවලියට පෙර ශ්‍රී ලංකා කණ්ඩායමේ තරග සැලැස්ම
■    ආසියානු කුසලාන තරගාවලිය (එක්දින තරග 5ක් හෝ 6 ක්)
■    එංගලන්ත පිලේ ශ්‍රී ලංකා සංචාරය (ටෙස්ට් තරග 3යි, එක්දින තරග 5 යි, වි-20 තරග 1යි)
■    ශ්‍රී ලංකා පිලේ නවසීලන්ත සංචාරය (ටෙස්ට් තරග 2යි, එක්දින තරග 3යි, වි-20 තරග 1යි)
■    ශ්‍රී ලංකා පිලේ ඕස්ටේ්‍රලියානු සංචාරය (ටෙස්ට් තරග 2 යි)
■    ශ්‍රී ලංකා පිලේ දකුණු අප්‍රිකානු සංචාරය (ටෙස්ට් තරග 2 යි, එක්දින තරග 5යි, වි-20 තරග 3යි)
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top