Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Mar
31
"ඒ ආදරේ විශේෂයි, හැමදාමත් වෙනස් නොවී මගේ ළඟින් ඉන්න එක ගැන ඇත්තටම සතුටුයි.." - දිනක්ෂි ප්‍රියසාද් - Photos

- "ඒ ආදරේ විශේෂයි, හැමදාමත් වෙනස් නොවී මගේ ළඟින් ඉන්න එක ගැන ඇත්තටම සතුටුයි.." - දිනක්ෂි ප්‍රියසාද් - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

6 Views

"මටත් පුදුමයි මේ තරම් ආදරයක් මට ලැබෙන්නේ කොහොමද කියලත්..."

"සාරි ව්‍යාපාරයක් පටන් ගත්තා, ඒ අය ඒ සාරි ඇඳලා හිටියේ ඒකයි .."

දිනක්ෂි ප්‍රියසාද් කියන චරිතය ගැන අමුතුවෙන් හදුන්වා දෙන්න ඕන නැහැ. ඒ තරමටම හැමෝටම ඇයගේ රූපය, රගපෑම වගේම නම මතකයි. හැමදාමත් ආදරේ විදින දිනක්ෂි පසුගියදා උපන් දිනේ නිසා කතා බහට ලක් වුණා. ඇය ඒ ගැන වගේම අලුත් තොරතුරු පුවත්පතකට කතා කර තිබුණේ මේ විදිහටයි.




දිනක්ෂි පසුගියදා ඔයාගේ උපන් දිනය යෙදිලා තිබුණානේ... ඉතින් ඔයාගේ උපන් දිනයට කවුද මුලින්ම සුභ පැතුවේ...?
එදා රෑ මම සජීවි වැඩසටහනක හිටියේ. ඒකේ ශලිනිගේ වැඩසටහනේ තමයි මම හිටියේ. ඉතින් හරියටම ඒ වෙලාවේදීම ශලනි තමයි මට ලොකු කේක් එකක් ගෙනල්ලා මුලින්ම මාව ස්ප්‍රයිස් කළේ. ඇත්තටම ඒක මට පුදුමයක්ම වුණා. ප්‍රෝගෑම් එකේදී ශලනි, හේමාල්, චන්න අයියා, සාරංග අයියා, කෞෂල්‍යා අක්කා, සමනලී අක්කා, අනුරාධා, නාරද අයියා,  කට්ටියම හිටියා. ඇත්තටම ඒක මට ලොකු ස්ප්‍රයිස් එකක් වුණා... මගේ බර්ත් ඩේ එකකදී සජීවි වැඩසටහනකට සහභාගී වුණු පළවෙනි අවස්ථාව තමයි මේ. බර්ත් ඩේ එක ලබද්දීම සජීවීම වැඩසටහනකදී මට ඒ අය විෂ් කළා.

ඊට පස්සේ දිනක්ෂි තවත් ස්ප්‍රයිස් පාටියකටත් ගියානේ... ඒකත් ඔයා දැනගෙන සූදානම් කරපු පාටියක් නෙමෙයිද...?
අනේ... නෑ... මම දැනගෙන හිටියේ නැහැ. ඒ පාටිය ලෑස්ති කරලා තිබුණේ ෂෙරින් අක්කියි, සංගීතා අක්කියි කට්ටිය එකතුවෙලා. එදා මගේ යාළුවෝ ඔක්කොම ඒකට එකතුවෙලා තිබුණා. මගේ නංගිලා දෙන්නත් ඉතින් ඒ ස්ප්‍රයිස් එකට හවුල්... ඒ පාටිය ලෑස්ති කරලා තිබුණේ සංගීතා අක්කිලාගේ ගෙදරයි. පාටිය ගැන මම දැනගෙන හිටියේ නැහැ. සංගීතා අක්කී මට බර්ත් ඩේ එකට විෂ් කරලා අපි රෑ කෑමකට එළියට යමු කිව්වා. ඉතින් එයා තමයි මාව ගෙදරට එක්කගෙන ගියේ. ඒ වෙලාවේ මට ආදරේ කරන මගේ යාළුවෝ හැමෝම එතන හිටියා. ඉතින්... මට හරි පුදුමයි. එතන හිටපු හැමෝම නිතරම මාත් එක්ක ඉන්න කට්ටිය. ක්ෂේත්‍රයේ දී වුණත් ජීවිතේ දී වුණත් ඒ අය නිතරම මගේ ජීවිතේ ළඟින් ඉන්න යාළුවෝයි. ඉතින් ඒක මට පුදුමයක්. ඇත්තටම මම හිතුවේ නැහැ එහෙම දෙයක් ඒ අය මම වෙනුවෙන් සූදානම් කරයි කියලා. ඇත්තටම මම එදා ගොඩාක් සතුටු වුණා.
ලොකු කේක් එකක් උස්සගෙන ඇවිත් මාව මුලින්ම ස්ප්‍රයිස් කළේ ශලනි

එතකොට අර විදිහට සාරි ඇඳගෙන කරපු විශේෂත්වය මොකක්ද? සාරි සහ දිනක්ෂි අතරේ මොකක්දෝ සම්බන්ධයක් තියෙනවා නේද...? ඒකත් කියමු...?
ඔව්... මම මගේ බර්ත්ඩේ එක දවසේ Online සාරි ව්‍යාපාරයක් පටන් ගත්තා. ඒකේ නම “Magandhaa” ඉතින් ඒක හින්දා තමයි ඒ අය ඒ සාරි ඇඳලා අර විදිහට වැඩසටහනකුත් කළේ.

නංගිලා දෙන්නා  ලොකු අක්කණ්ඩිව ස්ප්‍රයිස් කළේ එහෙම නැද්ද...?
ඒ දෙන්නා ඉතින් මාව හැමවෙලේම ස්ප්‍රයිස් තමයි කරන්නේ. ඉතින් එදා දවල් වරුවම මම හිටියේ ගෙදර අයත් එක්කයි. අම්මි හරි රසට මම ආසා කෑම හදලා දුන්නා. නංගිලා දෙන්නාත් එක එක දේවල් කර කර මාත් එක්කම හිටියා. කොහොමටත් අපි තුන්දෙනා ගෙදර ඉන්න දවසට ඉතින් හැමවෙලේම පාටි තමයි. ඒ තරමටම කෑ ගහලා ගේ දෙවනත් කරනවා. සින්දු කියනවා. තුන්දෙනාම එකතුවෙලා නටනවා. ඉතින් එදත් ඒ විදිහටම අපි කට්ටියම සතුටින් හිටියා.

මොනවාද නංගිලා දෙන්නාගෙන් අක්කණ්ඩිට ලැබුණේ...?
නංගිලා දෙන්නා කොහොමටත් මට එක එක තෑගි දෙනවා. ගොඩාක් වෙලාවාට එයාලා දෙන්නා මගේ බර්ත් ඩේ එකට දෙන්නේ ඇඳුම් තමයි. ඉතින්... මේ බර්ත් ඩේ එකටත් එයාලා දෙන්නා මට එකතුවෙලා ඇඳුම් අරගෙන දුන්නා. කොහොමටත් ඒ දෙන්නා මම කැමති මම අඳින ඇඳුම් ගැන දන්නවා. ඉතින්... ඒවාට මම හරි ආසයි. මේ පාරත් ඒ දෙන්නා ලස්සන ගවුම් ටිකක් අරගෙන දුන්නා.

ලැබිච්චි තෑගිවලින් දිනක්ෂි ආසම තෑග්ග මොකක්ද...?
අනේ... එහෙම නෑ... මම හැම තෑග්ගකටම හරි ආසයි. ඒ හැම තෑග්ගක්ම ඒ අය මට දුන්නේ හරිම ආසාවෙන්නේ. ඉතින්... මාත් ඒ තෑගිවලට හරිම ආසයි.

ශලනි... අසේකා... කියන්නේ දිනක්ෂිගේ හොඳම යාළුවෝ දෙන්නෙක්නේ... මොනවද ඒ අය දිනක්ෂිට දුන්නේ...?
අනේ... මට එහෙම දීපු තෑග්ගනම් මතක නැහැ. හැබැයි මට ලැබුණ ලොකුම තෑග්ග තමයි ඒ අය මගේ උපන්දිනය අමතක නොකර මාව මේ විදිහට ස්ප්‍රයිස් කරපු එක මම ගැන හිතලා... කොච්චර වැඩකටයුතු තිබ්බත් ඒ දවස වෙනුවෙන් මාත් එක්ක ගත කරපු එක ගැන ඇත්තටම මම සතුටු වෙනවා. ඒකට මේ වෙලාවේ තෑන්ක්ස් කියලත් කියනවා. ඇත්තටම තෑගිවලට වඩා මට වටින්නේ ඒ අමතක නොකිරීමයි.

මේ උපන්දිනය සමරන්න විශේෂ කෙනෙක් දිනක්ෂිට හිටියේ නැද්ද...?
නෑ... අනේ... එහෙම විශේෂ එක්කෙනෙක් කියලා නැහැ. ඒ ආපු හැමෝම මගේ ජීවිතයට විශේෂයි.

දිනක්ෂිගේ ආදරණීය රසික රසිකාවියනුත් මේ උපන්දිනයට විෂ් කරලා සුභ පැතුම් පත්, තෑගි ගොඩාක් එවලා තිබුණා නේද...?
ඔව්... ඇත්තටම ඒ වගේ Wishes ගොඩාක් ලැබුණා. අපේ ගෙදර මල් කේක් ගොඩාක් එවලා තිබුණා. තෑගි පවා එවලා තිබුණා. ඇත්තටම වෙලාවකට මටත් පුදුමයි මේ තරම් ආදරයක් මට ලැබෙන්නේ කොහොමද කියලත්.

උපන්දිනය දවස ගැන මොකද හිතෙන්නේ...?
සතුටුයි... කාලය ගතවෙලා යනවා. ඒත්... ඉතින් ඒ ළඟින් ඉන්න පිරිස හැමදාමත් වෙනස් නොවී ළඟින් ඉන්න එක ගැන ඇත්තටම සතුටුයි.

Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top