නීරෝගී දරුවෙකු ලෙසින් මෙළොව එළිය දුටුවත් සිදුවු හදිසි අනතුරකින් අද වනවිට ඇදක් මතට සීමා වු දරුවෙකු පිළිබදව අපට වාර්තා වුණා.
කලුතර, දොඩන්ගොඩ පදිංචි දසුන් සුරාජ් වන ඔහු අධ්‍යාපනය ලැබුවේ කලුතර හල්කදවිල මහා විද්‍යාලයේ.
නමුත් 2016 වසරේදී දසුන්ගේ ජීවිතයේ සියල්ල වෙනස් වන්නේ කිසිවෙකුත් නොසිතූ ලෙසින්.
ඒ ඇඟ පිස දැමීමට ගෙන ආ රෙද්ද ගැට ගසා සෙල්ලම් කිරීමට යාමේදී ගෙලේ නහරයක් සිරවී මොළයේ ස්නායු ආබාධයකට ලක්ව ඔහුගේ ජීවිතය එතැන් පටන් ඇඳකට සීමාවීමයි.
කුලී රැකියාවක නිරත වෙමින් දරුවන් සිව්දෙනෙකු රකිනා පියාගේත්, වේවැල් පුටු වියමින් දරුවන් රැකබලාගන්නා මවගේත් එකම අරමුණ පෙර පරිදි තමන්ගේ දෙවැනි පුතා දෙපයින් සිට ගැනීමයි.
දසුන්ගේ මව ඉල්ලා සිටින්නේ තම දරුවාගේ අසනීපය සුවකර ගැනීමට උපකාර කරන ලෙසයි.