පාකිස්ථානය විසින් ඇෆ්ගනිස්තානයට එල්ල කළ ප්‍රහාරයෙන් ඇෆ්ගනිස්තාන ක්‍රිකට් ක්‍රීඩකයින් තිදෙනෙකු ඇතුළු 08 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ කබීර්, සිබ්ගතුල්ලා සහ හරූන් යන ක්‍රිකට් ක්‍රීඩකයින් තිදෙනායි.
ක්‍රිකට් තරගයකට සහභාගී වී පක්ටිකා වෙත ගොස් යළි නිවසට පැමිණෙමින් සිටි අතරතුර ඔවුන් මෙම ප්‍රහාරයට ලක්ව තිබෙනවා.
එම ප්‍රහාරයෙන් පසුව ලබන මාසයේදී පාකිස්ථානය සහ ශ්‍රී ලංකාව සමඟ පැවැත්වීමට නියමිතව තිබූ තුන්කොන් එක්දින ක්‍රිකට් තරඟාවලියෙන් ඉවත් වීමටයි ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් මණ්ඩලය තීරණය කර තිබෙන්නේ.
මෙම ප්‍රහාරයෙන් තවත් 7 දෙනෙකු තුවාල ලබා ඇති අතර, ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් මණ්ඩලය මෙම සිද්ධිය සම්බන්ධයෙන් පාකිස්ථාන පාලනයට චෝදනා කරනවා.
කණ්ඩායමේ ක්‍රීඩකයින් තිදෙනෙකු ද ඇතුළුව අට දෙනෙකුට දිවි අහිමි කරමින් සිදු වූ මෙම ප්‍රහාරයෙන් පසු, තරඟාවලියට සහභාගී වීමේ හැකියාවක් නොමැති බවයි ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් මණ්ඩලය නිවේදනය කරන්නේ.