සියඹලාණ්ඩුව පොලිස් වසමට අයත් අම්පාර පාර 05 කණුව ප්‍රදේශයේ සිය නිවසේ දී අලුත් අවුරුද්දට පෙර දින 13 වැනිදා කැවුම් පිසිමින් සිටි කාන්තාවක තාච්චියට ගිනි ඇවිළීමෙන් පිළිස්සුම් තුවාල ලබා රෝහල් ගතව සිටියදී 22 වැදා රාත්‍රී මීයගොස් තිබෙනවා.
මෙලෙස මිය ගොස් ඇත්තේ ඒ. එම්. කරුණාවතී (44) නමැති තිදරු මවක්.
ඇය කැවුම් පිසිමින් සිටියදී එක වරම තෙල් තාච්චිය ගිනි ගෙන සිරුරට ගිනි ඇවිලි පිළිස්සුම් තුවාල ලබා ඇති අතර, අනතුරුව සියඹලාණ්ඩුව මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා මොනරාගල දිස්ත්‍රික් මහ රෝහලට මාරුකර යවා තිබියදී මෙලෙස මියගොස් තිබෙනවා.
සියඹලාණ්ඩුව වැඩබලන පොලිස් ස්ථානාධිපති වික්‍රමසිංහ විසින් මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබනවා.