Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Aug
27
"එක් කාන්තාවක් ඔහුගේ මුහුණ මත අත තියද්දීම ඔහු වේදනාවෙන් කෑගැහුවා.." - උතුරු කොරියානු නායකයාගේ සහෝදරයා මිය ගිය හැටි

- "එක් කාන්තාවක් ඔහුගේ මුහුණ මත අත තියද්දීම ඔහු වේදනාවෙන් කෑගැහුවා.." - උතුරු කොරියානු නායකයාගේ සහෝදරයා මිය ගිය හැටිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

6 Views

"අපි හිතුවේ මේක කොමඩි නාට්‍යයක් කියලයි.."

"සැකකාරියන් දෙදෙනාට එරෙහි නඩු විභාගයකට ප්‍රබල සාක්ෂි හමු වෙයි.."

2017 වසරේ උතුරු කොරියානු නායක ‘‘කිම් ජෝන්ග් අන්’’ ගේ සහෝදරයා වන ‘‘කිම් ජෝන්ග් නාම්’’ Kim Jong-nam ක්වාලාලම්පූර් ජාතික ගුවන් තොටුපොලේදී අභිරහස් ලෙසින් මරණයට පත් වූයේ  විෂ රසායනිකය මුහුණේ තැවරීම නිසා ඇති වුණ හදිසි අසනීප තත්ත්වයක් නිසාය. ඔහු තමාගේ සහෝදරයා වන ‘‘කිම් ජෝන්ග් අන්’’ සමග අමනාපයෙන් 2017 වසරේ චීනයේ ‘‘මැකාවු’’ වෙත පියාසර කරන ගුවන් යානයකට ගොඩ වීමට සිටියදී හදිසියේම ඔහු වෙතට පැමිණියේ කාන්තාවන් දෙදෙනෙකි.


ස්වයංක්‍රිය කැමරාවන්හි සටහන් වී ඇති අන්දමට එක් කාන්තාවක් කිම් ජෝන් නාම් ගේ මුහුණ මත අත තබත්ම ඔහු වේදනාවෙන් උපකාර ඉල්ලා කෑ ගසන්නට වූයේය. රෝහලට ගෙන යන අතරතුරදී කිම් ජොන්ග් නාම් මිය ගියේය. මුලින් සඳහන් කරන ලද කාන්තාවන්ගෙන් එක් අයෙක් මෙම සිද්ධියෙන් පසුව වමනය කරන රූප රාමුවක්ද පටිගත වී ඇත.
 
 පසුව සිදු කරන ලද පරීක්ෂණ මගින් හඳුනා ගත් පරිදි මෙම ඝාතනයට යොදා ගෙන තිබෙන්නේ ‘‘ වී එක්ස් ’’ ( VX ) නැමැති තහනම් විෂ රසායන වර්ගයකි. එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් මෙම විෂ රසායනය ‘‘ජන සංහාරක අවියක්’’ ලෙසින් නම් කර ඇත. මෙම උග්‍ර විෂ රසායනයෙන් ග්‍රෑම් එකකින් 1% ක ප්‍රමාණයකින් පවා පුද්ගලයෙක් ඝාතනය කළ හැකි තරම් දරුණු විෂ රසායනයක් බැව් පසුව සිදු කරන ලද පරීක්ෂණ මගින් හෙළි වී තිබේ.
 
මෙම කාන්තාවන් දෙදෙනා අත්අඩංගුවට ගැනීමෙන් පසුව ඔවුන් සඳහන් කරනු ලැබුවේ මෙහිදී ඔවුන් සිතුවේ හාස්‍යෝත්පාදක නාට්‍යයක එක් ජවනිකාවක් ඔවුන් නිරූපනය කරන බවයි. මේ පිළිබඳව තමන් වරදකරුවන් නොවන බැව් අත්අඩංගුවේ සිටි ඉන්දුනීසියානු ජාතික සීති අයිස්‍යාහ් (Siti Aisyah) සහ වියට්නාම ජාතික ඩොඅන් (Doan Thi Huong) කියා සිටියේ මෙම දියරය ඉසීමෙන් මේ තරම් හානියක් සිදු වෙතැයි ඇය විශ්වාස නොකළ බවයි. තමා එය දුටුවේ ළදරුවන් වෙනුවෙන් භාවිතා කරන කිසියම් තෛලමය ආලේපනයකට සමාන ලෙසින් යැයිද ඇය ඉන්දුනීසියානු බලධාරීන්ට සඳහන් කළාය.
 
 මේ අතර කාන්තාවන් වෙනුවෙන් පෙනී සිටින උතුරු කොරියානු නියෝජිතයා කියා සිටින්නේ මෙම විෂ රසායනය මෙම කාන්තාවන් විසින් ඔවුන්ගේ ජීවිත ආරක්ෂා කරගෙන ‘‘කිම් ජොන් නාම්’’ වෙත පමණක් ආලේප කළේ කෙසේද යන්නයි. මේ තරම් මාරාන්තික රසායනයක් එම අවස්ථාවේදී ගුවන් තොටුපොලේ සිටි සෙසු මගීන්ට විෂ නොවී ජොන්ග් නාම්ට පමණක් බලපෑමක් ඇති කළේ කෙසේද යන්නයි.
 
 මේ අතර බොහෝ දෙනෙක් මෙම මරණය සම්බන්ධයෙන් උතුරු කොරියානු පාලනය වෙත සිය අප්‍රසාදය පළ කරන ලදී. නාමික වශයෙන් කොමියුනිස්ට් පාලනයක් පවතින උතුරු කොරියාව පසු ගිය කාලයක් පුරාවම හුදෙකලා රාජ්‍යයක් ලෙසින් පැවැතියේ එරට විසින් සිදු කරනු ලබන න්‍යෂ්ටික අත්හදා බැලීම් නිසාය. දෙවැනි ලෝක යුද්ධය අවසානයෙන් පසුව 1945 වසරේ කොරියාවේ පැවැති ජපන් අධිරාජ්‍ය පාලනය අවසාන විය. 1948 වසරේ ඇති වුණ අර්බුදකාරී වාතාවරණය සමග සෝවියට් කඳවුර සහ ඇමරිකානු කඳවුර වශයෙන් කොරියාව දෙකකට බෙදුණි. උතුරු කොරියාව බිහි විය. පනස් වසරකට ආසන්නව උතුරු කොරියාවේ විශේෂිත චරිතය වූයේ ‘‘කිම් ඉල් සුන්’’ ය. 1994 වසරේ කිම් ඉල් සුන්ගේ අභාවයෙන් පසුව ඔහු ගේ පුත් ‘‘කිම් ජොන්ග් ඉල්’’ බලයට පත් විය. හෘදයාබාධයකට ගොදුරුව ‘‘කිම් ජොන්ග් ඉල්’’ 2011 වසරේදී අභාවයට පත් වූයෙන් ඔහුගේ පුත් ‘‘කිම් ජොන්ග් අන්’’ බලයට පත් විය. ‘‘කිම් ජොන්ග් ඉල්’’ ගේ පළමු විවාහයේ එකම පුත්‍රයා වන ‘‘කිම් ජොන් නාම්’’ගේ ඝාතනයේ අබිරහස පිළිබඳව අදහස් ඉදිරිපත් කරන බිබිසී වාර්තාකාරිනී ‘‘කරිස්මා වස්වානි’’ සඳහන් කරන්නේ ඔහු සතුව ‘‘කිම් චෝල්’’ යන නමින් ගුවන් බලපත්‍රයක් තිබූ බවයි. මැලේසියානු නියෝජ්‍ය අගමැතිවරයා සඳහන් කරන්නේද ‘‘කිම් ජොන් නාම්’’ සතුව ගුවන් බලපත්‍ර දෙකක් තිබුණ බවයි. කෙසේ හෝ වේවා අවසානයේදී මිය ගොස් සිටින්නේ උතුරු කොරියානු නායකයාගේ සහෝදරයා බව මැලේසියාව විසින් සඳහන් කරන ලදී. එහෙත් මැලේසියාව මේ ගැන ප්‍රධාන චෝදනාව එල්ල කරනු ලබන්නේ උතුරු කොරියාවටයි. ඒ නිසාම සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පවා මැලේසියාව එතරම් උන්දුවක් දැක්වූයේ නැත.
 
 ඝාතනයට අදාළව උතුරු කොරියානුවන් සිව් දෙනෙක් අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර පොලිසිය විසින් රතු නිවේදනයක් නිකුත් කළත් මැලේසියාව සඳහන් කරනු ලැබුවේ ‘‘කිම්’’ ඝාතනය කරන ලද දිනයේ මෙම සැකකරුවන් ගුවන් තොටුපොලේ සිට පලා යන්නනට ඇති බවයි.
 
 පසුව මරණ පරීක්ෂකවරයා ගේ අනුමැතිය අනුව ‘‘කිම් ජොන්ග් නාම්’’ ගේ මෘත ශරීරය එරටට භාරදීමට මැලේසියාව විසින් තීරණය කරන ලදී. මැලේසියානු අගමැති නජිබ් රසාක් සඳහන් කළේ එතෙක් උතුරු කොරියාවෙන් පිටවීමට නොහැකිව සිටි මැලේසියානුවන් තිදෙනාට ඒ වෙනුවෙන් අවසරය ලැබෙන අතර මැලේසියාවේ සිටි උතුරු කොරියානුවන්ටත් එරටෙන් පිටවීමට අවසර ලැබෙන බවයි. කිම් ජොන්ග් නාම් ගේ ඝාතනයට සම්බන්ධව මැලේසියානු පොලිසියට අවශ්‍යව සිටින උතුරු කොරියානුවන් තිදෙනාද මේ අතර සිටින්නට හැකි බැව් මැලේසියානු පොලිසිය සඳහන් කරන ලදී.
 
 මේ අතර 2018 වසරේ අගෝස්තු මාසයේ 18 වැනි පැවැති අධිකරණ තීන්දුව අනුව උතුරු කොරියානු නායකයා ගේ සොහොයුරාගේ ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවේ පසුවෙන සැකකාරියන් දෙදෙනාට එරෙහි නඩු විභාගයක් වෙනුවෙන් අවශ්‍ය ප්‍රබල සාක්ෂි ඇති බව මැලේසියානු අධිකරණය විසින් තීන්දු කරන ලදී.
 
 පුන්‍යා චාන්දනී ද සිල්වා




Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top