Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Apr
08
එකම වාහකයාගෙන් පැතිර යන රෝග දෙකක්.. චිකුන්ගුන්යා රෝගය ගැනත් හරියටම දැනුවත් වෙන්න..

- එකම වාහකයාගෙන් පැතිර යන රෝග දෙකක්.. චිකුන්ගුන්යා රෝගය ගැනත් හරියටම දැනුවත් වෙන්න..Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

231 Views
බොහෝවිට කාලයෙක් කාලයට පැතිරී යන ලෙඩ රෝග විවිධයි.. ඒ නිසාම අපි ඒ රෝගාබාධ ගැන දැනගැනීම වැදගත්..

ඒ අතරින් බෝවන රෝග පිළිබඳව විශේෂයෙන් දැනුවත්වීම වැදගත්.. චිකුන්ගුන්යා උණ රෝගය පිළිබඳව මේ දවස්වල ගොඩක් කතා වෙනවා.. ඒත් ඔබත් ඒ ගැන හරියටම දැනුවත්ද..? මේ කියන්න යන්නේ ගොඩක් දෙනෙක් හරි හැටි නොදන්නා ඒ රෝගය ගැනයි..

"මේ දිනවල පැතිර යන චිකුන්ගුන්යා උණ රෝගය පිළිබඳව මේ වන විටත් වෛද්‍ය අංශයේ දැඩි අවධානය යොමු වී ඇත. එය මූලිකව ඩෙංගු රෝගයෙන් වෙන්කර හඳුනා ගැනීමේ අපහසුව එයට ප්‍රධාන හේතුව වූවාට සැකයක් නැත. ඊඩිස් ඊජිප්ටයි (Aedes Aegypti) සහ ඊඩිස් ඇල්බොපික්ටස් (Aedes Albopictus) යන ඩෙංගු රෝග වාහකයන්ම චිකුන්ගුන්යා රෝගයේ රෝග වාහකයන් වී තිබීමම සෞඛ්‍ය අංශය මුහුණ දෙන බරපතල ගැටලුවකි.

චිකුන්ගුන්යා රෝග වාහකයන් වන ඊඩිස් ඊජිප්ටයි (Aedes Aegypti) සහ ඊඩිස් ඇල්බොපික්ටස් (Aedes Albopictus) හි ක්‍රියාකාරීත්වය පිළිබඳ පළමුව අප වෛද්‍ය පර්යේෂණායතනයේ කීට විද්‍යා දෙපාර්තමේන්තුවේ කීට විද්‍යා නිලධාරී ගයාන් ශ්‍රී කුමාරසිංහගෙන් විමසා සිටියෙමු.

‘‘චිකුන්ගුන්යා රෝගය පළමු වරට වාර්තා වෙන්නේ 1952 ටැන්සානියාවෙනි. 1960 දශකයේ ලංකාව තුළ ඉතාම සුළු රෝගීන් ප්‍රමාණයක් වාර්තා වුවත්, රෝගීන් 40,000ක් වැනි සැලකිය යුතු මට්ටමකට වාර්තා වන්නේ 2007/2008 වසරවල. ඊටත් පසු රෝගීන් වැඩිපුරම වාර්තා වන්නේ මේ දිනවල. වර්තමානයේ ලංකාවේ මදුරු විශේෂ 162ක් වාර්තා වී ඇති අතර ඉන් කිහිපයක්ම ලංකාවටම ආවේණික විශේෂ.

චිකුන්ගුන්යා රෝගය බෝ කරන මදුරු වාහකයින් වී ඇත්තේ ඊඩිස් ඊජිප්ටයි (Aedes Aegypti) සහ ඊඩිස් ඇල්බොපික්ටස් (Aedes Albopictus) යන ඩෙංගු වාහකයින්. එහෙයින් චිකුන්ගුන්යා රෝගයද ඉක්මනින් පැතිර යෑමේ අවදානමක් තියෙනවා. මොවුන් අනුවර්තනය විය හැකි මදුරු විශේෂයක් වන හෙයින් වාහක ගුණයත් වැඩියි. එසේම බිත්තර දාන්නේද ආරක්ෂිත ක්‍රමවේදයකට. සාමාන්‍යයෙන් අනෙක් මදුරු විශේෂ බිත්තර දාන්නේ වතුරට. එහෙත් මොවුන් වතුර බඳුන්වල මායිමේ බිත්තිය වටේට බිත්තර අලවන එක කරන්නේ. ඒවා කළු පැහැති කටුවකින් සමන්විත නිසා අවුරුද්දක් වුණත් වතුර නැතිව තියෙනවා. අවුරුද්දකට පස්සෙ වුණත් බිත්තර වතුරට වැටිලා පුපුරලා කීටයෝ එන්න පුළුවන්. පර්යේෂණ මඟින් තහවුරු වෙච්ච අනෙක් කාරණය තමයි මේ මදුරු විශේෂයේ වැඩිම ක්‍රියාකාරීත්වයක් පෙන්වන්නේ උදේ කාලයේ බව. උදේ කාලය ගත්තොත් 6.30 – 10.00 අතර හා හවස 4.00- 6.30 වගේ කාලයේ.

ඕනෑම මදුරු විශේෂයක ලේ උරා බොන්නේ ගැහැනු මදුරුවෝ විතරයි. ඒ ඔවුන්ගේ බිත්තර නිෂ්පාදනය කර ගන්න අවශ්‍ය ප්‍රෝටීන් ලබාගන්න මිසක් ආහාර අවශ්‍යතාවක් නිසා නොවෙයි. මොවුන් වඩාත් කැමැති මිනිසුන්ගේ ලේවල තියෙන ප්‍රෝටීන්වලට. ඒ වගේම මල්ටිපල් ෆීඩර් කෙනෙක්. ඒ කියන්නේ තමන්ගේ රුධිර අවශ්‍යතාව මත දහදෙනෙකුට වුණත් දෂ්ඨ කරන්න පුළුවන්. එහි භයානකකම තියෙන්නේ වෛරසය තියෙන මදුරුවෙක් වුණොත් ඒ දහදෙනාටම එකවර වයිරසය පැතිර යෑමේ අවදානමක් තිබීම. මේ රෝගය පැතිර යෑම ක්ෂණිකව පාලනය කරගන්න නොහැකි වීමට ඒකත් ප්‍රධාන හේතුවක්.

අනෙක් කාරණය තමයි මොවුන්ට ඇස් පේන්නෙ නැහැ. ඒත් එක ඇහැක ඇස් දාහක් ගානේ තියෙනවා. ඔවුන් මිනිසුන්ට ආකර්ෂණය වෙන්නේ ඔවුන්ගේ සංවේදි ඉන්ද්‍රියයන්ට දැනෙන මිනිස් ඇඟේ උෂ්ණත්වය සහ දහදිය ගන්ධයට. ඒ නිසා මදුරු දෂ්ඨනයෙන් වළකින්න තියෙන සරලම ක්‍රමය තමයි ඔවුන් ක්‍රියාශීලී වෙන උදේ වරුවට ඇඟ වැහෙන්න ඇඳුම් අඳින එක. ‍එහෙමත් නැත්නම් අපේ ඇඟේ ගන්ධය පරයා යන විදිහේ කෘත්‍රීම හෝ ස්වාභාවික අනුමත මදුරු විකර්ෂක ආලේපනයක් භාවිත කිරීම. ඉස්සර කාලෙ කුරුඳු වගේ විවිධ සුවඳින් යුත් දරවලින් දුම් ගැස්සීමෙන්, කජු ලෙලි පිච්චීමෙන් වුණෙත් ඒ දේමයි.

මේ දිනවල ලැබෙන දත්තවලට අනුව කීට විද්‍යා අංශයෙන් මදුරුවන් ගැවසෙන ස්ථාන සොයමින් යනවා. වැස්ස ලැබෙන කාල පරාසයන් වෙනස් වීම නිසා රෝගය ව්‍යාප්ත වන කාල සීමාවේ වෙනසක් වෙන්න පුළුවන්. විශේෂයෙන්ම සමාජය දැනුවත් විය යුතු කාරණය තමයි මේ මදුරු විශේෂ මේ දිනවල ශීඝ්‍රයෙන් පැතිරයමින් තිබෙන්නේ ගෘහස්ථ මට්ටමින් කියන එක. කළු පාට භාජන, වැහි පීලි ආදී කළු, අඳුරු පැහැති ස්ථානවල බිත්තර ඇලවීම තමයි ඔවුන් වැඩිපුරම කරන්නේ. ළා කහ පැහැයට හුරු වුණත් ඉර එළිය වැටුණම පතුළ පැහැදිලිව පේන වතුර තමයි ඔවුන් තෝරගන්නේ. කන්ටේනර්වල වතුර අයින් කළාට විතරක් මදි. ඒවා විනාශ කරල දාන්න ඕන. ඒවා නැවත ප්‍රයෝජනයට ගන්නවා නම් බිත්තිවල ඇලිලා තියෙන බිත්තර අයින් වෙන්න හොඳින් පිරිසුදු කරන්න ඕන. පොළොවට වැටුණට පස්සේ බිත්තර විනාශ වෙනවා.

සාමාන්‍යයෙන් බිත්තරයක් පැය 48ක් තුළ පිපිරිලා කීටයෙක් එනවා. කීට අවස්ථා තුනක් පසුකරලා දවස් 4- 5ක් වෙද්දී වැඩුණු කීටයෙක් බවට පත්වෙනවා. ඊට පස්සේ පිළවෙක් බවට පත්වෙලා පැය 12ක් යද්දී සුහුඹුල් මදුරුවෙක් බවට පත්වෙනවා. පරිසර තත්ත්ව අනුව දින 15-30 වගේ කාලයක් ජීවත් වෙනවා. රසායනාගාර තත්ත්වයන් යටතේ ඊට වැඩියි. එක මදුරුවෙක් තම ජීවිත කාලය තුළ බිත්තර 1000කට ආසන්නව දානවා. උපතින්ම වාහකයෙක් වන අවස්ථාත් තියෙනවා.”

චිකුන්ගුන්යා ද ඩෙංගු වාහකයාගෙන්ම බෝවන රෝගයක් බැවින් අපි ඒ පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඩෙංගු මර්දන ඒකකයේ විශේෂඥ වෛද්‍ය ප්‍රජා සෞඛ්‍ය අනෝජා ධීරසිංහගෙන් ඒ ගැන විමසීමක් කළෙමු.

“ඊඩිස් ඊජිප්ටයි (Aedes Aegypti) සහ ඊඩිස් ඇල්බොපික්ටස් (Aedes Albopictus) කියන ඩෙංගු රෝග වාහකයින්ම තමයි චිකුන්ගුන්යා රෝග වාහකයින් වෙන්නෙත්. ඒ නිසා මදුරුවන් බෝ වන ස්ථාන විනාශ කර පරිසරය සුරක්ෂිත කර ගැනීම ඉතාම වැදගත්.

රෝග ලක්ෂණ

සාමාන්‍යයෙන් මේ රෝගය හැදිලා හොඳ වෙනවා. නමුත් සමහරුන්ට නොයෙක් ශාරීරික ලක්ෂණ එන්න පුළුවන්. තද උණ, හන්දි වේදනා, ඔළුව කැක්කුම, වමනය යන්න වගේ එන්නත් පුළුවන් වමනය යන්නත් පුළුවන්. ඒ වගේම මැකුලෝපපුලර් කුෂ්ඨ වැනි රෝග එන්නත් පුළුවන්. ඇතැමුන්ට හන්දි කැක්කුම් ටිකක් කල් තියෙන්න පුළුවන්.

හඳුනාගන්නා ආකාරය

පළමු දවස් දෙකේ තුනේ ප්‍රතිදේහ ජනනයෙන් හඳුනගන්න පුළුවන්. දවස් පහකට විතර පස්සේ ප්‍රතිදේහ හැදීමෙන් හඳුනගන්න පුළුවන්. සාමාන්‍යයෙන් මාරාන්තික තත්ත්වයට පත්වෙන රෝගයක් නෙවෙයි. සතියකින් වගේ මඟහැරිලා යන්න පුළුවන්. සමහරුන්ට හන්දි කැක්කුම නිසා ටික කාලයක් දෛනික කටයුතු කරගන්න අපහසු වෙන්න පුළුවන්. දැනට කොළඹ, ගම්පහ, කළුතර, මහනුවර, කෑගල්ල, මාතර වගේ දිස්ත්‍රික්කවලින් රෝගීන් වාර්තා වෙලා තියෙනවා.

ප්‍රතිකාර

ඩෙංගුවලට වගේම චිකුන්ගුන්යාවලටත් විශේෂ ප්‍රතිකාරයක් නැහැ. විවේකය සහ දියර වර්ග ගැනීම තමයි වැදගත්. කෑම කන්න පුළුවන් නම් ඒ විදිහට ගත්තට වරදක් නැහැ. වේදනාව නැති කරන්න දෙන්නේ පැරසැටමෝල් විතරයි. ඩෙංගු නොවන බව දැනගන්නා තෙක් වෛද්‍ය අනුමැතියකින් තොරව වේදනා නාශක නොගත යුතුය. මොකද ඩෙංගු වුණොත් සංකූලතා ඇති වෙන්න පුළුවන් නිසා. මේක ඩෙංගු වගේ අනිවාර්යයෙන්ම දැනුම්දිය යුතු රෝගයක් නොවෙයි. සායනික ලක්ෂණවලින් තමයි ප්‍රතිකාර කරන්නේ.”

මෙය වයිරස් රෝගයක් බැවින් ඒ පිළිබඳ විශේෂ දැනුමක් සහිත මහනුවර ජාතික රෝහලේ වයිරසවේද විශේෂඥ වෛද්‍ය තුලනි පට්ටියකුඹුරගෙන් චිකුන්ගුන්යා වෛරසයේ ක්‍රියාකාරීත්වය පිළිබඳව විමසා සිටියෙමු.

“ඩෙංගු රෝග වාහකයාම තමයි මේ රෝගයේ රෝග වාහකයා වෙන්නෙත්. මේ මදුරු විශේෂය බොහෝ දුරට ජීවත් වෙන්නේ සමකය ආසන්න රටවල. ආසියානු රටවල, අප්‍රියානු රටවල්, දකුණු අමෙරිකාව වගේම සමකයට ආසන්න අමෙරිකානු රටවල තමයි ගොඩක්ම ඉන්නේ. මොවුන් බිත්තර දාන්නේ සහ බෝවෙන්නේ ගලා නොයන පිරිසිදු වතුර ආශ්‍රිතව. බැරල්, ළිං, පරණ ටයර්, ප්ලාස්ටික් කන්ටේනර්, මල් පෝච්චි, බ්ලොක් වෙච්ච කානු සහ වැහි පීලි වගේ පිරිසිදු වතුර රැස්වන තැන්වල තමයි බිත්තර දාන්නේ. නාගරික සහ අර්ධ නාගරික ප්‍රදේශවල බෝවීම වැඩි. ගෙවල් ආශ්‍රිතවම ගැවසෙන කෙනෙක්.” සාමාන්‍යයෙන් බිත්තර දාන තැන ඉඳන් මීටර් 200ක වගේ දුරක් විතරයි පියාසර කරන්නේ. බොහෝ දුරට මොවුන් දෂ්ට කරන්නේ ඉර නැඟෙන සහ බහින වෙලාවල්වලට. මොවුන් ගැවසෙන්නේ ගෘහ භාණ්ඩ අස්සේ, තිර රෙදි පිටුපස වැනි අඳුරු සිසිල් තැන්වල. මිනිස් රුධිරය තමයි වඩාත් ප්‍රිය කරන්නේ. ඒ වගේම මොවුන් සයිලන්ට් බයිටර්ස්ලා. ඒ කියන්නේ මිනිසුන්ට විදල යනකල් දැනෙන්නේ නෑ. මොවුන්ගේ එක අවශ්‍යතාවක් සපුරාගන්න එක් අයකුගෙන් හෝ කිහිපදෙනෙකුගෙන් කිහිප වාරයක් ලේ බොන්න පුළුවන්. ඒ නිසා පැතිර යෑමේ ශීඝ්‍රතාව ඉහළයි.

වයිරසය ශරීරගතවීමෙන් ඩෙංගුවලදී වගේම තද උණ එනවා. වයිරසය ශරීරය තුළ ගුණනය වෙලා රෝග ලක්ෂණ පහළ වෙන්න දවස් 3-7 අතර කාලයක් ගත වෙනවා. බොහෝ අයට දින 3-5 ගත වෙද්දි තද අණ, හිසරදය, මස් පිඬු වේදනාව එනවා. උණත් එක්කම රෑෂ් එකක් එනවා. ඩෙංගුවලදි රෑෂ් එක එන්නේ හොඳ වේගෙන එන අවස්ථාවේදී. නමුත් චිකන්ගුන්යා වෛරස ඇතුළු වෙලා දින 3ක් විතර යද්දි රෑෂ් එක එනවා. ඊට අමතරව ඩෙංගුවලින් වෙනස් වන ප්‍රධාන ලක්ෂණය තමයි තද හන්දි කැක්කුම. සමහරුන්ට සතියක් යද්දි සුව වුණත් ඇතැමුන්ට මාස කිහිපයක් අවුරුදු කිහිපයක් පවතින්නත් පුළුවන්. එහි වේදනාව උහුලගන්න බැරි තරම් නිසා බොහෝ අය වකුටු වෙලා ගත කරන අවස්ථා තියෙනවා. මේ වයිරසයට චිකුන්ගුන්යා කියන නම ලැබෙන්න හේතුවත් ඕක. මේ වයිරසය බිහිවුණු ටැන්සානියාවේ. භාෂාවෙන් වකුටු වෙලා ඉන්නවා කියන තේරුමෙන් තමයි චිකුන්ගුන්යා කියන නම හැදිලා තියෙන්නේ.

හඳුනා ගැනීමේ පරීක්ෂණ

PCR පරීක්ෂණයක් මඟින් හඳුනාගන්න පුළුවන්. සම්පූර්ණ රුධිර පරීක්ෂාවක් මඟින් තමයි එය සිදු කරන්නේ. නමුත් එය සාර්ථක වෙන්නේ වයිරසය ශරීරයේ ගුණනය වන මූලික අවස්ථාවේදී කළොත් විතරයි. අනෙක් එක තමයි ශරීරයේ ප්‍රතිශක්තිය හැදිලද කියලා බලන සීරොලොජි පරීක්ෂණය. ලංකාවේ මේ දෙකම කරනවා. මේකට තාම ස්ථිර ප්‍රතිකාරයක් සොයාගෙන නැහැ. තාමත් පැරසිටමෝල් මඟින් රෝගියාගේ වේදනාව නැති කිරීමක් පමණයි කරන්නේ. ඊට අමතරව දියර පානය සහ විවේකය තමයි ගොඩක්ම වැදගත්. චිකුන්ගුන්යා කියලා හඳුනාගන්නා තෙක් රෝහලට ඇතුළුවන සෑම උණ රෝගියෙක්ම ඩෙංගු රෝගියෙක් විදිහටයි භාර ගන්නේ.

දිගු කාලයක් තිස්සේ මෙම ඩෙංගු රෝග වාහකයින් ලංකාවේ පරිසරයට හුරුවීම නිසා දුම් ගැසීම, මදුරු විකර්ෂක ආලේපනවලට අනුවර්තනය වී තිබීමත් මේ රෝග මර්දනයේදී අභියෝගයක් වෙලා තියෙනවා. ඒ නිසා දිග අත් සහිත ඇඳුම් ඇඳීම, මදුරු විකර්ෂක ආලේපන ගැල්වීම වැනි දේ මඟින් පෞද්ගලිකව රෝගයෙන් ආරක්ෂා වෙන්න පුළුවන්. රෝග ලක්ෂණ මතුවූ වහාම වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුවීම වැදගත්. තමන් ඉන්න ප්‍රදේශය ඒ පිළිබඳව අවදානමක් තියේ නම් අනිවාර්යයෙන්ම ඒ පිළිබඳව සැලකිලිමත් විය යුතුයි.

සිළුමිණ පුවත්පත ඇසුරෙන්.. 
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්












.
Malak
Master Sir
Master Sir
Wathsunu
Paata KUrullo
Ahas
Bambarek Awith
akurata yana welawe
Sihina Genena Kumari
Raja Gedara
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top