ගිල්ගිට් සංචාරක අමාත්‍යවරයා සහ ප්‍රදේශයේ පොලිසිය විසින් සිරුරු හතර සොයාගත් බව තහවුරු කර ඇති අතර, ඉන් සිරුරු දෙකක් කාගේදැයි හඳුනාගැනීමට මේ වන විට පියවර ගනිමින් සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
ලෝක ප්‍රකට නේපාල ජාතික කඳු නගින්නෙකු වන නිර්මාල් පුර්ජා (Nirmal Purja) ඇතුළු 10 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ඊයේ (30) දහවල් කාලයේ සිදුවූ මෙම අනපේක්ෂිත හිම නායයාමට හසුවී අතුරුදහන් වී තිබුණා. මෙම කණ්ඩායමට නේපාල ජාතිකයින් 6 දෙනෙකු, අමෙරිකානු, චීන, ඕමාන සහ පාකිස්ථාන ජාතිකයෙකු බැගින් ඇතුළත් වන බවයි වාර්තා වන්නේ.
2019 වසරේදී මාස හයක් වැනි කෙටි කාලයක් තුළ ලොව මීටර් 8,000ට වැඩි උසින් යුතු කඳු මුදුන් 14ම තරණය කරමින් ලෝක වාර්තාවක් තැබූ සුපිරි තරුවක් වන නිර්මාල් පුර්ජාගේ තත්ත්වය පිළිබඳවද මෙතෙක් කිසිදු නිශ්චිත තොරතුරක් වාර්තා වී නැහැ.
සෙවුම් මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක අතර, මුළු ලෝකයේම අවධානය මේ වන විට බ්‍රෝඩ් පීක් කඳුවැටිය වෙත යොමුවී තිබෙනවා.