සති කිහිපයක පාලුව මකාගෙන මහනුවර නගරයට යළිත් ජීවය දෙන්නට මහනුවර රාත්‍රි වෙළෙඳ පොළ (Kandy Breeze Night Fest) සූදානම් වෙමින් පවතිනවා.
මෙවර විශේෂත්වය වන්නේ ආදරවන්තයින්ගේ දිනය යෙදෙන මේ මස 14 වැනිදා සිටම මෙය ආරම්භ වීමයි.
මීට සති කිහිපයකට පෙර බලපෑ 'දිව්වා' සුළි කුණාටුව හේතුවෙන් නතර කර තිබූ මෙම රාත්‍රි වෙළෙඳ පොළ යළි ආරම්භ කරන්නේ “මහනුවර නගරය ආලෝකමත් කරමු” යන තේමාව පෙරදැරි කරගෙනයි.
මේ පිළිබඳ නිල ප්‍රකාශය ඊයේ (10) මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය එස්. බී. එස් අභයකෝන් මහතා විසින් සිදු කරනු ලැබුවා.
දිනය: පෙබරවාරි 14 වැනි සෙනසුරාදා සිට (සෑම සෙනසුරාදාවකම).
වේලාව: පස්වරු 6.30 සිට මධ්‍යම රාත්‍රී 12.00 දක්වා.
ස්ථානය: මහනුවර යටිනුවර වීදිය කේන්ද්‍ර කර ගනිමින්.
යටිනුවර වීදිය කේන්ද්‍ර කර ගනිමින් මෙම වෙළෙඳ පොළ පැවැත්වුවත්, දෙස් විදෙස් සංචාරකයින් විශාල පිරිසක් නගරයට පැමිණීම නිසා නගරයේ සෙසු වීදිවල ව්‍යාපාරික ස්ථාන ද රාත්‍රි කාලයේ විවෘතව තැබීමට සැලසුම් කර තිබෙනවා.
එමගින් මුළු මහනුවර නගරයටම නව ආර්ථික පණක් වගේම ආලෝකයක් ලැබෙන බවයි ආණ්ඩුකාරවරයා පෙන්වා දුන්නේ.
මෙම සෙනසුරාදා ඔබේ ආදරණීයයන් සමඟ මහනුවර යනවා නම්, රාත්‍රී 12 වෙනකම් නුවර අසිරිය විඳගන්න, රසවත් ආහාර වේලක් භුක්ති විඳින්න වගේම ෂොපින් කරන්න ඔබට හොඳම අවස්ථාවක් ලැබෙනු ඇති.