මෙවර වෙසක් පුර පසළොස්වක පොහොය යෙදී තිබෙන්නේ මැයි මස 30 වනදාටයි.
ඒ අනුව මැයි 30 සහ ඊට පසු දිනය වන මැයි 31 (ඉරිදා) යන දින දෙක වෙසක් සැමරුම් සඳහා වෙන් කර තිබෙනවා.
මේ පිළිබඳව නිල චක්‍රලේඛය ඉදිරියේදී රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය විසින් නිකුත් කිරීමට නියමිතයි.
වෙසක් උත්සවය වෙනුවෙන් සැදැහැවතුන්ට ආගමික වතාවත්වල නිරත වීමට පහසු වන අයුරින් මැයි මස 27 වනදා සිට ජූනි 02 වනදා දක්වා කාලය "වෙසක් සතිය" ලෙස රජය විසින් නම් කර තිබෙනවා.
ඊයේ (21) රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය මේ බව නිල වශයෙන් නිවේදනය කළා.
මෙවර රාජ්‍ය වෙසක් උත්සවය පැවැත්වීම සඳහා තෝරාගෙන ඇත්තේ රුහුණු පුරවරයයි.
ඒ අනුව මාතර, තිහගොඩ, මිදෙල්ලවල පුරාණ විහාරස්ථානය කේන්ද්‍ර කරගනිමින් රාජ්‍ය වෙසක් උත්සවය උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා...