කාජල් ඇයගේ උපන්දිනය දවසේ සමාජමාධ්‍ය වෙත එක්කර තිබුණු සටහන මේ වන විට ලෝකයේම අවධානය දිනාගත්ත එකක් බවට පත්වෙලා.
දුර්ගා පූජා උත්සවය අතරතුර ලබාගත් ඡායාරූප කිහිපයක් බෙදාගනිමින් කාජල් සඳහන් කර තිබුණේ, නිසාගේ උපතත් සමඟ ඇගේ ජීවිතය සදහටම වෙනස් වූ බවයි. එහිදී ඇය සිය දියණිය වෙනුවෙන් මෙලෙස සටහනක් එක්කර තිබුණා.
"මගේ ජීවිතය සදහටම වෙනස් වුණා.. ඔයා පරිපූර්ණයි, ඒ වගේම ඔයා හැමදාමත් මගේම විතරයි."
එසේ කියමින් ලොවක් ආදරය කරන මේ සුරූපිනිය, සිය දියණියව ඉතාමත් සෙනෙහසින් වැළඳගෙන සිටින ආකාරයත් දැකගත හැකි වුණා.
2003 අප්‍රේල් 20 උපත ලද ඇය මව වගේම අතිශ්‍යය සුරූපිනියක් වෙන අතර, ඇය දැනට විදේශගතව උසස් අධ්‍යාපනය හදාරමින් සිටින බව වාර්තා වෙන්නේ.
