ඒත් සමහරු නොහිතන මොහොතක ජිවිතෙන් සමුගෙන යනවා... අද ඉන්දිය අහසෙන් කඩා වැටුණු එයාර් ඉන්දියා ගුවන් අනතුරෙන් ජිවිතෙන් සමුගෙන ගිය අය ගැන හුඟාක් දුක්බර කතා මුහුණු පොත හරහා ශෙයා වෙනවා... මේ සටහන ඒවගේ තවත් කදුළු කතාවක්...
රතික් ජෝෂි ලන්ඩනයේ ජීවත්වෙමින් හිටියා ... ඒ අවුරුදු හයක් තිස්සේ... ඒත් රතික්ගේ හදවත ඉන්දියාවේ තිබුණේ.. ඒ ඔහු අප්‍රමාණව ආදරේ කරපු දරු පවුල නිසා ... ඔහුගේ ලෝකයම වුණේ ඔවුන්..
මෘදුකාංග ක්ෂේත්‍රයේ විශේෂඥයෙකු වන ඔහුට, ඔහුගේ බිරිදටත් සහ ඉන්දියාවේ සිටින පුංචි දරුවන් තුන්දෙනා වෙනුවෙනුත් වඩා හොඳ අනාගතයක් ලන්ඩනයේ ගොඩනැගීමට පුරා කාලයක් තිස්සේ සිහිනයක් තිබුණා.
අවසන් වශයෙන්, වසර ගණනාවක් තිස්සේ කළ සැලසුම් වලින් පසු එම සිහිනය සැබෑ වීමට නියමිත වුණා.
දින දෙකකට පෙර, ඔහුගේ බිරිද වන වෛද්‍ය කෝමි ව්‍යාස්, ඉන්දීය රෝහලක තිබූ වෛද්‍ය රැකියාව අත්හැර දැමූවා...
හැමෝගෙන්ම සමුගත්තා... ඒත් ඒ ඔවුන්ගේ අවසන් සමුගැනීම බව ඔවුන් දැනගෙන හිටියේ නෑ...
මේ අවාසනාවන්ත දවසේ උදේ ප්‍රතික්, කෝමි, සහ ඔවුන්ගේ දරුවන් තුන්දෙනා හරිම සතුටින් Air India 171 ගුවන් යානය ලන්ඩනය බලා පිටත් වුණා...
එකම එක තප්පරයකින් ඉන්දිය අහසෙන් ඒ හීන සේරම කඩාගෙන වැටුණා...
ඔහු ගුවන් යානයේ සිට selfie එකක් අරගෙන තිබුණා... ඔහු එය යාලුවන්ට එවා තිබුණා.. ඒ මේ වගේ සටහනක් එක්ක...
" මේක තමයි අපේ අලුත් ජීවිතයක "
අලුත් හීන අලුත් බලාපොරොත්තු සුන් වුණා... ගුවන් යානය කඩා වැටුණා. ඔවුන් කිසිවෙකුත් දිවි ගලවා ගත්තේ නැහැ...
තප්පරගානක් තුල අවුරුදු ගණනාවක් තිස්සේ එකතු වුන පැතුම් විනාශ වුණා.
ජීවිතය හිතන්නේවත් නැති තරම්වත් වෙලාවක භයානකව වෙනස් වෙන හැටි... ආදරය කරන හැමදෙනාම එක තප්පරයකදි නැති වෙන්න පුලුවන්. ජිවිතේ හරිම පුදුමයි නේද ?
ඒ පුංචිම පුංචි මල් කැකුළු එක්ක සතුටින් හිනා වෙලා හිටිය සෙනෙහබර පවුලක ඉරණම් ගමන සදාකල් වේදනා දෙන මතකයන් ලොවට ඉතුරු කරමින් අවසන් වුණා...