වන සතුන් පළවා හැරීම සඳහා ශබ්ද තරංග භාවිතා කිරීම සම්බන්ධයෙන් අවධානය යොමුවී තිබෙනවා.. මෙම ශබ්ද තරංග යන්ත්‍ර වගාවන්ට හානි සිදුකරන වන අලින් ,වදුරන් රිලවුන් වැනි සතුන් ඉලක්ක කර ගනිමින් සකසා ඇති බවයි වාර්තා වෙන්නේ..
ඒ සම්බන්ධයෙන් පොල් පර්යේෂණ ආයතනය විසින් සිදුකළ පර්යේෂණය අවසන් අදියරේ පවතින බවයි, පොල් පර්යේෂණ ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ නයනි ආරච්චිගේ පැවසුවේ..
මේ අතර වගා භූමියන් තුළ මෙම යන්ත්‍රවල ක්‍රියාකාරීත්වය පරීක්ෂා කර බැලීමට නියමිතව ඇති බවත් එලෙස පරීක්ෂා කිරීමේ වට කිහිපයකින් පසුව වනජීවී දෙපාර්තමෙන්තුව සමඟ එක්ව වගාකරුවන් වෙත ශබ්ද තරංග යන්ත්‍ර ලබාදිය හැකි බව නියෝජ්‍ය අධ්‍යක්ෂවරිය වැඩිදුරටත් මෙහිදී පැවසුවා..
අරුණ පුවත්පත ඇසුරෙන්..