ලබුගම සහ කලටුවාව ජල පිරිපහදු මධ්‍යස්ථානවල නඩත්තු කටයුත්තක් නිසා අද (08) උදෑසන 8 සිට රාත්‍රී 8 දක්වා පැය 12ක කාලයක් ජල සැපයුම අත්හිටුවීමට ජල සම්පාදන මණ්ඩලය තීරණය කර තිබෙනවා.
ඔබත් මේ ප්‍රදේශවල අයෙක් නම්, වතුර බිඳක් හෝ ඉතිරි කරගන්න අමතක කරන්න එපා.
පාදුක්ක, මීපේ, මාවතගම, ගලගෙදර, පින්නවල, වේවැල්පනාව, පිටුම්පෙ.
උඩුමුල්ල, අරුක්වත්ත, වේරගල, බෝපේ, මලගල, කහවල, මිල්ලව.
කොටිගන්ගොඩ, පෝරෙගෙදර, අංගම්පිටිය, අංගම්මන, මීරියගල්ල සහ යටවතුර.
ජල කප්පාදුව අස්සේ කාලගුණයත් අද "සෙල්ලම්" පෙන්වන පාටයි. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන පරිදි අද දහවල් කාලයේදී මීගමුව, වරකපොළ, අරණායක, ගම්පොළ, බිබිල සහ අක්කරෙයිපත්තු යන ප්‍රදේශවලට හිරු හරියටම මුදුන් වෙනවා. ඒ කියන්නේ රස්නය උපරිමයි!
හැබැයි මේ රස්නය අස්සේ හවස 1න් පස්සේ බස්නාහිර, සබරගමුව, දකුණ සහ වයඹ ඇතුළු දිස්ත්‍රික්ක කිහිපයකට ගිගුරුම් සහිත වැසි ඇති වෙන්නත් ඉඩ තියෙනවා.
ඉතින්, ඔබේ ප්‍රදේශයත් මේ ලැයිස්තුවේ තියෙනවා නම්, වතුර ටිකක් කලින්ම එකතු කරගෙන ලෑස්ති වෙන්න!