ඒ අනුව හිරු මාධ්‍ය ජාලයේ සාමාජිකයන්ට ආරක්ෂාව ලබා දෙන ලෙස තමන් පොලිස්පතිවරයාගෙන් ඉල්ලීමක් කළ බව සඳහන් කරමින් සමාජ මාධ්‍යවල සංසරණය වනුයේ මුළුමනින්ම ව්‍යාජ ලිපියක් බවද හිරු ටී.වී. නියෝජ්‍ය ප්‍රවෘත්ති අධ්‍යක්ෂ තරංග දිනුෂ් ජයකොඩි මහතා එමගින් සඳහන් කරයි.
එවැනි ඉල්ලීමක් හිරු මාධ්‍ය ආයතනය පොලිස්පතිවරයාගෙන් කර නොමැති බවත් එසේ කූඨ ලේඛන සකස් කළ පුද්ගලයන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බවත් නියෝජ්‍ය ප්‍රවෘත්ති අධ්‍යක්ෂවරයා එම නිවේදනය මගින් දැඩිව අවධාරණය කර තිබේ.
එමෙන්ම කේ.ඩී.ලාල්කාන්ත අමාත්‍යවරයා හිරු ප්‍රවෘත්ති වෙත එවා ඇති එන්තරවාසියට ප්‍රබල පිළිතුරක් ඉදිරි පැය 24 තුල ඔහු වෙත යවන බවද හෙතෙම එම නිවේදනය මඟින් වැඩිදුරටත් සඳහන් කරයි.
