මේ කියන්න යන්නේ අන්න ඒ සතිය ඔබට කොහොමද කියන කාරණයයි.. බලන්නකෝ මේ සතිය සමහරවිට ඔබේ ජීවිතය වෙනස් කරන සතියක් වේවි..
මේෂ
පියපස ඥාති උපකාරයක්
සිතේ සැහැල්ලුවෙන් කාලය ගත කරයි. මේ සතියේ සඳු ග්‍රහයා 10,11, 12, 1 යන භාව මතින් ගමන් කරයි.
ගෘහ ජීවිතය
පවුලේ කටයුතුවලදී මූලිකත්වයක් ගැනීමට සිදුවෙයි. නිතර ප්‍රභූ අය හා ඇසුරට අවස්ථාව උදා කරයි. දේපළ ගැටලුවක් නිරවුල් කර ගැනීමට හැකිවන කාලයකි. වෙනදාට වඩා දුරදිග බලා කටයුතු කරන්න. දැහැමි කටයුතුවලට යොමුවන කාලයකි. පියපස ඥාතියකුගෙන් උපකාරයක් හිමිකරයි.
රැකියාව
රැකියාවේ කටයුතු පිළිබඳ පැවැති අවිවේකි බව මඟහැරී යයි. තනතුරු ලාභ, ස්ථාන මාරු අපේක්ෂාවෙන් සිටින අයට සුබදායකයි. විදෙස් රැකියාවකට හිමිකම් ඇති කාලයකි.
අධ්‍යාපනය
තරගකාරි කටයුතු කිහිපයකට සම්බන්ධවීමට අවස්ථාව උදා කරයි. මෙතෙක් දුර්වලතා ඇතිකළ විෂයයන් කෙරෙහි උනන්දුව, උද්‍යෝගය ඇතිකරන කාලයකි. තරග විභාගයක් වෙනුවෙන් උනන්දුවන බවක් පෙනේ. අමතර භාෂාවක් ඉගෙනීමට වෙහෙසෙයි.
සෞඛ්‍යය
වරින්වර ඇතිකරන උරහිස සම්බන්ධ ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවෙයි. පරම්පරාගත රෝගයක් ඉස්මතු විය හැකි කාලයක් බැවින් ඒ පිළිබඳ සැලකිලිමත් වන්න. පාදයේ ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවන සතියකි.
අය 07 වැය 06
ජය අංකය – 04
ජය වර්ණය – නිල්
සුබ දවස – බ්‍රහස්පතින්දා
වෘෂභ
සමාජයේ කැපී පෙනෙයි
පවුලේ කටයුතු පිළිබඳ මූලිකත්වයක් ගන්නා සතියකි. මේ සතියේ සඳු ග්‍රහයා 9,10, 11, 12 යන භාව මතින් ගමන් කරයි.
ගෘහ ජීවිතය
අලුත් දැනහැඳුණුම්කම්වලට හේතු සැලසෙන සතියකි. වෙනදාට වඩා උත්සාහයෙන් කටයුතු සිදුකරන බවක් පෙනේ. විවාහ කටයුතු සම්බන්ධ විශේෂ අවධානයක් යොමුකරයි. අනවශ්‍ය වියදම් යෙදෙන කාලයකි. සමාජයේ කැපී පෙනෙන අන්දමේ කටයුතු කිහිපයක් සිදු කරයි.
රැකියාව
රැකියා ස්ථානයේ අය අතර සුහදතාවයෙන් කටයුතු කිරීමට හැකිවෙයි. ප්‍රධානීන්ගේ පැසසුමට ලක්වන බවක් පෙනේ. උගත්කමට සරිලන රැකියා මාර්ගවලට හේතු ඇතිකරයි. යම් යම් අතපසුවීම් සිදුවිය හැකි කාලයක් බැවින් කල්පනාවෙන් කටයුතු කරන්න.
අධ්‍යාපනය
උසස් අධ්‍යාපන කටයුතුවලට සම්බන්ධ වූ අයට සුබදායකයි. නව දැනුම සොයා යන මාර්ගවල නිරතවන කාලයකි. විදෙස් අධ්‍යාපනයකට සැලසුමක් ඇතිකර ගනී.
සෞඛ්‍යය
ශරීර වෙහෙස මහන්සිය ඇතිවන අන්දමේ කරුණු කිහිපයක් සිදු කරයි. උෂ්ණාධික අසනීපයක් හෝ චර්ම ගත ආබාධයකින් පීඩා ගෙන දෙයි. ආහාරපාන ගැනීමේදි සැලකිලිමත් වන්න.
අය 06 වැය 04
ජය අංකය – 09
ජය වර්ණය – කොළ
සුබ දවස – බදාදා
මිථුන
සැලසුමක් සාර්ථක වෙයි
ප්‍රමාද වූ සැලසුමක් සාර්ථක කර ගැනීමට හැකිවන සතියක් සඳු ග්‍රහයා මේ සතියේ 8, 9,10,11 යන භාව මතින් ගමන් කරයි.
ගෘහ ජීවිතය
හදිසි තීරණයක් වෙනස් කරයි. දුර ඥාතියකුගෙන් උපාකරයක් හිමිවීමට ඉඩ ඇත. පැවැති අසහනකාරි බවක් මඟහැරී යයි. නිතර සමාජසේවා කටයුතුවලට යොමුවන කාලයකි. සති අන්තයේදී තැන්පත් ධනය වැයවන අන්දමේ කටයුතු කිහිපයක් යෙදීමට ඉඩ ඇත.
රැකියාව
අලුත් රැකියා අපේක්ෂාවෙන් සිටින අයට සුබදායකයි. අතමිට සරුකරන සුළු සුළු රැකියා මාර්ගවලට හිමිකම් ඇති කරයි. පරම්පරාගත රැකියාවකටද හිමිකම් ඇති කාලයකි. රැකියා ස්ථානයේ කටයුතු හේතුවෙන් දුරපළාතකට යාමට සිදුවන බවක් පෙනේ.
අධ්‍යාපනය
දැනුම, බුද්ධිය වර්ධනය වන කටයුතුවලට සම්බන්ධවීමට අවස්ථාව උදා කරයි. එමෙන්ම අලුත් පොත්පත් මිලදී ගැනීමකට ද කටයුතු උදා කරයි. ගණිත අංශය, .තාක්ෂණික අංශයෙන් විශේෂ දක්ෂතා දක්වන කාලයකි.
සෞඛ්‍යය
වරින්වර ඇතිකරන උගුර සම්බන්ධ ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදු වෙයි. පාදයේ ආබාධයක් හේතුවෙන්ද පීඩාකාරි බවක් ඇති කරන සතියකි. දුරදිග බලා කටයුතු කරන්න.
අය 07 වැය 06
ජය අංකය – 09
ජය වර්ණය – තැඹිලි
සුබ දවස – සිකුරාදා
කටක
තනතුරු මාරුවකට ඉඩ
නොසන්සුන්කාරි ලෙස කටයුතු සිදු කරයි. මේ සතියේ සඳු ග්‍රහයා 7, 8, 9,10 යන භාව මතින් ගමන් කරයි.
ගෘහ ජීවිතය
විවාහ ගිවිස ගැනීමකට කටයුතු උදා කරයි. වෙනදාට වඩා සිතේ සතුටින් කාලය ගත කරයි. අමතර ලැබීම් සහිත කටයුතු කිහිපයක් යෙදේ. පැවැති ගණුදෙනුවකින් නිදහස උදා කරයි. සතිය මැද කාලයේදී අලුත් දේ මිලදී ගැනීමට කටයුතු සැලසේ.
රැකියාව
රැකියාවේ කටයුතු පිළිබඳ දුරදිග සිතා බලන්න. පිරිස් පාලනය, අණදෙන ක්ෂේත්‍රයේ රැකියා මාර්ගවලට හේතු ඇති කරයි. එමෙන්ම තනතුරු මාරුවීම්, ස්ථාන මාරුවීම්වලට ඉඩකඩ ඇති කාලයකි. අලුත් ව්‍යාපාරයක් ඇරැඹීමට යහපත්ය.
අධ්‍යාපනය
අමතර දේ ඉගෙනීමට කටයුතු උදා කරයි. විශේෂ පාඨමාලාවක් හැදෑරීමට දුරපළාතකට යාමට සිදුවෙයි. විදෙස් අධ්‍යාපනයකට සැලසුමක් සකස් කරගන්නා කාලයකි.
සෞඛ්‍යය
ශරීර සෞඛ්‍යය පිළිබඳ සැලකිලිමත් වන්න. වරින්වර ඇතිකරන පාදයේ ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවෙයි. එමෙන්ම රුධිරගත සීනි මට්ටම, කොලෙස්ටරෝල් වැනි අසනීප කෙරෙහිද සැලකිලිමත්වන්න.
අය 07 වැය 05
ජය අංකය – 04
ජය වර්ණය – ළා නිල්
සුබ දවස – සඳුදා
සිංහ
සාධාරණව කටයුතු කරයිි
යන එන තැන කැපී පෙනෙන සතියකි. සඳු ග්‍රහයා මේ සතියේ 6,7,8, 9 යන භාව මතින් ගමන් කරයි.
ගෘහ ජීවිත
ප්‍රමාදවූ කටයුතු කිහිපයක් සාර්ථක කර ගැනීමට හැකිවෙයි. සාධාරණ ලෙස කටයුතු කිරීමට සිතන කාලයකි. විවාහ දිවියේ සැපත සතුට ඇති කරයි. පවුලේ අයගේ දුක සැප සොයා බැලීමට අවස්ථාව උදා කරයි. විදෙස් ඥාතියකුගේ උපකාරයක් හිමිවීමට ඉඩ ඇත. ගනුදෙනුවකින් නිදහස්වීමට අවස්ථාව උදා කරයි.
රැකියාව
කරදර බාධා යෙදුණත් රැකියාවේ කටයුතු ඉතා සාර්ථකව කරගෙන යන බවක් පෙනේ. එමෙන්ම ඇවිදිලි වැඩිකරන රැකියා මාර්ගවලටද හේතු යෙදෙන කාලයකි. ස්වයං රැකියාවකින් අමතර ලැබීම් හිමි කරයි.
අධ්‍යාපනය
වෙනදාට වඩා පොතට පතට ළැදිව කටයුතු කරයි. අලුත් දේ ඉගෙනීමට ආශාවක් දක්වන සතියකි. නව දැනුම සොයා යන මාර්ගවල නිරතවන කාලයකි. විශේෂ පාඨමාලාවක් හැදෑරීමට යොමුවන කාලයකි.
සෞඛ්‍යය
වරින්වර ඇතිකරන උගුර සම්බන්ධ ආබාධයකට ප්‍රතිකාර ලබාගනී. ශරීර වෙහෙස මහන්සිය ඇතිකරන සතියකි. යටපත් වූ සෙම් රෝගයක් නැවත මතු කරයි. හදිසි ප්‍රතිකාර පතා දුර පළාතකට යාමට සිදුවෙයි.
අය 07 වැය 06
ජය අංකය – 07
ජය වර්ණය – කොළ
සුබ දවස – බ්‍රහස්පතින්දා
කන්‍යා
වෙළෙදාම සරුවේ
පවුලේ බැඳීම් වැඩිකරන සතියකි. මේ සතියේ සඳු ග්‍රහයා 5, 6,7,8 යන භාව මතින් ගමන් කරයි.
ගෘහ ජීවිතය
උත්සාහයෙන් කටයුතු සිදුකරයි. තීන්දු තීරණ ගැනීමේදී දුරදිග සිතා බලන්න. වෙනදාට වඩා ආගමික නායකයන්ගේ සහය පතන බවක් පෙනේ. නැතිවූ දෙයක් නැවත හිමිවීමෙන් සිතට සතුටක් ඇති කරයි. විදෙස් ඥාතියකුගෙන් උපකාරයක් හිමිවීමට ඉඩ ඇත.
රැකියාව
රැකියාවේ කටයුතු පිළිබඳ තීරණ ගැනීමේදි දුරදිග සිතා බලන්න. ගතසිත වෙහෙසා කරන රැකියා කටයුතුවලට යොමුවීමට ඉඩ ඇත. වෙළෙඳ ව්‍යාපාර කටයුතුවලට සම්බන්ධ වූ අයට වෙනදාට වඩා අතමිට සරුකරයි. තනතුරු ස්ථිරවීමක් පිළිබඳ බලාපොරොත්තුවක් ඉටුකරන සතියකි.
අධ්‍යාපනය
අලුත් දේ ඉගෙනීමට කටයුතු උදා කරයි. ගණිත අංශය, තාක්ෂණික අංශය කෙරෙහි යොමුවීමට අවස්ථාව උදා කරයි. උසස් අධ්‍යාපන කටයුතු හේතුවෙන් දුර පළාතකට යාමට සිදුවන කාලයකි.
සෞඛ්‍යය
ඇසේ හටගන්නා දුර්වලතාවයක් හේතුවෙන් ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවේ. සුළු සුළු කැපීම්වලට හේතු ඇති කරයි. සති අන්තයේදි හදිසියේ හට ගන්නා අජීර්ණ ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවේ.
අය 06 වැය 04
ජය අංකය – 02
ජය වර්ණය – කොළ
සුබ දවස – ඉරිදා
තුලා
දනට පිනට ළැදි වෙයි
ගැටලුවක් නිරවුල් කර ගැනීමට හැකිවන සතියකි. මේ සතියේ සඳු ග්‍රහයා 4,5,6,7 යන භාවස්ථානවලද ගමන් කරයි.
ගෘහ ජීවිතය
විශේෂ කෙනකුගේ හමුවීමක් සිදු කරයි. ගෘහ ජීවිතයේ පැවැති ගැටලුකාරි බවක් නිරවුල් කර ගැනීමට හැකිවෙයි.. එමෙන්ම පවුලට අලුත් සාමාජිකයකු එක්වන බවක් පෙනේ. සතිය මැද කාලයේදි පොරොන්දු ගිවිසුමක් සාර්ථක කරයි. දනට පිනට ළැදි කාලයකි.
රැකියාව
රැකියාවේ ඉදිරි සැලසුමක් වෙනස් කරයි. අලුත් රැකියා අපේක්ෂාවෙන් සිටින අයට එතරම් යහපත් කාලයක් නොවනු ඇත. ජලාශ්‍රිත කටයුතු සම්බන්ධ රැකියා මාර්ගවලට නිරත වූවන්ට සුබදායකයි. එමෙන්ම අමතර වගකීම් බහුල රැකියා මාර්ගවලට හේතු සැලසේ.
අධ්‍යාපනය
තරගකාරි කටයුතු කිහිපයකට සම්බන්ධවීමට සිදුවෙයි. මෙතෙක් කරගෙන ආ පාඨමාලාවක් සාර්ථක ලෙස නිමාකර ගැනීමට හැකිවෙයි. අමතර භාෂාවක් ඉගෙනීමට වෙහෙසෙන කාලයකි.
සෞඛ්‍යය
උෂ්ණාධික රෝගයකින් පීඩා අත්කරයි. වෙනදාට වඩා තමා ගන්නා ආහාරපාන ගැන සැලකිලිමත් වන්න. හදිසි ක්ලාන්ත ගතියකටද ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවෙයි.
අය 06 වැය 04
ජය අංකය 02
ජය වර්ණය – කොළ
සුබ දවස – සිකුරාදා
වෘශ්චික
විශ්වාසවන්ත ඇසුරක්
හිතුමතයට කටයුතු කරන කාලයකි. මේ සතියේ සඳු ග්‍රහයා 3,4,5,6 යන භාව මතින් ගමන් කරයි.
ගෘහ ජීවිතය
දුර දිග බලා කටයුතු කළයුතු කාලයකි. සිතේ චංචල ගතිය නිසා කටයුතු කිහිපයක් වෙනස් කරයි. විශ්වාසවන්ත කෙනකුගේ ඇසුරට කටයුතු උදා කරයි. ළඟින් ඇසුරුකළ අයෙකුගේ හදිසි දුරස්වීමක් සිදුකරයි. ශාරීරික වෙහෙසීම් බහුල කාලයකි. අසල්වැසි සුහදතාවයට කරුණු සැලසේ. අවිවේකී බවක් ඇතිකරන සතියකි.
රැකියාව
රැකියාවේ කටයුතු සම්බන්ධව පැවැති අවිවේකී බව මඟහැරී යයි. රැකියා කරන ස්ථානයේ තරමක ඉහළින් සිටීමට කටයුතු උදා කරයි. ඇවිදිලි වැඩිකරන රැකියා මාර්ගවලට හේතු සැලසෙන සතියකි. එමෙන්ම දෑතේ මහන්සියෙන් කරන රැකියා කටයුතුවලටද අවස්ථාව උදා කරයි.
අධ්‍යාපනය
උගත් දෙයින් ප්‍රයෝජන ලබා ගත හැකි කාලයකි. සංගීතය හා කලා අංශයට යොමු වේ. උසස් අධ්‍යාපන කටයුතුවලට සම්බන්ධ වූ අයට සුබදායකයි. තරමක බාධා යෙදුණත් ඉගෙනීමේ කටයුතු උත්සාහයෙන් උනන්දුවෙන් කරගෙන යයි.
සෞඛ්‍යය
පීනස වැනි සෙම් රෝග හිසට, පපුවට බලපාන්න ඉඩතිබේ. හදිසි වෛද්‍ය පරීක්ෂණයකට ද යොමුවීමට සිදුවන බවක් පෙනේ. එමෙන්ම ශරීර අභ්‍යන්තරයේ ඇතිවන අසනීප තත්ත්වයකට ද ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවේ.
අය 07 වැය 06
ජය අංකය – 02
ජය වර්ණය – රතු
සුබ දවස – ඉරිදා
ධනු
රැකියා ස්ථානයේ හොඳ හිත දිනයි
පැවැති ගැටලු කිහිපයක් නිරවුල් කර ගැනීමට හැකිවන සතියකි. මේ සතියේ සඳු ග්‍රහයා 2,3,4,5 යන භාවස්ථානවල ගමන් කරයි.
ගෘහ ජීවිතය
වියදම් බහුල සතියකි. උත්සාහයෙන් කටයුතු සිදු කරයි. දරුවකු පිළිබඳ සතුටට පත්වීමට හේතු ඇති කරයි. ගේ දොර දියුණුව මෙන්ම පවුලේ සමගියට හේතු ඇති කරයි. ආගම දහමට ළැදිව කටයුතු සිදු කරයි. පැරැණි හිතවතකුගේ හමුවීමක් සිදුවීමට ඉඩ ඇත. විනෝදයෙන්, සැහැල්ලුවෙන් කාලය ගත කිරීමට උත්සාහ ගනී.
රැකියාව
රැකියාවේ වගකීම් වැඩි කරයි. තනතුරු අපේක්ෂාවෙන් සිටින අයට සුබදායකයි. වෙළෙඳ ව්‍යාපාර කටයුතුවලින් අමතර වාසි සැලසෙන කාලයකි. රැකියා ස්ථානයේ අය අතර හොඳ හිත දිනාගෙන කටයුතු කිරීමට අවස්ථාව උදා කරයි.
අධ්‍යාපනය
උසස් අධ්‍යාපන කටයුතුවලට යහපත්ය. විද්‍යා හා තාක්ෂණ අංශවලින් සහජ දක්ෂතා දක්වයි. ගුප්ත ශාස්ත්‍රය ඉගෙනීමට ද කැමැත්තක් දක්වන කාලයකි. අමතර පාඨමාලාවක් හැදෑරීමට යොමුවන කාලයකි.
සෞඛ්‍යය
උගුරේ අමාරු, අත්වල අමාරු නිතර නිතර හටගැනීමට ඉඩ ඇත. ආහාර විෂවීමක් හේතුවෙන්ද පීඩාගෙන දෙන කාලයකි. හදිසි සෞඛ්‍ය පරීක්ෂණයකට යොමුවන කාලයකි.
අය 07 වැය 05
ජය අංකය – 06
ජය වර්ණය – තැඹිලි
සුබ දවස – සිකුරාදා
මකර
රහස් ගමනක් යෙදේ
වගකීම් බහුල සතියකි. මේ සතියේ සඳු ග්‍රහයා 1,2,3,4 යන භාව මතින් ගමන් කරයි.
ගෘහ ජීවිතය
අසල්වැසි සුහදතාවයට බාධා ඇති කරයි. සහෝදරාදීන්ට ළැදි කාලයකි. සමාජසේවා කටයුතුවලට සම්බන්ධවීමට සිදුවෙයි. අන් අයගේ අදහස්වලට ගරුකරන කාලයකි. ගේ දොර දියුණුවට විශේෂ පියවර කිහිපයක් ගන්නා බවක් පෙනේ. රහස් ගමනක් යෙදීමට ඉඩ ඇත. ළඟින් ඇසුරු කරන අයකු සමඟ විශ්වාසය බිඳවැටීමක් සිදුවීමට ඉඩ ඇත. බාහිර අලංකාරය වෙනුවෙන් වෙහෙසෙන කාලයකි.
රැකියාව
රැකියාවේ ඉදිරි සැලසුමක් වෙනස් කරයි. එමෙන්ම තමා කරගෙන යන රැකියාවට අමතර ලාභ හිමිකරන රැකියා මාර්ගවලට හේතු ඇති කරයි. වෙහෙස ඇති රැකියා මාර්ගවලටද කටයුතු උදාකරයි.
අධ්‍යාපනය
පොතපත කියවීමට කැමැතිය. කලා ක්ෂේත්‍රයේ කටයුතුවලට වැඩි නැඹුරුතාවයක් දක්වයි. දහම් අධ්‍යාපනික කටයුතුවලින් විශේෂ දක්ෂතා අත්වන බවක් පෙනේ.
සෞඛ්‍යය
උරහිස සම්බන්ධ ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවෙයි. හදිසි වැටීම් තැලීම්වලට ඉඩ ඇති කරයි. යටපත් වූ සෙම් රෝගයක් නැවත මතු කරන දිනයකි.
අය 06 වැය 05
ජය අංකය – 04
ජය වර්ණය – කොළ
සුබ දවස – බදාදා
කුම්භ
පවුලේ උත්සව අවස්ථාවක්
වෙහෙසීම් බහුල සතියකි. මේ සතියේ සඳු ග්‍රහයා 12,1,2,3 යන භාව මතින් ගමන් කරයි.
ගෘහ ජීවිතය
උරුම හිමිකමක් පිළිබඳ ගැටලුවක් විසඳා ගැනීමට හැකිවෙයි. අවිවේකය නිසා විනෝදයට බාධා ඇති කරයි. පැවැති අඟහිඟතා කීපයක් මඟහැරී යයි. පවුලේ උත්සව අවස්ථාවක් වෙනුවෙන් වෙහෙසෙයි. අසරණ කෙනකුට ඇප උපස්ථාන කිරීමට අවස්ථාව උදා කරයි.
රැකියාව
වෙහෙස මහන්සියක් ගෙන දෙන රැකියා මාර්ගවලට හේතු සැලසේ. රැකියාවේ තනතුරු වෙනසක් සිදුවීමට ඉඩ ඇත. ස්වංයරැකියා කටයුතුවලට සම්බන්ධ වූ අයට අතමිට සරුකරන බවක් පෙනේ.
අධ්‍යාපනය
අලුත් දේ ඉගෙනීමට කටයුතු උදාකරයි. තරඟ විභාගයකට සම්බන්ධවීමට අවස්ථාව සැලසෙන සතියකි. කණ්ඩායම් වැඩසටහනකට සම්බන්ධවීමට සිදුවෙයි. විදෙස් අධ්‍යාපනයකට සැලසුමක් ඇතිකර ගන්නා කාලයකි.
සෞඛ්‍යය
කන්වල ආබාධ, උරහිස සම්බන්ධ ආබාධ හේතුවෙන් පීඩාකාරි බවක් ඇති කරයි. එමෙන්ම නිතර නිතර ඇතිවන සෙම් දෝෂයකටද ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවෙයි. ජලය සම්බන්ධ කටයුතුවලින් ඈත්වීම යහපත් වෙයි.
අය 07 වැය 06
ජය අංකය – 07
ජය වර්ණය – දම්
සුබ දවස – සිකුරාදා
මීන
විදෙස් රැකියාවලට සුබයි
පවුලේ දියුණුව සම්බන්ධ විශේෂ පියවර කිහිපයක් ගන්නා කාලයකි. මේ සතියේ සඳු ග්‍රහයා 11, 12, 1, 2 යන භාව මතින් ගමන් කරයි.
ගෘහ ජීවිතය
අමතර ලැබීම් සහිත කටයුතු කිහිපයක් යෙදේ. පැවැති නීති ගැටලුවකින් නිදහස උදාකරයි. නිතර වයසින් අඩු අය සමඟ ඇසුරට අවස්ථාව උදා කරයි. තීරණ ගැනීමේදී දුරදිග සිතා බලන්න. සතිය මැද කාලයේදී විවාහ ගිවිසුමක් සාර්ථක කරන බවක් පෙනේ.
රැකියාව
රැකියාවේ කටයුතු නව මුහුණුවරකින් කරගෙන යෑමට අවස්ථාව උදා කරයි. තනතුරු හා ස්ථාන වෙනස්කම්වලට හේතු සැලසේ. විදෙස් රැකියා බලාපොරොත්තු වන අයට සුබදායක සතියකි.
අධ්‍යාපනය
උසස් අධ්‍යාපන කටයුතුවලින් විවිධ ජයග්‍රහණ හිමිකරයි. විශේෂ පාඨමාලාවක් හැදෑරීමට යොමුවන කාලයකි. දැනුම, බුද්ධිය වර්ධනය වන කටයුතු කිහිපයකට යොමුවීමට අවස්ථාව උදාකරයි.
සෞඛ්‍යය
සෙම් රෝග බහුලවීමෙන් උගුර ආශ්‍රිත ආබාධ, හිසේ ආබාධ ආදිය මතුවීමට ඉඩ ඇත. යටපත් වූ කොන්දේ අමාරුවක් හේතුවෙන්ද පීඩාකාරි බවක් මතු කරයි. හදිසියේ හට ගන්නා අජීර්ණ ආබාධයක් හේතුවෙන් පීඩා අත්කරයි. කෑම බීම ගැන පරෙස්සම් වන්න.
අය 06 වැය 05
ජය අංකය – 04
ජය වර්ණය – කොළ
සුබ දවස – සිකුරාදා
සුබසෙත පුවත්පත ඇසුරෙන්..