Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Apr
08
"නඩත්තු තවත් වැඩි කරන්න වෙයි.. ඒකටද හොදයි කියන්නේ.." මවගේ කීමට කනේ පහරක් ගැසූ පුතා දියණියගේ ජයග්‍රහණයත් එක්ක තවත් කෝප වෙයි..

- "නඩත්තු තවත් වැඩි කරන්න වෙයි.. ඒකටද හොදයි කියන්නේ.." මවගේ කීමට කනේ පහරක් ගැසූ පුතා දියණියගේ ජයග්‍රහණයත් එක්ක තවත් කෝප වෙයි..Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

2,030 Views

ඇය ලැබූ මේ ජයග්‍රහණයට කිසිවෙකුත් සතුටු නොවුන්නේ ඇයි..?

මෙවර උසස් පෙළ විභාගයෙන් විශිෂ්ට ලෙස සමත් වුණු ඇයගේ සතුට ක්ෂණයකින් සුණුවිසුණු වී ගියා.

ඒ තමන්ගේ පියාගේ ක්‍රියාකලාපය ගැන දැනගත් පසුවයි.. 


හාපුරා කියා මුලින්ම දුටු මිනිපිරිය සරසවි වරම් ලැබු පුවතට සතුටුවීම පසෙක තබා දෙස් දොවොල් තබමින් කිරි අම්මකු හඬා වැටුණු සිද්ධියක් වයඹ පුරවරයෙන් අසන්නට ලැබුණා. එහෙම වුණේ ඇයි කියලා දන්නවාද..?

පවුලේ එකම තරුණ පුතු කලක සිට ගමේ පදිංචිව සිටින තරුණ දියණියක සමඟ පෙම් සබඳතාවක් ගොඩනගා තිබුණා. එයට ඔහුගේ පාර්ශවයෙන් දැඩි විරෝධතා එල්ල වුණා.

එය තඹ දොයිත්තුවකට මායිම් නොකළ ඔහු තනි අභිමතයට ඇය විවාහ කරගෙන ඇයගේ මුල් නිවසේ බින්න බැස්සා.

වැඩිකල් යාමට මත්තෙන් ඔවුන්ගේ කැදැල්ලට දරු සුරතල් බැලීමේ භාග්‍ය උදා වුණා. ඇය දඟකාර හැඩකාර දියණියක්.

එම පවුල් දෙකේම මව්පියන් දුටු එකම මිනිපිරියද එම දියණිය‍යි. ඒ සිද්ධිය මත ඔහුගේ පාර්ශවයෙන් එතුවක් තිබු අමනාපකම් ද දුරු වුණා.

එය එසේ වුවත් වැඩිකල් යන්නට මත්තෙන් විවාහය දෙදරන්නට වුණා. ඔහු තම බිරියත්, දියණියත් ප්‍රතික්ෂේප කළා. ඔහු මව්පියන්ගේ නිවසේම නැවතුණා.

ඇය තම දරුවාත් වඩාගෙන පොලීසියට ගියා. අධිකරණය පිහිට පතා ඔහුගෙන් දික්කසාද වුවා. එසේම ඇය දරුවාට නඩත්තු මුදලක්ද ඉල්ලා සිටියා.
ඇය දරුවා සමග වාසය කළා. එහෙත් ඔහු තවත් කතක සමඟ නැවත විවාහ වුණා. එම විවාහයේ ඔවුනට දරුවන් තිදෙනෙකි. ඔහු ඔවුන් ජීවත් කරවන්නට අපමණ වෙහෙස දැරුවා. එසේම පළමු බිරියගේ දරුවාට අධිකරණය හමුවේ පෙනී සිට මාස්පතා පො‍රොන්දු වු නඩත්තු මුදල් ගෙවීමටද අමතක නොකළා.

ඔහු වසර ගණනාවක් තිස්සේ එලෙස නඩත්තු මුදල් ගෙව්වා. එම දියණිය උසස් පෙළ විභාගයට පෙනී සිටියා. එම විභාගය නිම වු පසුව අධිකරණයට කරුණු වාර්තා කර තවදුරටත් නඩත්තු මුදල් ගෙවීම නතර කර දීමට ඔහුගේ නීතිඥවරයා එකඟ වී සිටියා. එම දිනය එළඹෙන තෙක් පුතුගේ මව ඇඟිලි ගැන්නා. ඒ පුතු උපයන මුදලින් අමතර මුදලක් ගෙවීම එදින සිට හෝ නවතින බැවිනි.
කාලය ගෙවුණා. උසස් පෙළ විභාගයේ ප්‍රතිපල නිකුත් වුණා. ප්‍රතිඵල ගැන විපරම් කිරීමේදී එම දියණිය විභාගය ඉහළින්ම සමත්ව සරසවි වරම් ලබා ඇති බව පුතුටත්, මවටත් දැන ගන්නට ලැබුණා..

"අනේ හොදයි, යාන්තම් ඇති. ඒකත් ඉවරයි" අම්මා දෙවැනි විවාහයේ දරුමල්ලන් තුරුලට ගෙන දිගු සුසුමක් හෙලු‍වා.
"අම්මා මොනවද මේ හොදයි කියන්නේ. ඒකි වැඩිදුර අධ්‍යාපනය ලබනවා කියන්නේ මම මෙතෙක් ගෙවපු නඩත්තුව තවත් වැඩිකරන්න වෙන එකයි. ඒකටද හොදයි කියන්නේ" පුතා ඇසුවා.

"අයියෝ, ඉවරයි, ඉවරයි. මදැයි උඹ ඒකෙන් බේරෙන කම් මං බලාගෙන හිටියා. ඒකත් තොපේම කරුමේ තමයි" යනුවෙන් තුරුලට ගත් පොඩි උන්ද ඉවතට දමා එකී මිනිපිරියට දෙස් දෙවොල් තබමින් කිරි අම්මා ගෙට වැදුණාලු‍.
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top