තම මුදල් ලබා නොදී ඊ.ටී.අයි. මූල්‍ය සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය විදෙස් ගත වීමේ සූදානමක් පවතින බවට ඊ.ටී.අයි. තැන්පත්කරුවන් චෝදනා කරනවා. අද (25) කොළඹ පැවති වැඩසටහනකදී ඔවුන් මෙම චෝදනාව එල්ල කළා.
ඊ.ටී.අයි. තැන්පත්කරුවන් සුරැකීමේ ස්වාධීන සංගමේ නිලධාරින් පත්කර ගැනීම අද කොළඹදී පැවැත්වුණු අතර ඊට අගතියට පත් ඊ.ටී.අයි. තැන්පත්කරුවන් විශාල පිරිසක් එක්ව සිටියා.
එම සංගමේ සභාපති අනුෂා ජයන්ති මහත්මිය එහිදී මෙසේ අදහස් දක්වා සිටියා.
“ආයතනය සතුව මුදල් නැහැ. තියෙන වත්කම් ටික ඔක්කොම විකුණලා ඉවරයි. තියෙන්නේ ඊ.ටී.අයි. බිල්ඩින් ටික. ඒවගෙත් ගොඩක් ඒවා තියෙනවා රෙන්ට් එකට ගත්තා. අපිට ගෙවන්නට සෑහෙන්න වත්කමක් මේ අය සතුව නැහැ. හරියටම බැලුවොත් බිලියන 18 ක හිඟයක් තියෙනවා.“
“මේ හතර දෙනාට අනිවාරයෙන්ම පවතින ආණ්ඩුවේ ආරක්ෂාව තියෙනවා. මේ අය බලන්නේ අපිව ශිවජෝති මහත්තයට බාර දීලා දරුවෝ බලන්න යන්න කියලා පාස්පෝට් අධිකරණයෙන් ලබා ගන්න. එහෙම ගිහින් එතනිනුත් වෙන රටකට ගියාට පස්සේ අපිට මේ අයව හොයන්න විදිහක් නැතුව යනවා. ඒ නිසා අපි අධිකරණයෙන් ඉල්ලා සිටිය යුතුයි මේ අයට විදේශ රටවලට යෑම තහනම් කරන්න කියලා. එහෙම වුණොත් අපිට සිද්ධ වෙනවා මේ ටික ලබා ගන්න අධිකරණයට යන්න.“