මිනිසුන්ගේ ආශාවල් විවිධයි.. ඒ වගේම අවශ්‍යතාවත් විවිධයි.. මිනිස්සුන්ට තමන්ගේ අදහස් එක්ක නිදහසේ ජීවත් වෙන්න අවස්ථාවක් ලැබෙන්නම ඕන..
ඒත් මේ ඒ වගේ මිනිස්සු කොටසකට වෙච්ච අසාධාරණයක්..
අන්තර්ජාලයේ ඇති Ò Grindr Ò නම් යෙදවුමක් යොදාගනිමින් සමලිංගික පුද්ගලයින් ඇසුරට ඇල්මක් දක්වන් පුද්ගලයින් කූට ආකාරයෙන් පොළඹවා ගනිමින් ඔවුන්ගේ මුදල් සහ රන් භාණ්ඩ කොල්ලකන පුද්ගලයින් තිදෙනෙකු ගල්කිස්ස අපරාධ විමර්ශන අංශය විසින් ඊයේ අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස පොලිසිය පැවසුවා..
මීට පෙර ද මේ ආකාරයෙන් පුද්ගලයින් රවටා කොල්ලකන කණ්ඩායමක් අත්අඩංගුවට ගෙන ඇති අතර මොවුන් එම අත්අඩංගුවට ගත් පුද්ගලයින් සමඟ සමීපව ඇසුරු කර ඇති අතර පසුව දෙපිරිස අමනාප වී මෙම අපරාධකරුවන් තිදෙනා විසින් මෙම නවතම අන්තර්ජාල යෙදවුම මඟින් මේ ආකාරයෙන් පුද්ගලයින් කොල්ලකෑමට කටයුතු කර ඇති බවත් මෙය ඔවුන්ගේ පළමු කොල්ලකෑම බවත් පොලිස් ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වූ බවත් පොලිසිය ප්‍රකාශ කළා..
අන්තර්ජාලයේ ඇති මෙම යෙදවුම සමඟ එක්වන සමලිංගික පුද්ගලයින් සමඟ මෙම ජාවාරමේ නිරතවන කණ්ඩායමේ පුද්ගලයෙකු සැක නොසිතන ලෙස සුහදව කතබහකොට ලිංගිකව එක්වීමට ඇල්මක් දක්වන පුද්ගලයින් සොයිසාපුර මහල් නිවාසයක පෞද්ගලික නිවසකට රැගෙන ගොස් මෙම කොල්ලකෑම් සිදුකරන බව ගල්කිස්ස පොලිසිය ප්‍රකාශ කළ අතර, මෙම අන්තර්ජාල යෙදවුම මඟින් කොල්ලකරුවන්ට හසුවූ වයස අවුරුදු 28ක් වන ගල්කිස්ස ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු ඉකුත් පෙබරවාරි 22 වන දින ගල්කිස්ස පොලිසියට කළ පැමිණිල්ලක් මත මෙම සැකකරුවන් අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස පොලිසිය පවසනවා..
පැමිණිලිකරු ප්‍රකාශ කර ඇත්තේ මෙසේ මෙම කණ්ඩායමේ පුද්ගලයෙකු තමාව ඔවුන්ගේ සොයිසාපුර මහල් නිවාසයක පිහිටි නිවසකට ගෙන්වා ගැනීමෙන් පසුව එම යෙදවුම මඟින් කතාබහ කළ පුද්ගලයා සමඟ ලිංගිකව හැසිරීමට කටයුතු කරන බවයි..
පසුව මඳ වේලාවකින් තවත් පුද්ගලයින් දෙදෙනෙකු එම ස්ථානයට පැමිණ එහි ලිංගිකව හැසිරෙන ඔවුන්ට බැණ වැදී පහර දෙන ආකාරයට හැසිරී ඔවුන්ගේ සහෝදරයා බලහත්කාරයෙන් පොළඹවා ගෙන ඔහු සමඟ ලිංගිකව හැසිරෙන බව පවසා පැමිණිලිකරුට තර්ජනය කර ඇති බව පොලිසිය ප්‍රකාශ කළා..
පසුව අදාළ සමරිසි පුද්ගලයාගේ නිරුවත් ජායාරූප ගෙන තර්ජනය කොට අන්තර්ජාලයට මුදාහරින බව පවසා එසේ නොකර සිටීමට නම් මුදල් දෙන ලෙස පවසා තිබුණා..
අනතුරුව පැමිණිලිකරුගේ ATM කාඩ්පත රැගෙන ගොස් සොයිසාපුර ප්‍රදේශයේම ATM යන්ත්‍රයකින් රුපියල් එක්ලක්ෂ තුන්දහසක (103,000/-) මුදලක් කොල්ලකා ඇති බව පොලිසිය පවසනවා..
මෙසේ අන්තර්ජාල යෙදවුමක් මඟින් පුද්ගලයින් රවටා මුදල් කොල්ලකන අපරාධකරුවන් තිදෙනා වයස අවුරුදු 17, 20 සහ 39 යන වයස් මට්ටම්වල සිටින බොරුපන සහ සොයිසාපුර ප්‍රදේශයේ පදිංචිකරුවන් බව ගල්කිස්ස පොලිසිය පැවසුවා..