මෙම රෝග තත්වය සඳහා ප්‍රතිකාර කිරීමෙන් හා ඒ වෙනුවෙන් වූ වත්පිලිවෙත් පිළි පැදීමෙන් සමනය කරගත හැකි නිසා බොහෝ දෙනෙකු දිගින් දිගටම මේ තත්වයෙන් පීඩා විදිනවා...
විලුඹ ආශ්‍රිතව වන කැක්කුම මූලික කරුණු කීපයක් මත බලපාන අතර ඇතැම්විට එය රෝග අවස්තාවක ආරම්භයක්ද වියහැකියි... සමහරවිට ඔබ ඇවිදින ඉරියව්වෙ වෙනස් වීම, විශේෂයෙන්ම වැරදි පාවහන් භාවිතය නිසා ඇතිවිය හැකියි...
මේ සඳහා මූලික විය හැකි රෝග අවස්තා
-විලුඹ අස්ථි ආශ්‍රිතව, වැඩිපුර අස්ථි වර්ධනය වීම ( වාත කණ්ඨක/ calcaneal spure)
-සන්ධි ගත වාත ( Osteoarthritis )
-විලුඹ ආශ්‍රිතව එක ගෙඩි ( Palantar Fibromatosis)
-විලුඹ ආශ්‍රිත පටක වල තෙරපීම ( plantar Fascitis )
සන්ධිගත රෝග අවස්තා නිසා වැඩි වශයෙන් මෙම විලුඹ ආශ්‍රිතව අස්ති වේදනා ඇතිවිය හැකියි..
-එමෙන්ම තරබාරුව, වැඩි වේලාවක් සිටගෙන සිටීම නිසා විලුඹ ආශ්‍රිතව වැඩි තෙරපුමක් ඇති වීමද මුලික හේතුවක් වෙනවා..
-සමහර විට විලුඹ ආශ්‍රිත පටක ඉරීයාම, ගෙවීයාම සහ මාංසමය ගෙඩි මෙයට බලපානවා..
-විශම ලෙස වල ගොඩැලි සහිත බිමෙහි පාද තබමින් බොහෝ ඇවිදීමෙදි වාත දෝෂය කෝප වී ගැටය ඇසුරු කර තද වේදනාවක් ඇති කරයි. එය වා කටු හෙවත් වාත කණ්ටකය නමින් හැඳින්වෙනවා..
-මෙහිදී බොලැට සන්ධිය මෙන්ම අසල කුඩා සන්ධි ඉදිමී , ඇවිදීමේදී බලවත් පීඩාවක් ඇති වෙනවා..
ඒ විතරක් නෙවෙයි, නව්‍ය වෛද්‍ය විද්‍යාවට අනුව ද නිරතුරුවම පීඩනයට ලක් වීමෙන් බොලැටය ආශ්‍රිතව කැල්සියම් තැන්පත් වෙනවා..
-අධික තරබාරු පුද්ගලයන්
-යටි පතුල පැතලි ව පිහිටා පුද්ගලයන්
-අඩි උස පාවහන් පලඳින පුද්ගලයන්
මෙම රෝගයට වැඩිපුර ගොදුරු වන අතර, එයට හේතු වන්නේ ඔවුන්ගේ විලුඹ නිතර අධික පීඩනයට ලක්වීමයි..
මෙහිදි calcaneus ලෙසින් හැඳින්වෙන බොලැටයේ මෙම තැන්පත් වීම සිදුවෙනවා... එය අස්තියේ පාදස්තානයෙන් සිදුවේ නම් inferior calcaneal supur ලෙසද, Ca තැන්පත් වීම අස්තිය පිටුපස වෙයිනම් posterior calcaneal supur ලෙසද හඳුන්වනු ලබන අතර, එක තරමක් විශාල වෙනවා..
රෝග ලක්ෂණ..
-එම ස්තානය වටා වේදනාවක් ඇතිවේ.
-මෙම වේදනාව විවේකීව සිට එකවර සිටගැනීම හා ඇවිදීවෙම්දි අධිකව දැනේ.
-උදෑසන නින්දෙන් අවදි වූ පසු ඇවිදීමෙදි වේදනාව අදිකව දැනේ.
-බරක් ඔසවන විට වේදනාව වැඩිවේ.
-ඇවිදීමෙදි හා දිවීමෙදි වේදනාව ඇතිවේ.
පිලිපැදිය යුතු කරුණු
-රෝගියා විසින් අදික වෙහෙස දායක ක්‍රියා අත් හල යුතුය
-ශරීර බර නියම මට්ටමක පවත්වා ගත යුතුය.
-නිවැරදි පාවහන් දැමීම.
-වෛද්‍යවරුන් විසින් නියම කරන ව්‍යායාම කිරීම
-උණුසුම් ජලය ස්නානය
-සමබල ආහාර වේලක් ගැනීම.
ඒ විතරක් නෙවෙයි මේ රෝගාබාධයෙන් පීඩාවිදින ඔබට,
-ඉදිරිය උල් හැඩති හෝ උස් අඩි පාවහන් ගැලපෙන්නෙ නැත.
-පාවහන් යුගලයේ ඇතුලත ඇඟිලි වල සිට විලුඹ දක්වාම කෙලින් තිබිය යුතුය.
-එමෙන්ම එය පැලඳි පසු යටි පතුල සහ සපත්තුවේ අඩිය හොඳින් ස්පර්ශවී තිබිය යුතුය
-ඇවිදින විට ලිස්සා නොයා යුතුය.
-රළු පොලවක ඇවිදීමට හෝ වැඩි වෙලාවක් සිටගෙන සිටීමට වේ නම්, ශරීරයේ බර හොඳින් දරා ගත හැකි පාවහන් යුගලක් තෝරා ගත යුතුය.
මෙවැනි ආහාරපාන මේ රෝගය සඳහා හිතකර වෙනවා..
-පතෝල
-එළබටු
-ලප්නාරං
-මුරුංගා
-මිදි
-වියළි ඉඟුරු
-දිවුල්
-සුදුළූණු
-කොල්ලු
-උඳු
-තල
-තිරිඟු
-පරණ හාල්
-බාර්ලි
-හීනැටි
-පරිප්පු
-දොඩං
-මසං
-උගුරැස්ස
-කිරි
-ගිතෙල්
-දී කිරි
-වෙඬරු
මෙවැනි රෝගය සඳහා අහිතකර දේ ගැනත් දැනුවත්වීම වැදගත්..
-විරුද්ද ආහාර පාන
-නිදිමැරීම
-විෂම ආහාර
-අදික වෙහෙස
-ඇල්දිය නෑම
-ඇත් අසු පිට යාම
-කරදර කල්පනා කිරීම
-සීතල වැදීම
-ආහාර අඩු කිරීම
-ලුණු
-පිටි ආහාර
-කුරක්කන්
-කඩල
-කරවිල
-මෑ කරල්
අන්තර්ජාලය ඇසුරෙන්..