ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් වසංගත තත්ත්වයක් ඇති කළ හැකි භයානක රෝග දහය අතරට එක් කළ නීපා වෛරසයෙන් මෙතෙක් ශ්‍රී ලංකාවට බලපෑමක් එල්ලවී නොමැති බව සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජයමුණි පවසනවා.
ඔහු පැවසුවේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශවලට අනුව ඒ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශය අවධානයෙන් පසුවන බවයි.
මේ අතර, මාරාන්තික නීපා වෛරස් ව්‍යාප්තිය හේතුවෙන් ආසියානු කලාපයේ රටවල් රැසක් සිය ගුවන් තොටුපළවල පරීක්ෂණ කටයුතු දැඩි කිරීමට පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව, මේ වන විට මෙම නීපා වෛරසය ආසාදිතයන් අස්ලවැසි ඉන්දියාවේ බටහිර බෙංගාලයෙන් වාර්තා වෙනවා.
මෙයට එරෙහිව මෙතෙක් එන්නතක් හෝ නිශ්චිත ඖෂධයක් සොයාගෙන නොමැති අතර, පූර්ව ආරක්ෂාව වඩාත් වැදගත් වන බවයි සෞඛ්‍ය අංශ අනතුරු අඟවන්නේ.