වර්තමානයේ රථ වාහන අනතුරු පිළිබඳව පුවත් රැසක් අපට නිතර අසන්නට ලැබෙනවා.
එසේ සිදුවන අනතුරු වලින් රියදුරු ජීවිත මෙන්ම අකාලයේ මහ මඟ කරන මිනිස් ජීවිතද අහිමි වෙනවා.
වර්තමානයේ රථ වාහන අනතුරුවලට දැඩි ලෙස බලපා ඇති කාරනාව වන්නේ රථ වාහන නීති උල්ලංඝණය කරමින් රථ වාහන ධාවනයයි.
එවැනි රථ වාහන නීති උල්ලංඝණය කරමින් ත්‍රී විල් රියදුරන් දෙදෙනකු තම ත්‍රිරෝද රථ දෙකකින් රාත්‍රි කාලයේ අපරික්ෂාරී ලෙස කරට කර තරඟ ධාවනයේ යෙදෙන වීඩියෝවක් සමාජ ජාලා මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙමින් පවතිනවා.
අදාළ වීඩියෝවේ දැක්වෙන ආකාරයට මොවුන්ගේ මේ ත්‍රී රෝද රථ සෙල්ලම නිසා එක් ත්‍රිරෝද රථයක් ධාවනයේ යෙදෙන අතරතුර පෙරලීයෑමෙන් අනතුරටද ලක්වෙනවා.