මේ කියන්න යන්නේ අද උදෑසනින්ම අසන්න ලැබුණු තවත් බිහිසුණු අනතුරක් ගැන කතාවක්..
මේ අනතුර සිදුව තිබුණේ, කන්දකැටිය බෝපිටිය මාර්ගයේ වැවේතැන්න ප්‍රදේශයේ දීයි..
අද උදෑසන මාර්ගයේ ගමන් ගත් පෞද්ගලික බස් රථයක් හා ඇගලුම් කම්හලක පිරිසක් ගමන් ගත් වෑන් රථයක් එකිනෙක ගැටීමෙන් සිදුවූ අනතුරකින් තුවාල ලැබූ තරුණියන් 08 දෙනෙකු ඇතුලු 12 දෙනෙකු කන්දකැටිය ප්‍රාදේශීය රෝහල වෙත ඇතුලත් කර ඇතැයි පොලීසිය පවසනවා..
පටු මාර්ගයේ වංගු සහිත ප්‍රදේශයකදී වාහන දෙක ගැටීමෙන් අනතුර සිදුව තිබුණා..
ඉන් 7දෙනෙකු වැඩිදුර ප්‍රතිකාර සදහා මහියංගණ මූලික රෝහල වෙත මාරුකර යවා ඇති අතර, අනතුරින් තුවාල ලබා ඇත්තේ කන්දකැටිය, වැවේතැන්න, බෝපිටිය හා ඒ අවට ප්‍රාදේශවල පදිංචි කන්දකැටිය ප්‍රදේශයේ ඇගලුම් කම්හලක සේවය කරන පිරිසක් බවයි දැනගන්නට ලැබෙන්නේ..