Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Mar
30
සිරුරේ උෂ්ණ ගතිය නැති කර ශරීරය අභ්‍යන්තරයෙන් සිසිල් කරන ආහාර වර්ග

- සිරුරේ උෂ්ණ ගතිය නැති කර ශරීරය අභ්‍යන්තරයෙන් සිසිල් කරන ආහාර වර්ගHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

2 Views

 අධික උෂ්ණත්වය නිසා සමහර කාලවලදී සිරුරට පුදුම අපහසුවක් දැනෙනවා නේද?


ඒ වගේ දවස්වලට මේ පහත තිබෙන ආහාර පාන වර්ග වලින් ප්‍රයෝජනයක් ලබා ගන්න...

මිනිස් ශරීරයේ හටගන්නා බොහොමයක් රෝගවලට ශරීරයේ පවතින අධික උෂ්ණභාවය හේතු වෙනවා. ඇඟ සිසිල් කරන ආහාර ලබාගැනීමෙන් එම රෝග බොහොමයක් නැතිකර නිරෝගීමත් ශරීරයක් ලබා ගැනීමට ඔබට පුළුවන් වෙනවා. ඉතින් ඒ වගේ ඇඟ සිසිල් කරන ආහාර වර්ග කිහිපයකි මේ...

1. නෙල්ලි

නෙල්ලි කියන්නේ විටමින් C බහුල පළතුරක්. මේ දවස් වල තියෙන උෂ්ණත්වය මගහරවා ගන්න නෙල්ලි වලින් අපිට පුළුවන්. ප්‍රතිඔක්සිකාරකයක් ලෙස නෙල්ලි ක්‍රියාකරන නිසා ලෙඩ රෝග සෑදීමේ ප්‍රවණතාවය ද අඩු කරනවා. ආයුර්වේදයට අනුව බාහිර වශයෙන් ඇස් වලට හිතකර, දාහය නසන, කෙස් වඩන ඔසුවක් ලෙස නෙල්ලි හඳුන්වනවා.

2. පිපිඤ්ඤා

ඇඟ සිසිල් කරන එළවළුවක් වගේම පළතුරක් ලෙස පිපිඤ්ඤා හඳුන්වන්න පුළුවන්. උෂ්ණය සහිත කාලගුණයක් වැඩිපුර පවතින කාලවල දී ටිකක් වැඩිපුර පිපිඤ්ඤා ආහාරයට ගැනීමෙන් සිරුරේ උෂ්ණත්වය ඉහළ යන්න නොදී පාලනය කරගන්න පුළුවන්. ආහාර ජීරණය පහසු කිරීමත් මෙයින් සිදු වෙනවා. ඒ නිසා මලබද්ධය වැනි තත්ත්වයන් ද ඇති වන්නේ නැහැ.

3. රණවරා

රණවරා මල් තැම්බූ වතුර උණුසුම් වුවත් එයින් ඇඟ නිවෙනවා. දහඩිය බිබිලි, ඇඟ කැසීම් වළක්වා ලේ පිරිසිදු කිරීමේ ගුණය ද සහිතයි.

4. සව් කැඳ

රස්නෙ දවස්වලට ඇඟ නිවා ගන්න භාවිතා කරන්න පුළුවන් රසවත් පානයක් ලෙස සව් කැඳ හඳුන්වන්න පුළුවන්.

5. කැකිරි

උෂ්ණ කාලෙට සුදුසු, ලෙහෙසියෙන් සපයා ගත හැකි ආහාරයක් තමයි කැකිරි. ව්‍යංජනයක් ලෙස ඉවීම කළ හැකියි. ඇඟ නිවෙන අතර ආහාර දිරවීමත් පහසු කරනවා. ආහාර ජීරණ පද්ධතිය ශක්තිමත් කරවන අතර ප්‍රතිශක්තිය වර්ධනය කිරීමේ හැකියාව සහිතයි.

6. තැඹිලි වතුර

ඇඟ නිවන ඔසුවක් ලෙස අපගේ දේශීය වෙදකමේ බහුලව යොදා ගැනෙනවා. තැඹිලි වතුරෙහි තියෙන අධික ඛනිජ ලවණ සංයුතිය නිසා හෘදයාබාධ, අධික රුධිර පීඩනය වැළැක්වීමේ ඖෂධීය ගුණයක් එහි තිබෙනවා.

7. බෙලි

බෙලි වල ඔබ නොදන්නා ගුණ...

"බෙලි‘‘ ශ්‍රී ලංකාවේ වියළි සහ අතරමැදි ප්‍රදේශවල ද, මධ්‍යම හා පහතරට ප්‍රදේශවල ද හමුවන ඉතාමත් රසවත් ඵල සපයන, ඖෂධීය ගුණයෙන් ඉතා පොහොසත් ශාකයකි. බෙලි ගසේ ඖෂධයක් ලෙස භාවිතා නොකර ඉවත දැමිය හැකි කොටසක් නැති තරම් ය. ගසේ මුල්, කොළ, මල්, පොතු, ඇට, ගෙඩි ආදී සියළු කොටස් ඖෂධයක් ලෙස භාවිතයට ගනී. අතීතයේ දී පැරැන්නන් විසින් සෞභාග්‍යය උදාකරන ශාකයක් ලෙස සලකා බෙලි ගස් නිවස ඉදිරිපිට සිටුවීම සිදුකර ඇත. ශ්‍රී ලංකාවට අමතරව ඉන්දියාව, බුරුමය, පකිස්ථානය වැනි දකුණු ආසියාතික රටවලදී බෙලි ශාකය හොඳින් වර්ධනය වේ.
බෙලි මල් පොකුරු ලෙස හටගන්නා අතර ඉතාමත් සුවඳවත් ය. බෙලි ගෙඩියේ පිටත පොත්ත ඉතාමත් ඝනව පිහිටා ඇති අතර කහ පැහැති මදය තුළ තැඹිලි පැහැයෙන් යුතු බීජ පිහිටා තිබේ. මෙම බීජ අතර ඇලෙන සුළු ස්‍රාවයක් පවතී. බෙලි මල් තම්බා පානය කිරීම ලංකාවේ වියළි කලාපයේ දී ඉතාමත් බහුලව සිදුකරයි. ඖෂධීය ගුණයෙන් යුතු බෙලි මල් පානයට අමතරව බෙලි කොළ, බෙලි ගැට තම්බා පානය කිරීමද සිදුකරයි. මල බද්ධය නිසා ඇතිවන තුන්දොස් සමනයකර රුධිරය පිරිසිදු කිරීමට මෙම බෙලි පානයන් අයුර්වේදයේ දී යොදාගනී ....

ධාන්‍ය කල්තබා ගැනීම සඳහා අතීතයේ දී බෙලි කොළ භාවිතා කළ බව සඳහන් ය. බෙළි කොළ, කැප්පැටියා කොළ, ඇල්බීසියා කොළ සමව ගෙන අඹරා ඒ මත ධාන්‍ය ගබඩා කිරීමෙන් බොහෝ කාලයක් ධාන්‍ය ආරක්ෂිතව කල්තබා ගත හැකි ය. එමෙන්ම පැරණි ගෙවියන් විසින් අස්වැන්න වැඩි කර ගැනීමට සහ පැමිණෙන උවදුරු වලින් ගොවිබිම මෙන්ම අස්වැන්න ආරක්ෂා කර ගැනීමට ද බෙලි ශාකය සමඟ තවත් ශාක භාවිතා කර තිබේ.

බෙලි ශාකයේ ඖෂධීය ගුණය

1. හිසරදය පාලනය කරයි.

2. ආහාර මාර්ගයේ රෝගී තත්ත්ව වලට ගුණදායකයි.

3. අම්ල පිත්ත රෝගය සම්පූර්ණයෙන්ම සුව කරයි.

4. බඩ පිපුම පාලනය කරයි.

5. පණු රෝග නිසා හටගන්නා උදරයේ වේදනා දුරු කරයි.

6. මල බද්ධය සුව කරයි.

7. අර්ශස් රෝගයට ගුණදායකයි.

8. ශරීරයේ විජලනය පාලනය කරයි.

9. ආහාර මාර්ගයේ ඇති අහිතකර බැක්ටීරියා වලට එරෙහිව සටන් කරයි.

10. වයිරස් ආසාදන වලක්වයි.

11.දහදිය දුගඳ පාලනය කරයි.

12. ප්‍රතිඔක්සිකාරක ගුණය නිසා සම රැක දෙයි.

13. සමේ රෝග පාලනය කරයි.

14. සමේ පිළිකා ඇතිවීම වළක්වයි.

15. නින්ද නොයන අවස්ථා වල ඖෂධයක් ලෙස භාවිතා කරයි.

16. අතීසාර රෝගයට ගුණදායකයි.

17. ආහාර දිරවීම හොඳින් සිදු කරයි.

18. ශරීරයේ ප්‍රතිශක්තිකරණ ගුණය වැඩි කරයි.

19. ගර්භාශයේ උෂ්ණත්වය පාලනය කරයි.

20. බෙලි මදයේ ඇට විරේක ගුණයෙන් යුක්තයි, ආතරයිටීස් රෝගයට ගුණදායකයි.

ආයුර්වේදයේ දී රෝග කීපයක් සුව කරගැනීමට බෙලි ඖෂධයක් ලෙස යොදාගන්නා අයුරු.....

අතීසාර රෝගයට..

බෙලි ගැට මඳ අව්වේ වියළා තම්බා එම වතුරට මී පැණි දමා පානය කිරීම.
අර්ශස් රෝගයට..

ඉදුණු බෙලි ගෙඩිය දෙකට පළා වතුර දමා තම්බා ගෙන එම තම්බා ගත් වතුර පානය කර මද අහාරයට ගැනීම.

ආහාර දිරවීමේ ගැටළුවට..

බෙලි මඳ, උක් හකුරු සහ මෝරු සම සේ මිශ්‍ර කර පානය කිරීම.

බඩ පිපීම නිසා අහාර අවශෝෂණය නොවීමට..

වැල් මදට, බෙලි මද, කලාඳුරු අල. දියමිත්ත, වියළි ඉඟුරු සමව ගෙන ඉඹුල් මැලියම් සමඟ මිශ්‍ර කර ආහාරයට ගැනීම.

සෙම් සහිත හිසරදයට..

බෙලි කොළ තැම්බූ වතුරින් හුමාලය ඇල්ලීම...

අම්ල පිත්ත තත්ත්වයට..

බෙලි ගැට තැම්බූ වතුර පානය කිරීම මෙන්ම ඉදුණු බෙලි මද පානයක් ලෙස සකස් කර මී පැණි මිශ්‍ර කර පානය කිරීම.

සමේ රෝග සඳහා..

බෙලි කොළ තැම්බූ වතුරින් සේදීම.

යටිපතුල් පැලීමට..

රස්නය සහිත බෙලි කොළ තැම්බූ වතුරේ දෙපා ටික වෙලාවක් බහා තබා පසුව තෙත හොඳින් පිස දමා ඉදුණු බෙලි මද වලට ගිතෙල් මිශ්‍ර කර පැළුම් සහිත ස්ථානයේ ආලේප කිරීම.

උමතු රෝගීන්ට..

බෙලි කොළ ඉස්ම නස්න කිරීම සහ බෙලි කොළ ඉස්ම හිස ගැල්වීම.
ලේ අතීසාරයට..

බෙලි කොළ කොටාගත් යුෂ ට ගම්මිරිස් කුඩු ස්වල්පයක් දමා මිශ්‍ර කිරීම.
දහදිය බිබිලි සහ දහදිය දුගඳට..

බෙලි කොළ කොටා ගත් යුෂ ශරීරයේ ආලේප කිරීම මෙන්ම බෙලි කොළ තැම්බූ වතුරින් ශරීරය සේදීම.

සම පැහැපත් කර රුව වඩවා ගැනීමට..

ඉදුණු බෙලි ගෙඩියේ මද කෝමාරිකා සමඟ මිශ්‍ර කර සමේ ආලේප කිරීම මෙන්ම බෙලි කටු තැම්බූ වතුරෙන් සේදීම.

හෘද රෝගීන්ට..

බෙලි මුල් තැම්බූ වතුර පානය කිරීම.

බටහිර වෛද්‍ය විද්‍යාවේ දී පවා බෙලි ශාකය පර්යේෂණ ගණනාවකට ලක් කර තිබෙනවා. ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ දී ආහාර මාර්ගයේ සහ උදරයේ ඇති වන රෝග සඳහා බෙලි පැණි භාවිත කරමින් ප්‍රතිකාර කරනු ලබයි. ඒ වගේම බෙලි මුල් කසාය, ධාන්‍ය පංචක කසාය, මහපස් මුල් කසාය සඳහා ද බෙලි භාවිතා කරයි.

ඉන්දියානු ජාතිකයන් තම සෞඛ්‍යය ආරක්ෂා කරගැනීමට සහ ශරීරයේ ප්‍රතිශක්තීකරණය වර්ධනය කර ගැනීම සඳහා ඉදුණු බෙලි මද වලට සීනි සහ දෙහි මිශ්‍ර කර සාදා ගන්නා පානය අතීතයේ සිට වර්තමානය දක්වා ම භාවිතා කරයි.

එමෙන් ම රාවණා යුගයේ සිට පැවත එන හෙළ වෙදකමේ දී ඉතා ප්‍රභල ඖෂධයක් ලෙස බෙලි භාවිතා කළ බව ඉපැරණි හෙළ වෙද ග්‍රන්ථ වල සඳහන්ව තිබේ.

උපුටා ගැනීමකි
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top