සුජීව ප්‍රසන්න ආරච්චි , මධාරා වඩුගේ.. ඒ දෙන්නාගේ ආදරණීය දියණිය තමයි දෙව්මිණී කියන්නේ.. ඉතින් ගොඩක් ලස්සන අපූරු විවාහ මංගල්‍ය උත්සවයක් පසුගිය දවසක පැවැත්වුණේ දෙව්මිණීගේ හිතේ තිබුණ දහසකුත් බලාපොරොත්තු මල්පළ දරමින්..
ඉතින් මේ ලස්සන දවසට කලාතරු ගොන්නක් එක්වෙලා හිටියා... කොහොම වුණත් මේ කියන්න යන්නේ නම් වෙන කතාවක්..
අවුරුදු ගාණකට කළින් සුජීව - මධාරා යුවලගේ විවාහයේ පෝරුවේ චාරිත්‍රවල මතකය ඒ විදිහටම ආයේත් මේ විවාහයේදීත් අවධිවෙලා..
මේ ඒ ගැන මුහුණුපොතේ පළවුණ සටහනක්..
"මේකනම් අපි කාටත් අමතක නොවන සටහනක්.. මදාරා සුජීවගේ විවහා මංගල්‍යයෙත් පොල් ගෙඩිය බින්දෙත් අපේ ප්‍රියනාත් විසිනුයි (හොදටම බිදුනා )මේ පාර ආදරනීය දියණිය දෙව්මිණී සහ හේමාල් පුතා ගේ පොල්ගෙඩිය බින්දෙත් ඔහු විසින්මයි.. මේක හරිම ආදරනීයයි, ස්තුතියි චුටීට සුජී සහ වඩුගේ අයියා ට පරන මතකයන් අලුත් කරාට "
