මෙම අනපේක්ෂිත අනතුර හේතුවෙන් දුම්රිය මාර්ගයට දැඩි හානි සිදුව ඇති අතර, දුම්රියේ පෙට්ටි කිහිපයක් මාර්ගයෙන් ඉවතට පැන තිබෙනවා. වඩාත් විශේෂිත කරුණ වන්නේ පීලි පැනීමත් සමඟ දුම්රිය කොටස් දෙකකට වෙන් වී යාමයි.
කාර්යාල සේවකයින් සහ එදිනෙදා රාජකාරි සඳහා කොළඹ බලා පැමිණි විශාල පිරිසක් මෙම දුම්රියේ ගමන් කරමින් සිටි අතර, අනතුරත් සමඟ ඔවුන් අතර දැඩි නොසන්සුන්කාරී බවක් සහ අසීරුතාවක් හටගෙන තිබෙනවා.
මෙම සිදුවීම නිසා මුහුදුබඩ දුම්රිය මාර්ගයේ ගමනාගමනයට දැඩි බලපෑම් එල්ල වී ඇති අතර දැනට තීරණය කර ඇත්තේ කොළඹ සිට ධාවනය වන දුම්රිය වාද්දුව දක්වා පමණක් ධාවනය කිරීමටත් බෙලිඅත්ත, මාතර සහ ගාල්ල සිට පැමිණෙන දුම්රිය දකුණු කළුතර දක්වා සීමා කිරීමටයි.
දැනට වාර්තා වන අන්දමට දුම්රිය මාර්ගයේ පීලිවලට සහ සිල්පර කොටවලට දැඩි හානි සිදුව ඇති බැවින්, යථා තත්ත්වයට පත් කිරීමට යම් කාලයක් ගතවනු ඇති බවයි වාර්තා වන්නේ.