මේ රටම සෙවූ සෙව්වන්දි ගැන ඇහෙන අලුත්ම ආරංචිය...
පද්මේ ඇතුළු පාතාල කල්ලිය සතුව තිබූ ජංගම දුරකථන 28ක් ඉන්දුනීසියානු පොලිසියෙන් ශ්‍රී ලංකා පොලිසියට භාර දී ඇති බව ද වාර්තා වෙනවා. ඒ අනුව එම දුරකථන භාවිතයෙන් ගන්නා ලද ඇමතුම් පිළිබඳ මේ වන විටත් විමර්ශන ආරම්භ කර ඇති බවයි කියවෙන්නේ.
ඒ අතර කොළඹ මහාධිකරණයේදී පාතාල නායකයෙකු වූ ගණේමුල්ල සංජීව වෙඩි තබා ඝාතනය කිරීමට උදව් කළ බවට චෝදනා එල්ල වූ ඉෂාරා සෙව්වන්දි නැමැත්තිය, අපරාධය සිදුවී ටික දිනකට පසු ඩුබායි වෙත පැනගිය බවට තොරතුරු හෙළි වී තිබෙනවා.
මෙම තොරතුරු හෙළි වී තිබෙන්නේ ඉන්දුනීසියාවේ ජකර්තා නගරයේදී අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කරමින් සිටින පාතාල නායක කෙහෙල්බද්දර පද්මේ ලබාදුන් තොරතුරු අනුව බවයි වාර්තා වන්නේ.
මේ වන විටත් ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට පත් වූ සැකකරුවන්ගෙන් සිදුකරන ප්‍රශ්න කිරීම්වලදී තවත් බොහෝ තොරතුරු අනාවරණය වී ඇති බව සඳහන්.
එමෙන්ම මෙම සැකකරුවන් මෙරට දේශපලනඥයින් සමඟ ගණුදෙනු සිදුකර ඇත්දැයි යන්න විමර්ශනය සිදුකරනු ලබන බවද පොලිසිය කියනවා.
එහිදී මෙම අපරාධ කරුවන්ගේ මෙරට දේපල සම්බන්ධයෙන් ද විමර්ශන සිදුකරනු ලබන බව පොලිසය සඳහන් කරනවා.