දිවයිනේ ප්‍රදේශ කිහිපයකට ඇද හැලෙන නොකඩවා වර්ෂාව හේතුවෙන් දිස්ත්‍රික්ක හතරක් සඳහා නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබෙනවා.
මෙම අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත්තේ පළමු මට්ටමේ අනතුරු ඇඟවීම් ලෙසයි. නායයෑමේ අවදානම ඇති ප්‍රදේශ මෙන්න.
මහනුවර දිස්ත්‍රික්කය: යටිනුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය සහ අවට ප්‍රදේශ.
කෑගල්ල දිස්ත්‍රික්කය: වරකපොල, කෑගල්ල සහ රඹුක්කන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ.
නුවරඑළිය දිස්ත්‍රික්කය: නුවරඑළිය සහ අඹගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ.
රත්නපුර දිස්ත්‍රික්කය: ඉඹුල්පේ, කුරුවිට, ඕපනායක, පැල්මඩුල්ල සහ රත්නපුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ.
විශේෂයෙන්ම කඳුකර ප්‍රදේශවල පදිංචි ජනතාව සහ මේ දිනවල විනෝද චාරිකා යන පිරිස් මේ පිළිබඳව වැඩි අවධානයක් යොමු කළ යුතු බවයි සඳහන් වන්නේ. පොළොවේ පැලීම්, ගස් ඇලවීම් හෝ ක්ෂණිකව උල්පත් මතුවීම වැනි ලක්ෂණ පෙනෙන්නට තිබේ නම් වහාම ආරක්ෂිත පියවර ගන්නා ලෙස බලධාරීන් දැනුම් දෙනවා.