මිනිස්සුන්ගේ මානසික මට්ටම් එකිනෙකට වෙනස්. සමහරු තමන්ගේ රහස් හංගන්න උත්සාහ කරද්දී, තවත් සමහරු තමන්ගේ අසරණකම ඉස්සරහා අඬනවා.
මේ කියන්න යන්නේ පිරිමියෙකුගේ හිත ඇතුළේ තිබුණු විකෘති ආසාවකට ගැහැනියකගේ ආදරයෙන් ප්‍රතිකාර කරපු හැටි ගැන හිතාගන්න බැරි අපූරු කතාවක්.
''සුරංගව මට මුලින්ම හම්බුණේ ස්පෝට් මීට් එකකදී. අපි වෙන ස්කූල් එකකට ගියා වොලිබෝල් මැච් එකකට. එදා තමයි මම එයාව මුලින්ම දැක්කේ.
එයා මගේ නම්බර් එක ඉල්ලගත්තා. මාත් ඉතින් වැඩිය හිතන් නැතුව දුන්නේ. පස්සෙ අපි දෙන්නා මැසේජ් කරලා සෙට් වුණා. අපි අතරේ මුකුත් එහෙම සීමාව ඉක්මවා ගිය දේවල් වුණේ නෑ ඉතින්... හැබැයි නොවුණා කියන්නත් බෑ.
එයා එක දවසක් එයාලා ගෙදර එන්න කිව්වා. එයාලා ගෙදරට ලොකු කන්දක් නඟින්න ඕනි. කොහොම හරි එදා අම්මයි තාත්තයි ගෙදර හිටියේ නෑ.. ගමනක් ගිහිල්ලා. පස්සේ අපි දෙන්නා අතර ගොඩක් දේ වුණා. මම මුලින්ම පිරිමියෙක් ඉස්සරහා නිරුවත් වුණේ එදා.
ඒත් එක්කම මට දෙයක් කියන්න තියෙනවා කියලා එයා කබඩ් එක ඇරියා. දන්නවද ඒකේ තිබ්බෙ මොනාද කියලා? දෙයියනේ... මට මුලින්ම ඇතිවුණේ ලොකු අප්පිරියාවක්.. ඒ යට ඇඳුම්... ගෑනුන්ගේ යට ඇඳුම්.. එක එක විදිහේ.. එක එක සයිසස්... කබඩ් එක පිරෙන්නම තිබුණා.
මට මුලින්ම හිතුණේ මම මේ ඉන්නේ මොන වගේ විකෘති මනුස්සයෙක් එක්කද කියලා. ඒත් එයා මගේ කකුල් දෙක ළඟ වැටිලා අඬන්න ගත්තා. එයා කිව්වා ඒක එයාගේ වැරැද්දක් නෙවෙයි කියලා. එයාට චූටි කාලේ ඉඳන් ආසාවක් තිබ්බලූ ගෑනූ අයගේ යටඇඳුම්වලට. හොරකම් කරනවලූ ගෙවල්වලින්.. ඔහොම එකතු කරගත්ත "කලෙක්ෂන්" එකක් තමයි ඒ කබඩ් එකේ තිබුණේ.
ඒත් එයා අඬපු විදිහට මට මහා පුදුම දුකක් හිතුණා. මොකද පව්නේ.. ඒක එයාගේ වැරැද්දක් නෙවෙයි, ඒක මානසික ලෙඩක් කියලා මට තේරුණා. ඒ වගේම ඒ රහස එයා මට කිව්ව එක ගැන මට හරි ආදරේ හිතුණා. අපි පස්සෙ ඉතින් ඒ හැමදේම අමතක කරලා සමඟි සාමදාන වුණා.
අද එයා මගේ සැමියා. පුදුමෙ කියන්නේ එදා මම එයාට දුන්න ආදරය නිසා දැන් එයා යටඇඳුම් හොරකමේ යන්නෙ නෑ.
දැන් එයාට ඒ පිස්සුව සම්පූර්ණයෙන්ම සුව වෙලා. එයාගේ හැමදේම මං විතරයි.''