මේ කළුතලවල බෙහෙවින් කොපර් අඩංගු නිසා හිසකෙස් සම්බන්ධ ගැටලු වලට හොඳ විසඳුමක් ලබා ගත හැක..
ඒවගේම පිලිකා අවධානම් සහ ශරීරයේ නම්‍යශීලී බව නොමැති අයට කළුතල බෙහෙවින්ම ප්‍රයෝජනවත් වේ..
කැල්සියම් සහ මැග්නීසියම් මෙන්ම මලබද්ධය ඇතිවීමට බලපාන එක් හේතුවක් තමයි මේ කොපර් ඌනතාවය..
දෛනික අවශ්‍යතාවය සඳහා ගන්නා තල මේස හැඳි 2 ක.. කැලරි ප්‍රමානය 100
ප්‍රෝටීන් ග්‍රෑම් 3
මේදය ග්‍රෑම් 9
කාබෝහයිඩ්‍රේට් ග්‍රෑම් 4
තන්තු ග්‍රෑම් 2 අඩංගු වේ..
තල මේස හැඳි 2 කින්, ඔබේ දෛනික අවශ්‍යතාවය සපිරෙන පෝෂණ ප්‍රමානය :-
කැල්සියම් 18%
මැග්නීසියම් 16%
පොස්පරස් 11%
කොපර් 83%
අයන් 15%
සින්ක් 9% ක් වේ
කොණ්ඩය පැසීමට හේතු වන මෙලනින් හිඟ කමේදී, එම මෙලනින් වර්ණකය නිපදවීමට හැකි කොපර් මූලද්‍රව්‍යය නිසා අකලට හිසකෙස් පැසීම නතර කිරීමේ හැකියාවකින් මේ කළු තල බොහෝ පොහොසත්ය..
ඒවගේම හිසකෙස් සම්බන්ධ ඕනෑම ගැටළුවක් මේ කළුතල ආහාරයට එක් කිරීමෙන් විසඳ ගන්නත් පුළුවන්..
ආහාරයට ගත හැකි ආකාරය :-
ගරා, අව්වේ හොඳින් වියළා, යන්තමට කබල් ගා ගත් කළු තල හොඳින් නිවෙන්නට හැර සුළං නොවදින පිරිසිදු වීදුරු බෝතලයක අසුරා තබාගෙන දවසකට මේස හැඳි දෙකක් බැගින් දිනපතා දවසේ ඕනෑම වේලාවක ආහාරයට ගත හැක..
ඔබට යම් යම් වෙනත් ආහාර සමගද මිශ්‍ර කර ආහාරයට ගත හැකිය..
මේ ප්‍රතිකාරය එක දිගට මාස තුනක්, හයක් පමණ කාලයක් කළ යුතු අතර, එයින් ඔබ ප්‍රතිඵල නොලදහොත් ඔබගේ ගැටලුවට හේතුව කොපර් ඌනතාවයක් නොවන බව වටහාගෙන වහාම වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්න..
මෙය උෂ්ණ ගතියෙන් යුක්ත ආහාරයකි,
ඒවගේම,හුස්ම ගැනීමේ අපහසුතා ඇති අය, වකුගඩු රෝගීන්, බඩ රිදීම හා වමනය ඇති අය භාවිතයට නොගනී,
උෂ්ණ ශරීර ඇති අයද දිනපතා නොගෙන සතියකට දින කිහිපයක් පමණක් භාවිතා කරන්න..
මස් මාංශ ආහාරයට නොගන්නා අයටද තම ශරීරයට අවශ්‍ය පෝෂණය සපයා ගත හැකි හොඳම මඟකි මේ කළු තල ආහාරයට එකතු කර ගැනීම..
ඉහත රෝග ඔබටත් ඇත්නම් ප්‍රතිකාර ලබන අතරතුර මාස කිහිපයක් කළුතල ආහාරයට ගෙන වෙනස වටහා ගන්න..
