සීතල නත්තල උණසුම් කරමින් හිරු TV ඔබවෙත ගෙන ආ "හිරුත් එක්ක නත්තල්" සුපිරි සාදය කලා ලෝකයේ
ජනප්‍රිය තරු 125ට අධික සංඛ්‍යාවකගේ සහභාගීත්වයෙන් අතිසාර්ථකව අවසන් වුණා.
ආසියානු මාධ්‍ය ජාලයේ ගරු සභාපති රේනෝ සිල්වා මහතාගේ සංකල්පයක් අනුව මීගමුව ඇවෙන්රා ගාර්ඩ්න් හෝටලයේදී ඊයේ උදෑසන 9.30 සිට සවස 1.30 වන තෙක් පැවැත්වූ මෙම සුවිශේෂි සාදයේදී රැඟුම් ගැයුම් හා සුවිශේෂී මතක සටහන් ගොන්නක් ඔබ හමුවට ගෙන එන්නට කලාලොවේ තරු කටයුතු කළා.
එම සුපිරි නත්තල් කලා මංගල්‍යයේදී හිරු නත්තල් කුමාරිය ලෙසින් තාරුකා වන්නිආරච්චි හා හිරු නත්තල් කුමරා ලෙසින් රොෂාන් රණවන අභිෂේක ලැබූ අතර රුපියල් ලක්ෂය බැගින්වූ මුදල් ත්‍යාග දෙකක්ද පිරිනැමුවා.
ඒ වගේම හොඳම ඇඳුම් විලාසිතාව තේරීමේ තරඟයක්ද එහිදී පැවැත්වුණා. එයින් ජය හිමිවුණේ මහේෂි මධුශංඛා, රුවන්ගි රත්නායක සහ චුලක්ෂි රණතුංගටයි.
ඔවුන් රුපියල් පනස් දහස බැගින් වටිනා මුදල් තෑගි දිනාගනිද්දී ආදරණීය කලාකරුවන්ට නත්තල වෙනුවෙන්ම සුවිශේෂී ත්‍යාග ප්‍රදානය කිරීමක්ද මෙහිදී සිදුවුණා.
"හිරුත් එක්ක නත්තල්" සුපිරි සාදයේ ඡායාරුප එකතුව පහතින් නරඹන්න.
