Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Apr
19
හීනෙන් මැරෙනවා දැක්කොත් මොකද වෙන්නේ? නිතර දකින මේ හීනවල ඔබ නොදත් බැරෑරුම් තේරුම් හරියටම දැනගන්න...

- හීනෙන් මැරෙනවා දැක්කොත් මොකද වෙන්නේ? නිතර දකින මේ හීනවල ඔබ නොදත් බැරෑරුම් තේරුම් හරියටම දැනගන්න...Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

335 Views
නින්දේදී අපි විවිධාකාර හීන දකිනවා. සමහරක් හීන හරිම සුන්දරයි, තවත් සමහර හීන ඉතාම භයංකරයි.

නොයෙක් ආකාරයෙන් දිස්වෙන්නාවූ මේ හීන විවිධාකාර අදහස් වලින් අර්ථ දැක්වෙනවා.  

සුභ සිහින සහ අසුභ සිහින කියල ජ්‍යොතිෂයෙත් හීන වර්ග කර තිබෙනවා. සුබ සිහිනයක් දැක්කහම කාටත් නොකියා ඉඳීමෙන් සුබ ඵල අත්වෙන බවකුත්, අසුභ සිහිනයක් දුටුවොතින් දෙහි වැනි පැඟිරි ගහකට එය කීමෙන් අසුබ ඵල දුරු වෙන බවකුත් තමයි අපේ මුතුන් මිත්තෝ විශ්වාස කරල තිබෙන්නෙ.

විවිධ සිහින ගැන අපේ රටේ අතීතයේ පටන් එන ආනාවැකි වගේම බටහිර මනෝවිශ්ලේෂකයින්ද සිහින ගැන විවිධ මත පළකර තිබෙනවා.

දත් වැටීම​
හීනෙන් තමන්ගෙ දත් හැලෙනව කියන්නෙ හුඟක් අය බහුලවම දකින හීනයක්. මෙය අපිව බයට පත් කරන්න සමත් හීනයක් කිවුවත් නිවැරදියි.
දත් වැටීමේ හීන ගැන ජ්‍යෝති ශාස්ත්‍රයද ආශ්‍රයෙන් අතීතයේ පටන් පැවත එන මතය තමයි ඒක ඉතාම භයානක සහ අසුභ හීනයක් කියන එක. දත් වැටීමෙන් තමන්ගේ හෝ තමන්ගේ ඥාතියෙකුගේ මරණය වුවද සංකේතවත් විය හැකියැයි පැවසෙනවා. ඊට අමතරව දරුණු විපත් සහ භයානක අණතුරු වලට මුහුණ පාන්න සිදුවෙන බවටත් මේ හීනය මගින් අණතුරු හඟවනවලු.
හැබැයි මනෝවිශ්ලේෂකයන්ට අනුව නම් දත් හැලීම මගින් අර්ථ නිරූපණය වෙන්නෙ ඊට තරමක් වෙනස් දෙයක්. වයසට යාමේදී ශරීරයේ සුන්දරත්වය හෝ ශක්තිය අහිමිවීමේ බිය මේ මගින් නිරූපණය කෙරෙන බවයි ඔවුන්ගේ මතය වී තිබෙන්නේ. ඊට අමතරව තමන්ගේ ජීවිතයේ තමන්ට පාලනය කරගැනීමට අමාරු වෙනසක් සිදුවෙමින් පවතින කාල වලදීත් මේ හීනය පෙනෙන්න ඉඩ තිබෙන බව කියවෙනව.

මරණයට පත්වීම​
හීනෙන් තමුන් මරණයට පත්වී ඉන්නවා ඔයාලා හීනෙන් දැක තියෙනවද? තමන් මරණයට පත්වීම හීනෙන් දැකීම සුබ සිහිනයක් හැටියටයි අපේ සාම්ප්‍රදායික සිහින අර්ථදැක්වීම් වල පැවසෙන්නෙ. ධනය ලැබීම සහ යහපත් කාලයක් උදාවෙන බවක් තමයි ඒ මගින් පෙන්නුම් කරනු ලබන්නෙ.
මනෝවිද්‍යාත්මකව ගත්කල මරණයට පත්වෙනවා හීනෙන් දැකීමෙන් අදහස් වෙන්නෙ තමන්ගෙ ජීවිතයේ එක් පරිච්ඡේදයක නිමාවයි. ප්‍රේම සම්බන්ධතාවයක් බිඳුණු පසුව හෝ අදහස් අතින් තමන්ගෙ ජීවිතයේ ලොකු වෙනසක් සිදුවුණු කාලෙක මේ හීනය පෙනෙන්න පුලුවන් බවයි පැවසෙන්නෙ.

උසකින් බිමට ඇද වැටීම​
යම් උස් තැනකින් බිමට වැටෙනවා දැකීමත් ඉතාම සුලභ හීනයක්. අපේ සාම්ප්‍රදායික විශ්වාසයන්ට අනුව නම් බිමට වැටෙනවා දැකීම අවාසනාවන්ත කාලයක් උදාවෙන බවට පෙරනිමිති දක්වන හීනයක්.
මනෝවිශ්ලේෂණයට අනුව ගත්තහම ඉතාම අපූරු අන්දමට තේරුම් ගතහැකි දෙයක් තමයි මේ ඇදගෙන වැටීමේ හීන. මේ හීන වලින් බොහෝදුරට පෙන්නුම් කෙරෙන්නේ ජීවිතයේ යම්කිසි දෙයක් කෙරෙහි ඇති ඔබේ පාලනයේ අඩුවීමක්ලු. සිහිනයේදී තමන් ඇදගෙන වැටෙන ස්ථානය මගින් තමන්ගේ පාලනයෙන් තොර කාරණය පිළිබිඹු වන්නට පුලුවන් බවයි පැවසෙන්නේ. උදාහරණයක් හැටියට ඔබ ඔබේ කාර්යාල ගොඩනැගිල්ලේ මුදුනේ සිට බිම වැටෙනවා දැක්කොත් එමගින් දක්වනු ලබන්නේ ඔබේ රැකියාවේ ඔබ විඳින දුෂ්කරතාවයක් විය හැකියි.

පියැඹීම
පියාඹගෙන යනවා දැකීම හරිම සුන්දර වගේම නිතර දකින හීනයක්. පියාඹගෙන යනවා දකින හීනයේ අර්ථයත් ඒ වගේම සුන්දරයි. පියාඹගෙන යනවා හීනෙන් දැකීමෙන් වාසනාවන්ත කාලයක් උදාවී ඇති බව පෙන්නුම් කරන බවයි සාමාන්‍යයෙන් පිළිගැනෙන්නේ.
සිහින විශ්ලේෂකයන්ට අනුව ගත්තහම පියාඹගෙන යනවා කියන්නෙ ඔබේ සාර්ථකත්වය පිළිඹිබු කෙරෙන හීනයක්. උසකින් වැටීම මගින් ඔබේ පාලනයේ දුර්වලතාවය පිළිබිඹු වෙනවා යැයි අපි කීවා ඔබට මතක ඇති. පියැඹීම මගින් පිළිබිඹු වෙන්නේ ඒ සිහිනයේම අනිත් පැත්තයි. ඒ කියන්නෙ ඔබ කරන කටයුත්තක් මනා පාලනයකින් සහ සාර්ථකත්වයකින් ඔබ කරමින් සිටිනා බවක්ලු.

දියේ ගිලීම​
දියේ ගිලීමත් අපේ සාම්ප්‍රදායක මතයට අනුව අසුබ ඵල ගෙන දෙන සිහිනයක්. එමගින් රෝග පීඩා, දුක් කරදර සහ මරණය ගැන අණතුරු හඟවන බවක් තමයි පැවසෙන්නේ.
මනෝවිශ්ලේෂකයන්ගේ අදහසට අනුව දියේ ගිලීම මගින් සංකේතවත් වන්නේ තමන්ට දරාගැනීමට නොහැකි තරම් හැඟීම් ගොඩක සහ සාංකාවකින් පසුවීමයි. උදාහරණයක් හැටියට සම්බන්ධතාවයක් බිඳීයාමෙන් පසු දුකෙන් ගතකරන කාලයක් අතරතුර හෝ විසඳාගැනීමට අපහසු තරම් ප්‍රශ්න ගොඩක පැටලී සිටින වකවානුවක මේ වගේ සිහින පෙනෙන්නට තිබෙන ඉඩ වැඩියි.

සර්පයන් දෂ්ට කිරීම​
සර්පයන් සිහිනෙන් පෙනීම ගැන අතීතයේ සිට පැවත එක විවිධ මත තිබෙනවා. ස්ත්‍රීන් ගැබ් ගැනීමේදී නයින් සිහිනෙන් පෙනෙන බව එක් මතයක්. කලු නයෙක් සිහිනෙන් දැකීම කරදර ඇති කරන අසුබ සිහිනයක් බවත් සුදු නයෙක් දැකීම ධනලාභ ගෙනදෙන වාසනාවන්ත හීනයක් බවටත් සැලකෙනවා. නයෙක් දෂ්ට කරනවා සිහිනෙන් දුටුවොත් සතුරු කරදරයකින් මීදීම අර්ථවත් වන බව පැවසෙනවා.
මනෝවිශ්ලේශණයට අනුව සර්පයන් දෂ්ට කිරීමේ සිහින පෙනෙන්නේ බොහෝවිට ඔබ යම් දෙයක් නොසලකා හරිමින් සිටින කාලයක විය හැකි බවයි පැවසෙන්නේ. ඉදිරියේදී අණතුරක් විය හැකි ප්‍රශ්නයක් ඔබ නොසලකාහරිමින් සිටිනවානම් එසේත් නැත්නම් යම් දෙයක් ගැන තීරණයක් ගැනීමට නොහැකිව ලතවෙමින් සිටින වෙලාවට මේවගේ සිහින දර්ශනය වෙන්න පුලුවන් බවටයි විශ්වාස කෙරෙන්නෙ.

බල්ලන් සපා කෑම​
දේව දෝෂ ඇති කාලවලට බල්ලන් සිහිනෙන් පෙනෙන්නේයැයි කියවෙනවා. ඊට අමතරව බල්ලෙකු සපා කනවා සිහිනෙන් දුටුවොත් සතුරු කරදරයක් හෝ හිතවතෙකු ඔබ හා තරහ වීමක් ඉන් කියවෙන බවයි සාම්ප්‍රදායික විශ්වාසය.
සිහින විශ්ලේෂකයන් පවසන ආකාරයට ඔබේ මිතුරෙකු ඔබ හා අමනාපවීම,වංචා කිරීම හෝ ඒ අය ඔබට ද්‍රෝහිවීම මේ සිහින වලින් සංකේතවත් වනු ලබයි. ඒ අතින් ගත්කල බල්ලන් සපාකෑමේ සිහිනයේ අපේ සාම්ප්‍රදායික මතය සහ බටහිර මනෝවිශ්ලේශනයේ සමානකමක්ද තිබෙන බව පෙනී යයි.
උපුටා ගැනීමක් 
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post




.
Master Sir
Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top