මෙම සම්මානය ලැබුණේ, අපගේ ශරීරයේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය තමන්ගේම පටකවලට හානි කිරීම වළක්වා ගන්නේ කෙසේද යන්න පිළිබඳව ඔවුන් කළ මූලික සොයාගැනීම් වෙනුවෙන්.
මෙම පර්යේෂණයේ හරය වන්නේ නියාමන T සෛල (Regulatory T cells - T regs) නම් විශේෂ සෛල වර්ගයයි.
ජපන් විද්‍යාඥ ෂිමොන් සකගුචි විසින් මෙම T regs සෛල හඳුනාගෙන තිබෙනවා.
ඔහු පෙන්වා දුන්නේ, මෙම සෛලවල ප්‍රධාන කාර්යය වන්නේ ප්‍රතිශක්තිකරණ පද්ධතියේ අනෙකුත් සෛලවල ක්‍රියාකාරිත්වය පාලනය කිරීම සහ යටපත් කිරීම බවයි.
මෙය ශරීරය තුළ ඇති වන ස්වයං ප්‍රතිශක්තිකරණ ප්‍රතිචාර (ස්වයං පහර දීම) වැළැක්වීමට අත්‍යවශ්‍ය යාන්ත්‍රණයක් ලෙස සලකනු ලබනවා.
ඇමරිකානු විද්‍යාඥයින් වන මේරි ඊ. බ්‍රන්කොව් සහ ෆ්‍රෙඩ් රැම්ස්ඩෙල් සොයා ගත්තේ, මෙම T regs සෛලවල නිසි ක්‍රියාකාරිත්වය සඳහා Foxp3 නම් වූ විශේෂිත ජානයක් තීරණාත්මක වන බවයි.
මෙම Foxp3 ජානයේ දෝෂයක් ඇති වුවහොත්, T regs සෛලවලට පාලන කාර්යය නිසි ලෙස ඉටු කළ නොහැකි වන අතර, එය දරුණු ස්වයං ප්‍රතිශක්තිකරණ රෝග ඇතිවීමට හේතු වන බව මේ හරහා දැනගත හැකි වී තිබෙනවා.
සමස්තයක් ලෙස මෙම සොයාගැනීම මඟින් ප්‍රතිශක්තිකරණ පද්ධතිය ස්වයං-හානි වීම වළක්වන ආකාරය පිළිබඳ පැහැදිලි අවබෝධයක් ලබා දී ඇති බවයි සඳහන් වන්නේ.
මෙම දැනුම අද වන විට, ස්වයං ප්‍රතිශක්තිකරණ රෝග සඳහා නව ඖෂධ සංවර්ධනය කිරීමටත්, පිළිකා සඳහා වන ප්‍රතිශක්ති චිකිත්සාවන් (Immunotherapies) වඩාත් ඵලදායී කිරීමටත්, මූලික අඩිතාලම දමා තිබෙනවා.