ඒ තමයි මේ වගේ අපරික්ෂාකාරී රියදුරන්ගේ වීඩියෝ පොලිසියට කෙලින්ම යවන්න පුළුවන් විශේෂ WhatsApp අංකයක් හඳුන්වා දීම
ඔබ පාරේ යන විට යම් වාහනයක් ඉතා අන්තරාදායක ලෙස ධාවනය කරනවා දුටුවහොත්, එය වීඩියෝ කර පහත අංකයට යොමු කරන්න පුළුවන්.
070 47 55 600
මෙම අංකය රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ (DIG) සෘජු අධීක්ෂණය යටතේ පැය 24 පුරාම ක්‍රියාත්මකයි. ඒ කියන්නේ ඔබ එවන වීඩියෝ එක ගැන වහාම පියවර ගන්න පොලිසිය සූදානම්.
නිකන්ම වීඩියෝ එකක් යවලා වැඩක් නැහැ, පොලිසිය පවසන පරිදි එම වීඩියෝව සමඟ පහත තොරතුරුත් අනිවාර්යයෙන්ම එවන්න ඕනේ..
සිදුවීම වූ දිනය
ස්ථානය
පොලිස් වසම
පොලිස් මාධ්‍ය කොට්ඨාසය මෙහිදී විශේෂ දෙයක් මතක් කරලා තිබෙනවා. ඒ තමයි, AI (කෘත්‍රිම බුද්ධිය) තාක්ෂණය භාවිතා කරලා හදපු බොරු හෝ ව්‍යාජ වීඩියෝ මේ අංකයට එවන්න එපා කියන එක. එවැනි දේවල් කරන්න ගියොත් ඒ අයටත් නීතිය තදින්ම ක්‍රියාත්මක වෙන්න පුළුවන්.