පුදුමයට කරුණක් වෙන්නේ මේ පියාඹන වාහන දකින්නත් කලින්, ඒවා මිලදී ගන්න ලෝකය පුරා ඇණවුම් 7,000කට වැඩි ප්‍රමාණයක් ලැබී තිබීමයි. මින් බහුතරයක් ඇණවුම් ලැබී ඇත්තේ චීනයෙන් වන අතර, මේ වන විටත් එරට ගුවන් සේවා බලධාරීන්ගෙන් අවශ්‍ය අනුමැතිය ලබා ගැනීමට සමාගම කටයුතු කරමින් සිටිනවා.
වාහන විතරක් නෙවෙයි, මේ වසරේ සිව්වන කාර්තුව වෙද්දී Xpeng සමාගම මානව හැඩැති රොබෝවරුන් නිෂ්පාදනයත් ආරම්භ කරනවා. මොවුන් මූලික වශයෙන්,
කාර්යාලවල පිළිගැනීමේ නිලධාරීන් ලෙස.
අලෙවි අංශවල පාරිභෝගිකයින් සමඟ අන්තර් ක්‍රියා කිරීමට.විවිධ සේවා සැපයීමට යොදා ගැනීමට බලාපොරොත්තු වෙනවා.
Xpeng සමාගම ජර්මානු මෝටර් රථ දැවැන්තයෙකු වන වොක්ස්වැගන් (Volkswagen) සමඟත් අත්වැල් බැඳගෙන සිටිනවා. මෙම වසරේදී චීනයේ ගුවැන්ෂු (Guangzhou) නගරයේදී ඔවුන්ගේ රොබෝ ටැක්සි පරීක්ෂණ ආරම්භ කරන අතර, ඉදිරි මාස 18 තුළ මෙවැනි වාහන දහස් ගණනක් නිෂ්පාදනය කිරීමට ඔවුන් සූදානම්. 2027 වසර වන විට මෙම රොබෝ ටැක්සි ලොව පුරා පරීක්ෂා කිරීමටත් ඔවුන් සැලසුම් කර තිබෙනවා.