ඔබ ජීවත් වෙන්නේ මේ ප්‍රදේශවල නම්, පවතින කාලගුණික තත්ත්වය ගැන දෙවරක් සිතන්න.
කුරුණෑගල දිස්ත්‍රික්කය:රිදීගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය.
රත්නපුර දිස්ත්‍රික්කය: කුරුවිට, කලවාන, රත්නපුර, නිවිතිගල, පැල්මඩුල්ල සහ ඇහැලියගොඩ යන ප්‍රදේශ.
මෙම ප්‍රදේශ සඳහා දැනට ප්‍රකාශයට පත් කර ඇත්තේ ‘විමසිලිමත් මට්ටම’ හෙවත් Watch කාණ්ඩයයි. මෙයින් අදහස් කරන්නේ පවතින වර්ෂාව තවදුරටත් පැවතියහොත් නායයෑමේ අවදානම ඉහළ යා හැකි බැවින් ප්‍රදේශවාසීන් ඉතාමත් අවධානයෙන් පසුවිය යුතු බවයි.
කඳුකර බෑවුම් ආශ්‍රිතව ජීවත් වන ජනතාව, පොළොවේ ඇතිවන ඉරිතැලීම්, ගස් ඇලවීම් හෝ උල්පත් ජලය මඩ පැහැයෙන් ගලා ඒම වැනි අසාමාන්‍ය ලක්ෂණ ගැන සෙවිල්ලෙන් සිටිය යුතුයි. මෙවැනි තත්ත්වයක් දුටු සැණින් ආරක්ෂිත ස්ථාන කරා යාමට වගබලා ගන්නා ලෙස බලධාරීන් ඉල්ලා සිටිනවා.