ඒ තමයි අවුරුද්දට නිරෝගී සම්පන්නව ඉන්න සිදුකරන "හිසතෙල් ගෑමේ නැකත". ඉතින් හැමදාමත් වගේ මේ අවුරුද්දෙත් ලාංකීය ජනතාව වෙනුවෙන් මේ මහා පින්කම උත්කර්ෂවත් අයුරින් සංවිධානය කරන්න හිරු ටීවී සූදානම් වෙලා ඉන්නවා.
මෙවර "සූර්ය සිංහලේ හිරු අවුරුදු" හිසතෙල් ගෑමේ මහෝත්සවය පැවැත්වෙන්නේ ඓතිහාසික කැලණිය රජමහා විහාරස්ථානයේදීයි. විහාරාධිපති මහාචාර්ය පූජ්‍ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමිපාණන් වහන්සේගේ පූර්ණ අනුශාසකත්වය මත මේ වනවිටත් සියලු කටයුතු සූදානම් කර අවසන්.
අද (15 වැනිදා) පූර්ව භාග 06.55 ට යෙදෙන සුබ නැකතින් තමයි හිසතෙල් ගෑමේ චාරිත්‍රය සිදුකෙරෙන්නේ. ඉතින් ඔබත් ගෙදර ඉඳන් මේ චාරිත්‍රය කරනවා නම් මේ දේවල් අනිවාර්යයෙන් මතක තබාගන්න ඕනේ...
කොළ පැහැති වස්ත්‍රබරනයෙන් සැරසී නැගෙනහිර දිශාව බලා.හිසට කොහොඹ පත්, පයට කොලොන් පත් ද තබා කොහොඹ පත් යුෂ මිශ්‍ර නානු හා තෙල් ගා ස්නානය කිරීම ඉතාමත් යහපත් බවයි නැකැත් සීට්ටුවේ සඳහන් වෙන්නේ.
මේ අතර මෙවර හිසතෙල් ගෑමේ ජාතික මහෝත්සවය මහනුවර දළදා මාළිගා පරිශ්‍රයේ ඇති නාථ දේවාල භූමියේදී පැවැත්වීමට නියමිතයි.