ගෙදරදීම හදන්න පුළුවන් රසවත් ජෑම් රෙසිපි එකක් තමයි අද කියලා දෙන්න හදන්නේ..
වෙළදපොළේ ජෑම් ගන්නවාට වඩා ඔබේ අතින්ම ජෑම් හදාගන්න එක මේ කාලේ හැටියට මුදල් පසුම්බියටත් වාසියක් වෙනවා...
ගෙදර ගස්වල හැදෙන පළතුරු සමහර වෙලාවට ගස් යටම අපතේ යනවා නේද ? එහෙනම් පළතුරු වාරෙදි මේ රෙසිපි එක ට්‍රයි කරලා බලන්න...
ගෙදර ගස්වල පළතුරු තියනවා නම් ජෑම් හදා ගන්න පොඩ්ඩක්වත් අමාරු නෑ.
මේ කියන්නේ අඹ ජෑම් හදන හැටි…
අවශ්‍ය ද්‍රව්‍ය
හොඳින් ඉදුණු අඹ
සීනි කෝප්ප එකහමාරක්
දෙහි බෑයක යුෂ
ලුණු ස්වල්පයක්
වතුර කෝප්ප 1/4
සාදා ගන්නා විදිය මෙන්න මෙහමයි...
ඉස්සල්ලාම අඹ වලට වතුර එකතු කරගෙන බ්ලෙන්ඩ් කරගන්න.
ඒකට සීනි එකතු කර අඩු ගින්දරේ ලිප තබන්න.
මිශ්‍රණය උකු වනතුරු දිගටම හැඳිගාන්න.
මිශ්‍රණය උකු වූ විට දෙහි යුෂ එකතු කරගන්න.
හොඳින් උකු වුන මිශ්‍රණය නිවෙන්නට හැර ජීවාණුහරණය කරගත් බෝතලයකට දමා ශීතකරණයේ තබන්න.
අන්නාසි, දිවුල්, ජම්බු වගේ පළතුරු ගෙවත්තේ තියනවා නම් ඔබට රස කිහිපයකට ජෑම් හදා ගන්න පුලුවන් වෙයි. මේ නිවාඩු කාලේ පොඩි අයව සතුටු කරන්න මේ වගේ රසවත් ජෑම් ගෙදරදීම හඳලා බලන්නකෝ...