අද සිට ලබන 15 වැනිදා දක්වා සූර්යයා දෘෂ්‍ය ලෙස උතුරු දෙසට ගමන් කිරීම නිසා ශ්‍රී ලංකාවට සෘජුවම ඉහළින් හිරු පවතින බවයි පැවසෙන්නේ.
විශේෂම දේ තමයි, අද දවල් 12:13 ට දොඩන්දූව, රත්ගම, යක්කලමුල්ල, අකුරැස්ස, මුල්කිරිගල, රන්න, කලමැටිය සහ උස්සන්ගොඩ යන ප්‍රදේශවලට හිරු මුදුන් වීමට නියමිතයි. ඒ කියන්නේ මේ ප්‍රදේශවල අයට අද දහවල් කාලයේදී හිරු රශ්මිය සෘජුවම අත්විඳින්නට ලැබෙනවා.
හැබැයි මේ හිරු රශ්මිය අස්සේම හවස් වෙද්දී තද වැසි ඇද හැලෙන්නත් ලොකු ඉඩක් තියෙනවා කියලා ආරංචි වෙනවා. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ ඇතුළු පළාත් කිහිපයකට පස්වරු 2 න් පස්සේ මිලිමීටර් 50 ඉක්මවන තරමක තද වැසි ඇතිවෙන්න පුළුවන්. ඉතින් අද දවල් 12 ට රස්නය විඳින ගමන් හවස වැස්සටත් ලෑස්ති වෙලා ඉන්න කියලා තමයි කාලගුණ අංශ ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.