සංඛ කොහොමද අලුත් තොරතුරු සංගීත ජිවිතේ ..?
අලුත් ගීතයක් කළා. ඒ වුණාට ඒ ගීතය දැන්ම විකාශය කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මගේ රෑ සිහිනේ කියන ගීතය තවම ජනප්‍රියයි. හැම චැනල් එකකම ඒ ගීතය විකාශය වෙනවා වගේම සිංදු චාට් වල තවම ප්‍රථම ස්ථානයේ තියෙන්නෙත් ඒ ගීතය. ඒ නිසා හිතුවා ටික දවසකින්ම අලුත් ගීතය රසිකයින්ට ලබා දෙනවා කියලා.
ඔබ තරුවක්. ඔබේ හඩ සංගීත ක්ෂේත්‍රයේ දැන් ස්ථාවරයි. හැම ගීතයක්ම ජනප්‍රියයි. එහෙම වෙන්න මොකක්ද රහස...?
තරුවක් කියන්නේ එක රැයකින් ජනප්‍රිය වෙනවට කියලයි මම නම් හිතන්නේ. නමුත් මම මේ තැන හදා ගත්තේ ගොඩක් දුක් විදලා. එක රැයකින් නෙමෙයි.කොහොම නමුත් මම දැන් දන්නවා මගේ මාකට් එක හදා ගන්නේ කොහොමද එකට මොකද කරන්න ඕන කියලා. හැම විෂයකම කණා ෂොට් තියෙන්නේ සීමිත ප්‍රමාණයයි. හරියට වදින්න නම් හරියට කරන්න ඕන.හරියට ඇප්ලයි කරන්න මට අදාළ දැණුම තියනවා. ඒක සමාජ ගත කරන්නත් මම දන්නවා. ඒකට ගීතයේ කොලිටි එකත් බලපානවා.
ප්‍රසංග වේදිකාවට තියන ඉල්ලුම කොයි වගේද..?
හොද ඉල්ලුමක් තියනවා. මේ දවස්වල මගේ ජිවිතේ වැඩි කාලයක් ගෙවෙන්නේ සංගීත ප්‍රසංග එක්ක තමයි.ඊට අමතරව මම මගේ ඒක පුද්ගල ප්‍රසංගයත් රට වටේ වගේම විදෙස් රටවලත් පවත්වනවා.
ඉල්ලුම වැඩි වුණාට අය කිරීමත් සංඛගේ වැඩියි කියන්නේ ඇත්තද ..?
මම අය කරන්නේ මගේ වටිනාකම අනුවයි. මගේ ගාණ ටිකක් වැඩියි.
කොහොමද පවුලේ තොරතුරු ...?
හොදයි. පවුලත් එක්ක සතුටින් ජිවත් වෙනවා. ඒකත් අමුතුම රසයක් තියන ජිවිතයක්. අපේ පුතාට දැන් මාස අටයි.එයාගේ නම යුගාන්. බිරිදත් මට ලොකු සහයෝගයක් දෙනවා.
සංගීත ප්‍රසංග නිසා මේ දවස්වල ගෙදර අයට සංඛව දකින්න ලැබෙන්නේ දවල් කාලෙට විතරද ..?
ගෙදර එනකොට පාන්දර වෙන දවස් තියනවා. ඒ දවස්වලට ටිකක් දවල් වෙනකල් ගෙදර ඉන්නවා. පුතාට දැන් මාව වැඩිපුර ඕන. මම එයාට බත් කවනවට ආසයි. සෙල්ලම් කරන්න හොයන්නේ මාව. මාත් එක්ක ගිටාර් ගහන්න එනවා. පුතාට හොද සංගීත රසයක් තියනවා. මගේ සින්දු අහන්න හරි ආසයි. අපේ ජිවිත දැන් ගෙවෙන්නේ එයා එක්ක තමයි.
ගැහැණු ළමයින්ගෙන් තවම පෙම් හසුන් ලැබෙනවලු නේද ..?