මියයන විට ඒ මහතා 97 වැනි වියේ පසුවුණා.
සිය වෘත්තීය ජීවිතය පාඨශාලාචාර්යවරයෙකු ලෙස ආරම්භ කළ විමලසුරේන්ද්‍ර මහතා, පසුව ලේක්හවුස් ආයතනයට සම්බන්ධ වූයේ අළෙවි ප්‍රවර්ධන නිලධාරියෙකු ලෙසයි. නමුත් ඔහු සතු වූ සහජ මාධ්‍ය හැකියාව නිසාම කෙටි කලකින් එම ආයතනයේම මාණ්ඩලික මාධ්‍යවේදියෙකු ලෙස සිය පන්හිඳ මෙහෙයවන්නට ඔහුට අවස්ථාව හිමිවුණා.
පසුව උපාලි පුවත්පත් ආයතනය සමඟ එක්ව මහනුවර මාණ්ඩලික මාධ්‍යවේදියෙකු ලෙස කටයුතු කළ ඒ මහතා, මහනුවර ප්‍රවෘත්ති සමාජය බිහි කිරීමේ පුරෝගාමිකයා මෙන්ම එහි ප්‍රථම සභාපතිවරයා ලෙස ද සුවිශේෂී මෙහෙවරක් ඉටු කළා.
සිංහල හා ඉංග්‍රීසි භාෂා ද්විත්වයෙන්ම එකලෙස දක්ෂතා දැක්වූ ඔහු, අසනීප තත්ත්වයෙන් පසුවූ කාලසීමාවේ පවා සිය නිවසේ සිට පුවත්පත් වෙත තොරතුරු සපයමින් 2024 වසර වන තෙක්ම ක්‍රියාශීලී මාධ්‍යකරණයක නිරත වීම කාගේත් ඇගයීමට ලක්වූ කරුණක්.
දෙදරු පියෙකු වූ සිරිල් විමලසුරේන්ද්‍ර මහතාගේ දේහය මේ වන විට මහනුවර ජාතික රෝහල ආසන්නයේ පිහිටි පෞද්ගලික මල්ශාලාවක තැන්පත් කර තිබෙනවා.
මාධ්‍ය ක්ෂේත්‍රයට අතිමහත් සේවයක් කළ මේ ප්‍රවීණයාගේ අවසන් කටයුතු හෙට (අප්‍රේල් 22) පස්වරු 7.00 ට මහනුවර මහයියාව ආදාහනාගාරයේදී සිදු කිරීමට නියමිතයි.