හෙට 78 වැනි නිදහස් දිනේ සමරන්න රටම ලෑස්ති වුණාට, නිවාඩු දවසේ පොඩි "ෂොට් එකක්" දාගෙන ඉන්න හිතපු සෙට් එකට නම් අද රෑ ලැබුණේ එච්චර සුබ ආරංචියක් නෙවෙයි.
හෙට පෙබරවාරි 04 වැනිදා නිදහස් දිනය වෙනුවෙන් දිවයිනේ සියලුම මත්පැන් අලෙවිසැල් (Wine Stores) වසා තැබීමට රජය තීරණය කරලා තියෙනවා.
ඒ කියන්නේ හෙට දවස පුරාම කොහේවත් බෝතලයක් විකුණන්න අවසර නැහැ.
ඉතින් හෙට නිදහසේ "තොල් තෙමාගන්න" ඕනේ නම්, දැන් ඉතිරි වෙලා තියෙන්නේ පැය කිහිපයක් විතරයි.
අද රෑ කඩ වහන්න කලින් තමන්ගේ "කෝටාව" ලෑස්ති කරගත්තේ නැත්නම්, හෙට වෙන්නේ ප්ලේන්ටියක් බීලා නිදහස් දින පෙළපාලිය දිහා බලාගෙන ඉන්න තමයි.