Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Mar
22
ඒ දවස අප්‍රේල් 03 වැනිදා.. ලග්න 6කට සුබ පළ උදාකරන විශේෂ ග්‍රහ මාරුවක් ගැන ඇසෙන අලුත්ම ආරංචිය මෙන්න..

- ඒ දවස අප්‍රේල් 03 වැනිදා.. ලග්න 6කට සුබ පළ උදාකරන විශේෂ ග්‍රහ මාරුවක් ගැන ඇසෙන අලුත්ම ආරංචිය මෙන්න..Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

98 Views
කාලෙන් කාලෙට ග්‍රහ පිහිටීම්වල වෙනස්කම් දැකගන්නට ලැබෙනවා..

ඒ එක්කම අපේ කේන්ද්‍ර සටහනේ ග්‍රහ පිහිටීම එක්ක මේ අඟහරු මාරුව ඔබේ ජීවිතයට කොහොම නම් බලපාවිද...? මේ අන්න ඒ ගැන ඇසෙන විශේෂ ආරංචියයි..

"වෘෂභ, මිථුන, කටක, කන්‍යා, තුලා, කුම්භ ලග්නවලට විෂ්ණු ලක්ෂ්මී යෝගය උදා කරමින් අප්‍රේල් 03 වැනිදා බ්‍රහස්පතින්දා අලුයම 01.28 ග්‍රහ ලොව සෙන්පති අඟහරුගේ කටක රාශි සංක්‍රමණය සිදුවෙයි. එමඟින් අදාළ ලග්න හිමියන්ට විශේෂ ආර්ථික ලාභ ගෙන දෙනු ඇත.

කටක, තුලා,මකර, මේෂ, රාශි සතර අඟහරුගෙන් බලවත් වීම ද මිථුන,කන්‍යා, ධනු, මීන රාශි සතරට පංචමහා පුරුෂයෝග අතරින් මාලවි යෝග බලය මෙන්ම ගජකේෂරී, බුධ, අධිත්‍ය ,නීච භංග රාජ යෝග බලය ආදිය බලපැවැත්වෙන බැවින් රාශි දොළසටම ආශිර්වාදාත්මක සමයක් උදා වනු ඇත.

එය ජුනි 07 අලුයම 02.13 දක්වා දින 41ක් පුරා පවතිනු ඇත.

භාරද්වාජ ගෝත්‍රික කොළොන් විමාන වෘක්ෂය පුරුෂකාර අවන්ති දේශවාසි කුජ හෙවත් අඟහරුගේ මේ සංක්‍රමණය ගුවන්යානා සහ ජලාශ්‍රිත විපත්ති, නාවික අනතුරු ගිලා බැසීම් නායයෑම්, භූ චලන ප්‍රධානව භෞතික විපර්යාස රැසකට හේතු වන්නේය. ලොව උතුරු දිග්භාග රාජ්‍යයන් හට බිහිසුණු සටන්කාමී බවක් සමඟ තහනම් නියෝග,ගිනිකඳු පිපිරීම් අවදානම ඇති වෙයි.

උතුර, වයඹ, නැඟෙනහිර ආශ්‍රිතව වායුපීඩන වෙනස්කම් ඇති වනු ඇත. මරාන්තික, වාහන අනතුරු, දේශපාලන අරගල, ඝාතන, අබිරහස් කුමන්ත්‍රණවල වර්ධනයක් දැකගත හැකි විය හැකිය. කාර්මික කෘෂිකාර්මික සංවර්ධනය මන්දගාමී වන අතර දේශගුණික, කාලගුණික සහ පාරිසරික විපර්යාස බහුල වේ. වන සතුන්ගෙන් සිදුවන හානි, වසංගත රෝගවල බලපෑම උත්සන්න විය හැකිය.

ඇලමාර්ග, වැව්, පොකුණුූ, ගංගා, වරාය, ආදිය පිළිසකර කිරීම සුබවාදි වෙයි. භූගත වස්තු ලැබීම්වල ගැටලු සහ වනිතා සහ ළමා හිංසන මර්දනය පිළිබඳ අවධානය යොමු කිරීම සුදුසු සමයකි.

මේෂ රාශිය

කුජ හිමි මේෂ රාශිය ජන්මලාභය කොටගත් ඔබගේ හදවතෙහි මෙන්ම මානසික තත්ත්වයෙහි නැවුම් අපේක්ෂා ඉටුවන භාග්‍යයමත් ජීවන ගමන් මඟක් ඇරඹෙයි. දැනුම, අවබෝධය වර්ධනයෙන් දිගාසිරි විඳින කෙනකු ලෙස ඉදිරියට යා හැකිය. වාසනාව නීරෝගිබව, රැකියා ආදායම් මාර්ග, සාමකාමී අහිංසා සත්පුරුෂ ස්වභාවය අනුගමනයෙන් දෙලොවම ජයග්‍රහණය කළ හැකිය.

වෘෂභ රාශිය

ලග්නාධිපති මෙන්ම 06 වැන්නාධිපති සිකුරු ග්‍රහයා තවත් ග්‍රහයන් සයදෙනකු සමඟ 11 වැන්න වූ අයස්ථානයේ යෝග පොකුරක් උදාව කරයි. මෙපමණක් නොව සංසාරික, පිංදහම් ඇස්පනාපිට පලදෙයි. ජීවිතයෙහි අනවබෝධ දුරුකොට දැනුම, අවබෝධය, දියුණුව, රැකියා ආදායම් මාර්ග සාර්ථකත්වයට ද සාමකාමිව අනාගත සිහින සැබෑ කරගැනීමට ද හැකි වනු ඇත.

මිථුන රාශිය

අතිශය සාර්ථක උදාරතර ජීවිතයකට අදාළ සියලුම කරුණු කාරණාවල ජයග්‍රහණයට ශක්තිය ධෛර්යය දෙවැන්න වූ ධන ස්ථානය තුළින් ද 10 වැන්න වූ කර්ම ස්ථානයෙන්ද පිරී ඉතිරෙනු ඇත. ෂඩ්කෝණ ත්‍රිකෝණ සප්ත කෝණ දෘෂ්ඨි සමඟ යෝග පොකුරක් සක්‍රීයව පවතිනු ඇත. නිදුක් නීරෝගී බව, රැකියා ආදායම් මාර්ග, අධ්‍යාපන දියුණුව ඇතුළු පදිංචි ස්ථාන නවීකරණය ද යෙදෙන කාලපරාසයකි. අපහාස, උපහාස බිඳහෙළමින් ඉදිරියටම යා හැකි වෙයි.

කටක රාශිය

සුවිශේෂී ගමන් මඟකට බලපාන ෂඩ්කෝණ, ත්‍රිකෝණ, සප්තකෝණ දෘෂ්ටිය සමඟ යෝග පොකුරක් උදාව ඇත. හදිසි තීරණ තීන්දු නොගෙන තිරසර ගමන් මඟකට යොමු වීමට සුදුසු කාල සීමාවකි. සෞඛ්‍යය, අධ්‍යාපනය, රැකියා ආදායම් මාර්ග, සතුටුදායක වෙයි.

සිංහ රාශිය

ආලෝක ග්‍රහබලයකින් 10 වැන්නද ග්‍රහ පොකුරකින් 08 වැන්නවූ මෘත්‍යු ස්ථානය ද අති ප්‍රබලව ඇත. ත්‍රිකෝණ ෂඩ්කෝණ සප්තකෝණ බලය හා කර්ම ස්ථානය ද බලවත් වීම අනුව සංවර්ධනය කරා යන මඟක සිහින සැබෑ වෙයි. ඉදිරි කාලයේ දිවි ගමන දැඩි මුවහත් වීමකට බඳුන්වනු ඇත. පුණ්‍යවන්ත ඔබ ඍජු ගමන් මඟක තිරසර සිතැඟියාවන් සමඟ අනාගත සුබ සිහින සැබැ කරගනිමින් උදාර විශිෂ්ටයකු ලෙස කටයුතු කරනු ඇත.

කන්‍යා රාශිය

ශ්‍රී විෂ්ණු ලක්ෂ්මී යෝගයත් සමඟ 07 වැන්නෙහි ග්‍රහයන් සය දෙනකි. 03,07,11 කාම කෝණය ද සමඟ සෞඛ්‍යය, අධ්‍යාපනය, රැකියා, ආදායම් මාර්ග ඉතා බල සම්පන්න බවක් මතු කෙරෙයි. ත්‍රිකෝණ, ෂඩ්කෝණ, සප්තම කෝණ ප්‍රබලව යෙදුන කාලපරාසයේදී මානසික තත්ත්වය දියුණු වීමට අවශ්‍ය සැලසුම් ගොනු කරගෙන ඉදිරි කටයුතු සිදුකළ යුතුව ඇත.

තුලා රාශිය

විෂ්ණු, ලක්ෂ්මී යෝග බලය 06 වැන්නෙහි යෝග පොකුරකින් ද 08 වැන්නෙහි ආලෝක ග්‍රහබලයෙන් ද ඔබගේ නව ගමන් මඟට විශිෂ්ටත්වය උදා කරයි. සෞඛ්‍යය, අධ්‍යාපනය, රැකියා ආදායම් මාර්ග, ආදි දහසකුත් සිහින මල්පල ගන්වන ප්‍රබලම ග්‍රහචාරයෙකි. සමාරම්භක කටයුතු, සබඳතා, මංගල කටයුතු පවුලේ සාමකාමී සමඟිය ප්‍රබලව යෙදෙයි.

වෘශ්චික රාශිය

යෝග පොකුරක් සමඟ 01,05,09 ධර්මකෝණය 03,07,11 කාමකෝණය 04,08,12 මෝක්ෂ කෝණය 02,06,10 අර්ථ කෝණය විස්මිත අයුරින් ප්‍රබලව දින 41ට ආසන්න කාලපරාසයක සුබවාදි බවක් නිර්මාණය කරයි. උදාර දිවිගමනකට සුවිශේෂී ග්‍රහ පිහිටීමෙකී. සමාරම්භක කටයුතු සපල කරගැනී මෙහිලා උත්සාහවන්ත විය යුතුය. දැනුම, අවබෝධය මත දිවි ගමන විචිත්‍රවත් කරගැනීම යහපත් වෙයි.

ධනු රාශිය

විශිෂ්ට යෝග පොකුරකින් ඔබ ඉහළට ඔසවා තබන සමයකි. අනාගත සුබසිහින කරා භෞතිකව සහ අධිභෞතිකව ජවයෙන් යුතුව අප්‍රමාදීව ගමන් කරන්න. ඉදිරියටම යන උසස් චින්තනයකින් පෙරමුණ ගත හැකිය. භාග්‍යමත් ජීවන ගමන්මඟෙහි දී දැනුම, අවබෝධය වැදගත් වෙන්නෙකි. සෞඛ්‍යය, අධ්‍යාපනය, රැකියා ආදායම් මාර්ග උසස් ප්‍රභූ සබඳතා දියුණූු කරගත හැකි ස්වර්ණමය කාල පරාසයකි.

මකර රාශිය

ශ්‍රී විෂ්ණු ලක්ෂ්මී යෝගබලය සමඟ යෝග පොකුරකින් විශිෂ්ට බවක් නිර්මාණය වෙයි. වික්‍රමස්ථානගත ග්‍රහපොකුර දහසක් දෝෂ භංග කරමින් විජයග්‍රහණ ගෙන දෙයි. සෞඛ්‍යය, අධ්‍යාපනය, සබඳතා, මංගල කටයුතු, ප්‍රභූ සබඳතා, රැකියා ආදායම් මාර්ග ආදි අනාගත සුබ සිහින සාර්ථකත්වයට හේතු වෙයි. අප්‍රමාදව ජවබල සම්පන්නව නිර්මාණශීලි ගමන්මඟකට යොමු කෙරෙනු ඇත.

කුම්භ රාශිය

ධනස්ථානගත ග්‍රහයන් සයදෙනාගෙන් උදාර යෝගරැල්ලක් අර්ථකෝණය බලගන්වා ඇත. ශ්‍රී විෂ්ණු ලක්ෂ්මී යෝග බලය අසීමිතව ලැබෙයි. සෞඛ්‍යය, අධ්‍යාපනය, අනාගත සුබ සිහින, රැකියා ආදායම් මාර්ග, සබඳතා මංගල කටයුතු ආදී දහසක් සිතැඟියාවන් සාර්ථක කෙරෙනු ඇත. ප්‍රභූ ජනතාව ඇසුරට ලැබෙනු ඇත. බාධක අවහිර දුෂ්කරතා දුරුවෙයි. සාර්ථක ජීවිතයකට උරුම හිමිකම් ලැබෙනු ඇත. අප්‍රමාදී වන්න.

මීන රාශිය

වික්‍රමස්ථානය ග්‍රහයන් සයදෙනෙකුගෙන් බල සම්පන්න වීමෙන් දුලභ ගණයෙහි ක්‍රියාකාරකම් රැසකටත්, දිගුකාලීන අනාගත සුබසිහින මල්ඵල ගැන්වීමටත් භාග්‍යය උදාවන කාල පරාසයකි. දහසක් දෝෂ භංගකරමින් යෝගරැල්ලකින් බල සම්පන්න වී ප්‍රබලත්වයට පාත්‍ර කෙරෙයි. උසස් ජීවනගමනකට මඟ පාදයි. හදිසි තීරණ තීන්දු ගැනීමෙන් වැළකීම වැදගත් වෙයි. භාග්‍යමත් කාලපරාසයකි."

සුබසෙත පුවත්පත ඇසුරෙන්.. 
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post




.
Malak
Master Sir
Master Sir
Wathsunu
Paata KUrullo
Ahas
Bambarek Awith
akurata yana welawe
Sihina Genena Kumari
Raja Gedara
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top