Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



May
20
දැන් කාලේ වගේ නෙමෙයි ඒ කාලේ හිරයක් ගන්න ලේසි නෑ... පුරාණ ලංකාවේ පුදුම හිතෙ විවාහ චාරිත්‍ර තිබුණා කියලා දන්නවද ?

- දැන් කාලේ වගේ නෙමෙයි ඒ කාලේ හිරයක් ගන්න ලේසි නෑ... පුරාණ ලංකාවේ පුදුම හිතෙ විවාහ චාරිත්‍ර තිබුණා කියලා දන්නවද ?Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

3 Views

පෘතුගීසි භාෂාවෙන් බිඳී ආපු වචනයක් වන කසාදය, ඒ වගේම හිරයක් ගේනවා ව⁣ගේ විවිධ නම් වලින් හඳුන්වන විවාහයේදී සිද්ධ කරන ඉපැරණි චාරිත ගැන කතා කරන්නයි අපි සූදානම් වෙන්නේ.


ලංකාවේ විවාහ චාරිත්‍ර සියල්ලම සිද්ධ කලේ ජොතිෂ්‍යයට මුල්තැන දීලා.

සියළුම දේවල් නැකතට තමයි කලේ.

සුබ මොහොතට, ආගමික චාරිත්‍රයක් විදියට සලකල තමයි ඉපැරණ ලංකාවේ විවාහ කටයුතු සිද්ධ වුනේ.

ඒ වගේම විවාහ චාරිත්‍ර ලංකාවේ ප්‍රදේශයන් ප්‍රදේශයට වෙනස් වුනා.

01. අතීත ලංකාවේ මේ දක්වා පවතින විවාහ ක්‍රම ...

විවාහ ක්‍රම මූලික වශයෙන් කොටස් දෙකකට බෙදී තියෙනවා. ඒ තමයි බින්න විවාහ සහ දීග විවාහ.

“ගිනිහුලක්, තල්අත්තක් සැරයටියක් අරගෙනම යන්න ඕනි කසාදය තමයි බින්න විවාහය කියන්නේ.”

මේක තමයි ලංකාවේ බින්න විවාහයට යන පිරිමියෙක්⁣ට දෙන නිර්වචනය කිව්වොත් වැරදි නෑ.

ඒ කියන්නේ බින්න විවාහය කියන්නේ කසාද බැදල බිරිඳගේ ගෙදර පදිංචියට යෑම.

දීග විවාහය කියන්නේ මනමාලි මනමාලයා⁣ගේ ගෙදර පදිංචියට යෑම.

ඒ ව⁣ගේම මේ වෙනකොට ලංකාවේ දකින්න නැති එකගෙයි කෑමත් ලංකාවේ තියෙන විවාහ ක්‍රමයක්.

මේකෙන් බලාපොරොත්තු වුනේ දේපල පිටතට බෙදීයාම වැළැක්වීම.

එක කාන්තාවක් එක පවුලේ පිරිමි දෙන්නෙක් කසාද බඳින එක තමයි මෙතනදි සිද්ධ වෙන්නේ.

ඒ වගේම ඇවැස්ස නෑනා හා මස්සිනා අතර විවාහයද එක් විවාහ විධියක්.

02. කපුවාගේ කාර්යය

ඇවැස්ස නෑනා මස්සිනා විවාහය හැරුණු කොට ගොඩක් වෙලාවට ලංකාවේ විවාහයට මුල් වෙන්නේ මඟුල් කපුවන්.

මඟුල් කපුවන් කියන්නේ විවාහයට සුදුසු තරුණයෙකුට හෝ තරුණියකට සුදුසු කෙනෙක් සොයන පිරිස්.

ගොඩක් වෙලාවට තරුණියකගේ ගෙවල් වල කැමැත්ත මත තරුණයා මුලින්ම කපුවකුගේ මාර්ගයෙන් මනමාලිව බලන්න එනවා.

මේ විදියට දෙගොල්ලන්ගේ සියළු විස්තර කපුවකුගේ මාර්ගයෙන් තමයි ඔවුන් දැන ගන්නේ.

ඒ වගේම විවාහය අවසන් වී මනාලිය මනාලයාගේ ගෙදරට කැන්දගෙන යන තෙක් සියළුම දේවල් කපුවගේ උපදෙස් මත සිද්ධ කරනවා.

03. විවාහයට පෙර

මුලින්ම කරන්නේ දෙන්නගේ හඳහන් බලලා පොරොන්දම් බලන එක. ඒ කියන්නේ දෙන්නට දෙන්න කොච්චර දුරට ගැලපෙනවද කියල බැලීම. ඉන්පස්සේ මනමාලයගෙයි, මනාලිගෙයි ගෙවල් වල මඟුල් දවසට කලින් දවසේ එකම නැකතකට කප් හිටවලා ⁣සියළු දේවල් හොඳින් සිද්ධ කරගන්න පුළුවන් වෙන්න කියන ප්‍රාර්ථනාවක් කරනවා. ඉන් පස්සේ නැකතට තමයි මඟුල් මඩුව, පෝරුව, කෑම බීම හැදීම වගේ මූලික දේවල් ටික සිද්ධ කරන්නේ.

04. විවාහය සිද්ධ කරන්න මනමාලයා මනාලියගේ නිවසට යෑමේදී කරන පිළිවෙත්
දැන් වගේ නෙමෙයිනේ අතීත ලංකාවේ මනමාලයා මනමාලියගේ ගෙදරට යන්නේ සුබ නැකතට බක්කි කරත්තේ.

මේ ගමන යනකොට මනමාලයාගේ පැත්තෙන් දැනමුතු අප්පා සහ දැනමුතු අම්මා යන දෙන්නෙක් සහභාගි කර ගන්නවා. මනාලිය ගෙදරට කැන්දගෙන එන තෙක් සියළුම දේවල් කරන්නේ මේ දෙන්නගෙ උපදෙස් පිට. මේ ගමනට මනමාලයාගේ අම්මා සහභාගි නොවීම සුවිශේෂී දෙයක්.

ඒ වගේම කෑම බීම, අඩුම කුඩුම සියල්ලම රැගෙන යනවා.

ඒ විතරක් නෙමෙයි තුවක්කුවකුත් අරන් යනවා… නෑ නෑ වෙඩි තියන්න නෙමෙයි, මනමාලිගෙ ගේ ආසන්න වෙනකොට මනමාලයා එන බව අහසට වෙඩිල්ලක් තියල දැනුමි දෙන්න තමයි මේ තුවක්කුව අරන් යන්නේ.

ඊට පස්සේ මඟුලට ආපු ප්‍රමාණයට බුලත් කොල මාමා හරි, මස්සිනා කෙනෙකු අතේ හරි මනමාලිගේ ගෙදරට යවනවා.

මේ මගින් මඟුලට ආපු ප්‍රමාණයට ගැන සඳහන් කරල යවන එක තමයි සිද්ධ කරන්නේ.

05. විවාහය සිද්ධ කරන අතරතුර පනවන තහංචි

මේ තහංචි පනවන එක එකතරා දුරට ගේම් එකක් කරනවා වගේ වැඩක්. මේ ගේම් එක සම්පූර්ණයෙන්ම මනමාලයාට තමයි ප්ලේ කරන්න වෙන්නෙ.

කඩුළු තහංචිය

ඒ කාලෙ තාප්ප ගහල ⁣ගේට්ටු දාල තිබුනේ නෑනේ. ඒ වෙනුවට ඉඩමට ඇතුල් වෙන තැන ලී වලින් හදපු කඩුල්ලක් තිබුනේ. මේක අතින් අයින් කරල ගෙදෙට්ට ආවෙ. ඒත් මුලින්ම කසාද බදින්න එන මනමාලයාට ඒ කඩුල්ල අයිනි කරල ඇතුල් වෙන්න අයිතියක් නෑ. ඇතුළු වෙන්න මනාලියගෙ පැත්තෙ අයගෙන් අවසර ගන්න ඕනි. මේ අවසර ගැනීම තමයි කඩුළු තහංචිය කියල හඳුන්වන්නේ. කටිටිය කඩුල්ල ළඟට ආපුවම මනාලියගේ පැත්තෙන් මෙන්න මේ විදියට කවියකින් කඩුළු තහංචිය පනවනවා.

බුද්ධං සරණේ සිරස තහංචි
ධම්මං සරණේ දෙවුර තහංචි
සංඝං සරණේ දෙපය තහංචි
මේ තුන් සරණේ කඩුලු තහංචි

මේ කවියට පිළිතුරක් දීල කඩුල්ල ඇරගන්න එක මනමාලයගෙ පැත්තෙ අයගෙ වැඩක්.
මේවගේ උත්තරයක් තමයි ගොඩක් වෙලාවට දෙන්නෙ.

බුද්ධං සරණේ සිරස දරන්නෙමු
ධම්මං සරණේ දෙවුර දරන්නෙමු
සංඝං සරණේ සිවුරු දරන්නෙමු
මේ තුන් සරනේ කඩුලු පනින්නෙමු

වත්තට ඇතුළු වන තහංචිය

කඩුල්ල පැන්න පසුව පනවන තහංචිය මේක.

වත්තේ සිව් කොන කඩුලු තහංචි
මඩුවක් ඇද පුටු වියන් තහංචි
සබයක් කොතලේ කෙන්ඩි තහංචි
මේ මඟුල් ගෙදරට එන්ට තහන්චි

මේකට මෙන්න මෙහෙම උත්තරයක් තමයි දෙන්නේ,

සිටිනා වත්තේ කඩුල්ල ගාවා
වෙසෙනා දේවතාවෝ මුර පාවා
ලොව්තුරු මුණි ගුණයෙන් බල පෑවා
සරණ බලෙන් මම මිදුලට ආවා

මඟුල් පාවඩය තහංචිය

මඟුල් පාවඩයට පය තියන්න නම් මේ තහංචියට පිළිතුරක් දෙන්න ඕනි.

පහන් දිලෙයි මුදුන් කරු දෙක ගාවා
මිහිපිට උඩුවියනේ දේව තාවා
සැම දෙව් අණයෙන් බල ඇද පෑවා
පියවිල පිට අද තහංචි වේවා

තහංචිය කඩන්නේ මේ කවියෙන්.

පහන් දිලෙයි මුදුන් කරු දෙක
හැම සොවි මිහිපිට උඩුවියනේ දේවතා හිමි
අපේ මුණි ගුණ බලයෙන් මග අරමි
පියවිලි පිට මම මඩුවට යන්නෙමි

වියන් බැඳපු මඩුවේ මම ඉන්නේ
සමන් දෙවියො වට රැස් කර ගන්නේ
අට කොණ දෙවියෝ අට කොණ ඉන්නේ
තහංචි නැත මම මඩුවට එන්නේ

පැන් කෙන්ඩියට තහංචි

මඟුල් මඩුවට ඇතුල් වුනාම පැන් කෙන්ඩියට බාර දෙන්න පෙර කරන තහංචි කවිය.

කෙතල කටේ මහ බඩු වෙසෙන්නේ
බීඩෙ බද්දා කාලි වෙසෙන්නේ
කෙන්ඩියේ විස්කම් දෙවියො වෙසෙන්නේ
තහංචි කොතලේ අතට නොගන්නේ

අවසානයේ මනමාලයා මේ විදියට උත්තර දීලා සියළු තහංචි වලින් බේරෙනවා.

වරන් මෙමට ගෙන සැම දෙවි යන්නේ
ජල පුරවාලා කෙන්ඩි ගෙනෙන්නේ
පිරුවට වසමින් ගෙන මට දෙන්නේ
තහංචි නැත කොතලේ මම ගත්තේ

පෝරුවේ නැගීම

විවාහයකදී අපි වැඩිපුරම මුල්තැන දෙන්නේ පෝරුවෙ චාරිත්‍ර වලට. මේ අවස්ථාවෙදිත් පෝරුවට නගින්න පෙර තහංචි පැනවීමක් සිද්ධ කරනවා.

උඩට බැඳපු උඩු වියන් තහංචි
බිමට එළපු පාවඩද තහංචි
වටට බැඳපු වට තිරය තහංචි
මඟුල් පෝරුවට එන්න තහංචි

තහංචි කවියට පිළතුරු කියමින් ඔවුන් පෝරුවට නගිනවා.

උඩු වියනේ ඉරු දෙවියෝ වෙසෙති
පාවඩේ මිහිකත් දෙවියෝ වෙසෙති
වට තිරේ සතු දෙවියෝ වෙසෙති
පෝරු මස්තකේ මට දැන් අයිති.

මෙසේ සියලු තහංචි මග හරිමින් ජයග්‍රහණය කරන මනමාලයා පෝරුවේ චාරිත්‍රවලින් පසු මංගල භෝජනයට සහභාගී වෙනවා..

06. මඟුල් මේසය

අතීතයේ මඟුල් මේසයේදි මනමාලයා හැසිරෙන විදිහෙන් ඔහුගේ නුවණ මැනල බලනවා. ඒ නිසා මඟුල් මේසය කියන්නේ එක්තරා ගේම් එකක මනමාලියගේ හිත ගන්න තියෙන එක ස්ටෙප් එකක් කියල කිව්වොත් වැරදි නෑ. මනමාලයගෙන් වැරැද්දක් වුනොත් හාස්‍යයට සහ දෝශ දර්ශනයට ලක්වෙනවා.

මනමාලයාට ඉඳගන්න පුටු දෙකක් ලෑස්ති කරල තියෙනවා. ඒ දෙකම සුදු රෙදි වලින් වහල තිබුනෙ. එකක් කෙසෙල් බඩවලින් සාදා සුදු රෙද්දකින් වහල තියනවා. මනමාලයා මුලින්ම අමාරුවෙ වැටෙන්න පුළුවන් මෙන්න මෙතනදි. පුටුව තෝරාගෙන ඉදගන්න එකෙන් මනාලයගේ විමසිලිමත්බව ගැන තීරණය කරනවා. බැරි වෙලාවත් කෙසෙල් බඩ පුටුවෙ වාඩි වුනොත් පුටුව කැඩිල බිමට වැටෙනවා.

කෑම මේසයේද තැන් කීපයක පෙනුමෙන් සොයා ගන්න අපහසු අමුතු ජාතියේ කෑම දීසි තියනවා. මේවා තේරුම් මාළු කියල තමයි හඳුන්වන්නෙ. ඒවයෙ රස බලා ඒවයෙ අඩංගු ද්‍රව්‍ය මනාලයා කියන්න ඕනි. මේ වගේ උගුල් වලින් මනමාලයාට ගැලවෙන්න ඕනි උපදෙස් ඒ කාලෙ වැඩිහිටියො මේ කවියෙ සඳහන් කරනවා.

සැරසිලි යට වතුර පොදිය ඉහට වැටෙන විට
පියවිලි යට බටු කටු උඹෙ පතුලේ ඇගෙන විට
සැඟවිලා කළ මනමාලිය සොයා බලන විට
ඉවසිලි හරි හැටි නැත්නම් බෑ හිර ගන්නට

07. විවාහ යුවලට ආශිර්වාද කිරීම

මංගල භෝජනයෙන් පස්සේ අතීතයේ කවිකාර මඩුවක් පැවැත්වූනා. ඒ චාරිත්‍රය මේ වෙනකොට කතා පැවැත්වීම විදියට වෙනස් වෙනනා. මනාලියට මනාලයාට අවවාද දීම්, සියළුම සංග්‍රහ වලට ස්තූතිය ප්‍රකාශ කිරීම, අඩුපාඩු සිද්ධ වුනා නමි සමාව ගැනීම ආදිය මේ හරහා සිද්ධ කරනවා.

08. මංගල පෙරහැර

මනාලිය කැන්දාගෙන ‍යන මෙම මංගල පෙරහැර ඉතා අලංකාරවත් එකක්. තම ප්‍රදේශයට අදාල නැටුම් ගැයුම් ඇතුළුව එම ප්‍රදේශය සංකේතවත් කිරීම විශේෂයෙන් සිද්ධ කරනවා.

09. මනාලයාගෙ ගෙදරට පැමිණීම

අතීත ලංකාවේ දැන් වගේ වෙනමම තැනකට හනිමුන් යෑමක් සිද්ධ කරන්නෙ නෑ. මනමාලයගෙ ගෙදරට තමයි කැන්දන් යන්නේ. මනාලිය ගෙදරට කැන්දගෙන ඒමෙන් තමයි මනාලයගෙ ගෙදර උත්සවය ආරම්භ වෙන්නේ මනාලයාගේ අම්මා වතුර වීදුරුවක් අරගෙන දෙන්න ඉදියට ඇවිත් මනමාලිට පිලිගන්වලා දෙදෙනාව ගෙතුලට ගන්නවා එතැන් ඉඳන්, තමා හැදුනු, වැඩුනු පරිසරයෙන් ඉවත් වෙලා මනාලිය අලුත් ජීවිතයක්, යුග දිවියක් ආරම්භ කරනවා.

උපුටා ගැනීමක් 
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top