ඒත් ඉන්දියාවේ හර්යානා ප්‍රාන්තයේ ෆරිදාබාද්හි පැවති සුප්‍රසිද්ධ සුරාජ්කුන්ඩ් සැණකෙළි භූමිය ඊයේ හැන්දෑවේ එකවරම ලේ විලක් බවට පත්වුණේ කාටවත් හිතාගන්නවත් බැරි විදිහටයි.
"සුනාමි පැද්දීම" (Tsunami Swing) නමින් හැඳින්වෙන දැවැන්ත ඔන්චිල්ලාව අහස උසට ගිහින් කැරකෙමින් තිබුණේ එහි සිටි 15 දෙනෙකුගේ සතුටු කෑගැසීම් මැදයි.
පස්වරු 6:15 ට විතර මුළු සැණකෙළි භූමියම සලිත කරමින්, එම ඔන්චිල්ලාව දරාගෙන සිටි යන්ත්‍රයේ දෝෂයක් නිසා එය අඩි ගණනාවක ඉහළ සිට වේගයෙන් කඩා වැටුණා.
අවාසනාවන්තම සිදුවීම වුණේ, ඔන්චිල්ලාව කඩා වැටෙන අවස්ථාවේ ඒ අසල ආරක්ෂක රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරියෙකු මතටම මෙය කඩා වැටීමයි.
අනතුරින් අවාසනාවන්ත ලෙස ඔහු ජීවිතයෙන් සමුගත්තා.
ඔන්චිල්ලාවේ නැගී විනෝද වෙමින් සිටි පිරිස අතරින් 13 දෙනෙක් මේ වන විට රෝහල් ගත කර ඇත්තේ බරපතල තුවාල සහිතවයි.